Invitation (home comming)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරෙ කරලා ආදරෙ ලබලා...
    අපි දෙන්නා එක් වෙන්නට කියලා....
    නැකතක් බලලා දිනයක් හොයලා...‍
    මගුලක් ගත්තේ දෙගුරුන් වැදලා....‍

    ආදරයෙන් අපි එක්වූ හින්දා...
    මගේ බිදින්දෑ එන්නට කැන්දා...
    මාලය බන්දා සේලය අන්දා...
    දවසක් යොදමින් ඇරයුම් බැන්දා...

    දුරුතු මහේ දා හත්වෙනිදා දින...
    හවස හයේ සිට පැවතෙන සාදෙට...
    ඔබ ඔබ දෙපලට ඔබ සැමදෙන හට...
    මෙයින් අවසරයි අපගේ නිවසට...

    කා බී ස‍තුටින් තාලෙට නටමින්..
    පැරණි හිතවතුන් හා පිළිසදරින්...
    ප්‍රීති ප්‍රමෝදෙන් ඉන්නට මෙලෙසින්...
    ඇරයුම් කරනෙමු හද පිරි බැතියෙන් !

    ලිපිනය --

    9-Homecoming_invitation_created_by_3N_events.jpg


    නුදුරු අනාගතයේ විවාහ වෙන අපේම එළකිරි සොයුරෙක් වෙනුවෙනි :)
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනාරාධිතව පැමිණියෙමි...:P
    (You must spread some Reputation around before giving it to Dinushasankalpa again.)
    අයිතිකාරයා ලියන්න කිව්වා විතරයි.. ලිව්වා.. මූ මොනවා කියයිද දන්නෑ ‍මේ ක දැකලා :rofl: