ඔබතුමා බාලාපොරොත්තු උන මුදල් ප්‍රමාණය ආයෝජනය කරන්න පුලුවන් අයට ඊට වඩා හොද ආයෝජනය ක්‍රම තිබුන නිසා තමයි ආයෝජකයින් ආවේ නැත්තෙ.
සරලව කිව්වොත් ඔයා ලක්ෂ 200 ආයෝජනය කරලා මාසෙකට ලක්ෂ 5 ක් වගේ දෙන්න සැලසුම් කලේ.
ඒත් ලක්ෂ දෙසීයක් හොයපු කෙනෙකුට ලක්ෂ පහක් සදහා එච්චර කැපකිරීමක් කරන්න අවශ්‍ය නෑ.
ඔයා මේ වගේ කලා නම් ඊට වඩා සාර්ථක වෙන්න තිබුනා.
ලක්ෂ 5 ඉන්වෙස්ට් කරලා මාසෙට රුපියල් 10 000 වගේ රිටන් එක දෙන්න.
මේ වගේ සාමජිකයන් සංඛ්‍යාව වැඩි කලා නම් ඔයා ලක්ෂ 200 ට ලක්ෂ 500 ක් හොයලා. අර මිනිස්සු මාසිකව කීයක් හරි හොයාගෙන.
ස්මාට් වෙන්න ඕනේ බිස්නස් කරන කොට.
තේරුණා ද. මට කම්මැලි නිසා කෙටුවෙ.
ලක්ශ 200ට ලක්ශ 5ක් කියන්නේ 2.5%ක්
අවුරුද්දට 30%
සාර්තකව කරන රිස්ක් අඩු බිස්නස් එකක ආයෝජනයකට මාසෙකට 2.5% දෙනවා කියන්නේ සැහෙන්න හොද ගානක්.
මෙහෙ අපිට චෙක් එකක් මාරුකරගත්තොත් මාසෙකට 3%යි යන්නේ. ලක්ශ 30ක් 40ක් එහෙම ගන්න පුලුවන්.
චෙක් එක දීලා සල්ලි ගන්න විතරයි තියෙන්නේ.
පස්සේ මම ලෝන් එකක් ගත්තා 18%ට ඒක ගෙව්වා.
දැන් ලෝන් එක දෙන්න අහනවා 11%ට ඒත් මම ගන්නේ නෑ.
දැන් මට ෆර්නිචර් බිස්නස් එකට සල්ලි අවශ්‍යය නෑ.
මම වාහන සේල් එකක් පටන් ගන්නවා.
ඒක කරන්නේ ලෝන් එකක් අරන්.
තව වැඩිපුට වාහන කීපයක් දාන්න ඉඩ තියෙන නිසා වාහන වලට ආයෝජනයක් ආවොත් ගන්නවා.
එක එක වාහනේට ආයෝජනය කරැකි.
ලක්ශ 70 වාහනෙන් ලාබේ තියෙන්නේ ලක්ශ 4ක් වගේ. ඕකෙන් 50% කියන්නේ ලක්ශ 2යි. මාස 3ක කාලයක් යනවා එක වාහනයක් ගෙනත් විකුනන්න. එහෙම බැලුවම මාසෙට ලැබෙන්නේ 1% වගේ ගානක්.
රිස්ක් එක අඩුවෙන්න අඩුවෙන්න ලාබේ අඩුයි. ඕකයි සීන් එක.
උඹ ලී වැඩ බිස්නස් ඵකකුත් කරා නේද.. දියුණු වෙන්න හෙනම ගේමක් දෙන ඵකෙක් වගේ.. ඵළ ඵළ..good luck..

අවුරුදු 10දි සල්ලි හොයන්න පටන් ගත්තේ. මුලින්ම කලේ කෑමමේස පුටු කුශන් කරපු එක. ඉටපස්සේ රස්සා සැහෙන ප්‍රමානයක් බිස්නස් සැහෙන ප්‍රමානයක් කලා. අන්තිමට නවතින්න බලාපොරොත්තු වෙන්නේ වාහන සේල් එකකින්.
ලංකාවේ තැම්පතු පොලි වැඩි නිසා ඊට ගොඩක් ලොකු return එකක් ලැබෙන business එකක ඇර පොඩි වාසියට සල්ලි දාල රිසක් ගන්න එක පාඩුය්..
ඕක තම 95% හේතුව.
වෙන රටවල බැංකු පොලි ගොඩක් අඩු නිසය් මිනිස්සු low return investment වලටත් යන්නේ..
ඔය නිසාම පිටරටවල එවුන් ලංකාවේ එවුන්ට වඩා ගොඩක් scam වලට අහු වෙනවා.. විශේෂයෙන් ගෙදර ඉඳන් සල්ලි හොයන්න බලන retired වයසක මිනිස්සු එහෙම..
මම මාසෙකට 2.5%ක් අවුරුද්දකට 30%ක් දෙන්න හදපු 2012 ඉදන් කරන රිස්ක් අඩු බිස්නස් එකටත් ආයෝජනයක් ලැබුන් නෑ.
හැබැයි මට හිතෙනවා 1% ලැබෙන වාහන බිස්නස් එකට අවුරුද්දක් දෙකක් යද්දි ආයෝජනයක් ලැබෙයි කියලා. මිනිස්සු ආයෝජනය කරන්න අහන් එන සීන් එකක් තියෙන්නේ.
------
Post added on Feb 7, 2026 at 9:40 AM