මේකට උත්තරයක් දෙන්න නම් පොඩ්ඩක් අමාරුයි දැනට තියෙන Computer එක මොකද්ද කියල හරියට පැහැදිලි නැති නිසා.
පළවෙනිම කාරණාව තමයි... iOS Platform App Development කරන්න පාවිච්චි කරන්නේ මොන Development Programming ක්‍රමය අනුවද කියන එක. ඒ කියන්නෙ... App Develop කරන්න ප්‍රධානව ක්‍රම 2 ක් තියෙනව.
1. Hybrid Development
2. Native Development
Development පහසුව, Cross Platform Support කියන කාරණාව මත වැඩි දෙනෙක් Hybrid ක්‍රමය පාවිච්චි කරනව. ඒකට නම් සාමාන්‍යයෙන් 8GB වගේ ප්‍රමාණවත් මුලදි. Simulators වගේ දුවන්නත් ඇති. නමුත් Loading time එක ටිකක් යන්න පුළුවන්. SSD වගේ දාල තියෙනව නම් තව ටිකක් වේගවත් වේවි. Processor එක i5 හෝ ඊට වැඩි නම් වඩාත් හොඳයි.
Native Development වලදි කලින් ක්‍රමයට වැඩ කරන්න බැහැ. නමුත් අලුතින් ඇවිත් තියෙන Flutter වගේ Development Kit වලින් Native Function Support Wrapper System එකක් එක්ක Web Technology එකතු කරල develop කරන ක්‍රම තියෙනව නමුත් ඒක 100% ක් Native නෙමෙයි. 100% ක්ම Native Development කරනව නම්, iOS Development කරන්න Mac එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙ. Wndows වල කරන්න බැහැ. Compiler එකට අනිවාර්යෙන්ම X Code පාවිච්චි කරන්න වෙනව. ඒකට MacOS එක ඕනෙ.
සාමාන්‍යයෙන් Mac එකක වුනත්, Ram එක අවම 16GB වත් තියෙනව නම් වඩාත් හොඳයි. අලුත්ම Mac M1 Chip එකට ආපු ඒව නම් කලින් ඒවට වඩා සෑහෙන speed ඒකකට යන්න පුළුවන් නම් බලන්න. Smooth එකට ගොඩක් දේවල් Testing වගේ බලන්න පුළුවන් ගොඩක් බර UI Elements එන්නෙ නැතුව. ඒත් Development එක කරගෙන යන්න බැරිකමක් නැහැ. පටන්ගන්න මුල් කාලෙදි 8GB ඇතිවෙයි ගොඩක් දුරට ඒත් වඩාත් සුදුසුයි 16GB.
දැනට කියන්න පුළුවන් ඒ ටික තමයි.