iPhone හදන්න විඳින දුකක්..

thiwanka000

Active member
  • Apr 15, 2014
    434
    185
    43
    iPhone හදන්න විඳින දුකක්..

    iPhone හදන්න විඳින දුකක්
    chathura3.jpg


    අපි අද පාවිච්චි කරන නවීන ස්මාට් ජංගම දුරකථන, අයි ෆෝන්, අයි පෑඩ් හරිම ආකර්ශණීය වුණාට ඒවා නිපදවන මිනිසුන්ගේ කතාව නම් ඒ තරම් ලස්සන නෑ.

    මේ පුංචි තැනක රස්සාවක් එහෙම නෙවෙයි. චීනයෙ මහ විශාල කම්හලක රස්සාවක්. උදේ 8.10 ට කම්හලේ සේරම සේවකයො එක තැනකට එන්න ඕන. මේ අවුරුදු දහ අටට අඩු අය, ගැබිණි මාතාවන්, පාසල් ගාස්තු හොයාගන්න ටික කාලයක් පාසලෙන් අයින් වෙලා වැඩට එන ලාබාල තරුණ දරුවෝ පවා මේ සේවක එකතුවේ ඉන්නවා. අටයි දහයට එක තැනකට එකතු වුණ මේ සේවකයො “වැඩ වල උසස් තත්වය පවත්වගෙන යන බව, මහන්සි වෙලා වැඩ කරන බව, එකමුතුව වැඩ කරන බව“ වගේ තවත් ආදර්ශ පාඨ හඩ නගලා කියමින් දිවුරුම් දෙන්න ඕන. උදේම තියෙන ඒ “උදය රැස්වීමෙ“ කාලය විනාඩි විස්සක්. ඒ විනාඩි විස්සට වැටුප් ලැබෙන්නෙ නෑ. 8.30 ට හරියට වැඩ පටන් ගන්නවා.

    දවසේ වැඩ කරන පැය ගාණ පැය දොලහක්. ඒ පැය දොලහට කෑම වෙලාවක් තේ වෙලාවක් තියෙනවා. විනාඩි අනූවක්. කෑම කන්නෙ කෑම කන ශාලාවෙ ඉදන් විතරයි. වැඩ කරන වෙලාවේ කතා කරන්න බෑ. ඉදගෙන ඉන්න තැනින් නැගිටින්න බෑ. වැඩ කරන තැන වතුර බෝතලයක්වත් තියා ගන්න බෑ. ජංගම දුරකථන පාවිච්චියත් තහනම්. වැසිකිලියට යන්න, වතුර බොන්න යන්න වැඩ ප්රධානියාගෙන් අවසර ගන්න ඕන. එක වතාවකට එක්කෙනයි. දෙන්නෙකුට එක වෙලාවක මේ අවශ්යතා ඇති වෙන්නත් බෑ. කරන්න තියෙන වැඬේ තමයි අයි ෆෝන්, අයි පෑඞ් වල පසුපස කවරය ඇමුණුම් කරන එක. එක්කෙනෙක් දවසකට අයි ෆෝන් 600 ක කවර අමුනන්න ඕන.
    apple%2Bfactory%2Bworkers%2Bby%2Baluth.com.jpg

    කවුරු හරි කතා කරනව ඇහුනොත්, කවුරු හරි තමන් ඉන්න තැන ටිකක් හරි අපිරිසිදු කරල තිබුනොත්, ඒ මුලු ශාලාවෙම ඉන්න සේවකයින්ට දඩුවම් විදින්න සිද්ද වෙනවා. දඩුවම තමයි කිසිම ගෙවීමක් නැතිව පැයක් අතිකාල සේවය කරන්න සිද්ධ වෙන එක. වැඩ බිමේදී අමුත්තන් මුණ ගැහීම තහනම්. ඕපාදූප කතා කිරීම තහනම්. ලැබෙන පඩිය ගැන කාත් එක්කවත් කතා කිරීමත් තහනම්. දුම්බීමත් තහනම්. පත්තර අත්පත්රිකා හුවමාරු කරගැනීමත් තහනම්. වැඩ වර්ජන උද්ගෝෂණ සපුරා තහනම්. රෑ 8.30 ට වැඩ ඉවර වෙනවා. ඊට පස්සේ හැන්දෑවේ රැස්වීම. ඒ රැස්වීම නවය වෙනකල් තියනවා. ඊට පස්සේ පැයක දෙකක අතිකාල වැඩ. ලැබෙන පඩියෙ හැටියට අතිකාල වැඩ නොකර යන්තම් කාල ඇදල ඉන්නත් බැරි තරම්. සතියකට වතාවක් ඇපල් සමාගමේ වැඩ පරික්ෂක වරුන්ට යවන්න අතිකාල වාර්තාවක් අත්සන් කරලා දෙන්නත් ඕන. ඒ වාර්තාවේ තියෙන්නෙ නම් අතිකාල පැය 10 ක්. ඒත් අතිකාල වැඩ කරන්න සිද්ද වෙන පැය ගණන නම් සතියකට පැය විස්සකටත් වැඩියි. අතිකාල වැඩත් ඉවර වෙලා නවාතැනට යන්න පුලුවන් රෑ
    11.00 ට විතර.

    නවාතැන් පහසුකම් නම් ආයතනයෙන්ම දෙනවා. ඒ නවාතැනක එක කාමරේ එකොලොස් දෙනෙක්. එක වැසිකිලිය, එක නානකාමරය සිය ගණනක් පාවිච්චි කරනවා. නවාතැනේත් නීති රීති තියනවා. සුරතල් සතුන් ඇති කිරීම තහනම්. මත්පැන් පාවිච්චිය තහනම්. සදලුතල වල සිටගෙන සිටීම තහනම්. කාමර හෝ ඇදවල් මාරු කරගැනීම තහනම්. මේ චීනයේ විශාලතම අයි ෆෝන් නිපදවෙන කම්හලක සේවකයෙකුගෙ දින චරියාව. මේ විස්තරය සකස් කරල තියෙන්නෙ
    China Labor Watch කියන රාජ්ය නොවන සංවිධානය කරපු අධ්යයනයකින්. මේ අධ්යයනයට China Labor Watch කරුණු එකතු කරගත්තෙ Microsoft, Dell, Hp සහ Apple
    කියන ප්රකට සමාගම් වලට අයි ෆෝන් නිපදවන චීනයේ ප්රකට කර්මාන්තශාලා තුනකින්.
    Foxconn%2Bcompany%2Bchina%2Bby%2Baluth.com.jpg




    අපි අද පාවිච්චි කරන නවීනතම අයි ෆෝන්, අයි පෑඩ් ඇමරිකානු සමාගම් වල නිර්මාණ වුණත් ඒවා නිශ්පාදනය කෙරෙන්නේ චීන කර්මාන්තශාලා වල. අයි ෆෝන් ජංගම දුරකථන කොටස් නිශ්පාදනය සහ එකලස් කිරීම තමයි මේ කර්මාන්ත ශාලා වල සිද්ධ වෙන්නෙ. මේ කර්මාන්ත ශාලා වල සේවයට එන්නෙ චීනයේ දුප්පත්ම ගම්මාන වලින් රස්සා හොයාගෙන එන රැකියා නැති තරුණ තරුණියෝ. මේ කර්මාන්ත ශාලා වල ඒ සේවකයින්ට වැඩ කරන්න සිද්ධ වෙන්නේ හරිම දුෂ්කරතා මැද. ජීවත් වෙන්න කොහෙත්ම සෑහෙන්නෙ නැති තරම් අඩු පඩියකට. ඒ අයගෙ මාසික වැටුප ගොඩක් වෙලාවට මාසයකට ඩොලර් 250ක් විතර ඇති. හැබැයි සතියකට දවස් හයක්, දවසකට පැය දොලහක් එක හුස්මට වැඩ. මේ මුදලට වඩා කීයක් හරි අමතර ගානක් උපයා ගන්න මේ සේවකයෝ තවත් පැය කීපයක්වත් අතිකාල සේවයත් කරනවා. ඒ කියන්නෙ දවසකට පැය පහලවක් විතර මේ සේවකයෝ වැඩ.

    චීනයේ කම්කරු නීති උල්ලංඝනය කරමින් මේ කම්හල් වල බාලවයස්කාර සේවකයිනුත්, ගැබිණි මව්වරුත් බොහොම වෙහෙසකාරී විදිහට අතිකාල සේවයේ යොදවනවා කියලත් China Labor Watch සදහන් කරනවා. ඒත් මේ එක කම්හලක සේවකයින් ලක්ෂයකට වැඩි පිරිසක්වත් සේවය කරන බව තමයි වාර්තා වෙන්නේ. මේ සේවකයින්ට නවාතැන් පහසුකම් දෙන්නෙත් ඒ ආයතන වලින්මයි. ඒ නවාතැන් වල තත්වයත් කොහෙත්ම සතුටුදායක නැහැ. සේවකයින් දහස් ගණනක් නවාතැන් ගන්න මේ නවාතැන් වල එක කාමරයක අට දෙනෙක් දොලොස් දෙනෙක් නිදාගන්නවා. පෞද්ගලිකත්වය රැකෙන නානකාමරයක් වැසිකිලියක් නෑ. ඒවාත් පොදු ස්ථාන. එක වතාවකට විසි දෙනෙක්වත් එකට නාගන්න, ශරීර කෘත්යය කරගන්න ඕන. තත්වය එහෙම වුණත් මේ නවාතැන් පහසුකම වෙනුවෙනුත් ඔවුන්ට ලැබෙන පඩිපතෙන් ඩොලර් දාසයක් අය කරගැනෙනවා.
    foxconn-dorms%2Bby%2Baluth.com.jpg

    මෙහෙම දුෂ්කරතාවන් විදගෙන කරන රැකියාව වුණත් ස්ථිර නැහැ. අයි ෆෝන් වලට ඉල්ලුම අඩු කාලයට මේ කම්හල් සේවකයින්ගෙ රැකියා අවදානමේ. ඒත් අයි ෆෝන් වලට, ටැබ් වලට ඉල්ලුම වැඩි වෙන කාලයට චීනයේ පතල් කම්කරුවන්ව පවා මේ කම්හල් වල දුෂ්කර සේවයට ගෙන්නා ගැනෙන බව Wall Street Journal ඉදිරිපත් කරන නව වාර්තාවේ සදහන් වෙනවා. දුප්පත්කම නිසා කොහොම හරි මේ රැකියාව කරන්නත් සිද්ධ වෙන, ඒත් රැකියාවේ තියෙන වෙහෙසත් මානසික පීඩනයත් දරාගන්න බැරි සමහර සේවකයින් සිය දිවි නසාගන්නත් පෙළඹෙනවා. පහුගිය කාලෙ Foxconn කර්මාන්ත ශාලාවත් විශාල ආන්දෝලනයකට ලක් වුණේ ඒ ආයතනයේ සේවකයින්ගේ සියදිවි නසාගැනීම් සංඛ්යාව වේගයෙන් ඉහල ගිය නිසා. පීඩනය දරාගන්න බැරි තරම් නිසා සේවකයින් ආයතනයෙ ඉහල මහල් වලින් බිමට පැනලා සිය දිවි නසාගන්න පටන් ගත්තා. මේ සියදිවි නසාගැනීම් සංඛ්යාව ඉහල යන්න පටන් ගත්තාම කර්මාන්ත ශාලාවෙ පරිපාලනය කළේ සේවකයින්ට සියදිවි නසාගන්න බිමට පනින්න බැරි වෙන විදිහට කර්මාන්ත ශාලාවෙ කවුළු වලට යකඩ කම්බි වලින් ආවරණය කරපු එක.
    Nets%2Bto%2Bprevent%2Bworkers%2Bfrom%2Bjumping%2Bto%2Btheir%2Bdeaths%2Bare%2Bpictured%2Boutside%2Bone.jpg

    Suicide%2Bnets%2Bin%2BChinese%2Bfactories.jpg




    කොහොම වුණත් මේ Foxconn ආයතනය සේවකයින් මිලියනයකට විතර රැකියාව සපයපු තැනක්. මිලියන හයක විතර ජනතාවක් ඉන්න ෂොන්ග්ෂොවු නගරයේ මැද්දෙ තියෙන මේ අතිවිශාල අයි ෆෝන් කර්මාන්ත ශාලාවෙ ඒ පලාතෙ ඉන්න දුප්පත්ම මිනිස්සු මිලියනයකට විතර රස්සාව කරනවා. මේ නිසාම ෂොන්ග්ෂොවු වලට “අයි ෆෝන් නගරය“ කියලත් කියනව. මේ අයි ෆෝන් නගරයෙ දවසකට අයි ෆෝන් ලක්ෂ පහක්
    (500,000) නිපදවෙනවා කියලයි කියන්නෙ.

    Foxconn,Pegatron වගේ මහාපරිමාණ අයි ෆෝන් නිශ්පාදන කර්මාන්ත ශාලා ගොඩක් චීනයේ තියෙනවා. ඒ කර්මාන්ත ශාලා වල සේවකයින්ගෙ ජීවිත වල නම් ලොකු වෙනසක් නෑ. දවසකට අයි ෆෝන් සිය ගණනක් හැදුවත්, තමන්ටම කියලා අයි ෆෝන් එකක් මිලදී ගැනීම නම් මේ කම්හල් සේවකයින්ට ජීවිතය පුරාම හැබෑ කරගන්න බැරි හීනයක්. ඒ තරම්ම ඔවුන්ගේ ජීවිත දුක්බරයි. ඒ මිනිසුන්ගේ මහන්සිය, දුක, වේදනාව, පීඩනය ඔබේ අතේ ඔය තියෙන වටිනා අයි ෆෝන් එකෙත් ඇති.

    නිම්මි මුදිතා හේරත්-දිවයින
    Source: http://divaina.com/daily/index.php/visheshanga3/1640-2017-10-23-14-32-5
     
    • Like
    Reactions: Reebat

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕව අරන් පාවිච්චි කරන එවුන්ට හිටන් හෙන ගහනව ඉතින් ..කඩේ යන එවුන්ට නම් වලටත් හෙන ගහනව :P
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඕක iPhone වල අවුලක් නෙමෙයි..
    ඉන්දියවේ චීනේ වගේ රටවල ජනග්‍රහනය වැඩියි ඒ රටවල මිනිස් ස්‍රමය ගොඩක් ලාබයි..
    ඉතින් ඒවගේ රටකට දීලා ෆෝන් ටික හදවගන්නවා.
    ලන්කාවේ ඇගලුම් කර්මාන්තේ වගේ...
    (මම දන්න ලන්කාවේ ඇගලුම් කම්හලක් තියෙනවා ඇමරිකන් කම්පනි එකක්.. ඒක පටන් ගත්ත දවස්වල (ගොඩක් ඉස්සර ) සුලු සේවකයෙකුට (අතුගාන අයෙකුට) මූලික වැටුප රුපියල් 14000ක් ගෙවන්න ලෑසිතිවෙලා ඒත් ලන්කාවේන් එක්කට කැමති වෙලා නෑ..)
    මේ වයෙත් ඒ වගේ ඇති..
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕව අරන් පාවිච්චි කරන එවුන්ට හිටන් හෙන ගහනව ඉතින් ..කඩේ යන එවුන්ට නම් වලටත් හෙන ගහනව :P

    සැම්සුන් ෆෝන් හදන මිනිස්සුන්ට නම් දවසට පැය හයලු වැඩ..ඒකෙත් පැය එකහමාරක්ම දවල් කෑමයි තේ ටයිම් එකයි.. ෆැක්ටරි එක ඇතුලෙ සූස්තියක් ගහන් ආතල් එකේ ඉන්න පුලුවන්.. චූ දාන්න ඕනෙ නම් එතනම හරි අවුලක් නෑ..

    අනික ක@රි පඩිලු.. මාසෙට ඩොලර් 1000ක්..
    සතියට දවස් 5නෙ වැඩ.. ඒකෙත් බදාද උදේ වරැව නිවාඩුලු..

    ඇපල් වලට බෑනේ යකෝ සැම්සුන් එකේ වගේ මිනිස්සුන්ට සලකන්න :angry::angry::angry:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕක iPhone වල අවුලක් නෙමෙයි..
    ඉන්දියවේ චීනේ වගේ රටවල ජනග්‍රහනය වැඩියි ඒ රටවල මිනිස් ස්‍රමය ගොඩක් ලාබයි..
    ඉතින් ඒවගේ රටකට දීලා ෆෝන් ටික හදවගන්නවා.
    ලන්කාවේ ඇගලුම් කර්මාන්තේ වගේ...
    (මම දන්න ලන්කාවේ ඇගලුම් කම්හලක් තියෙනවා ඇමරිකන් කම්පනි එකක්.. ඒක පටන් ගත්ත දවස්වල (ගොඩක් ඉස්සර ) සුලු සේවකයෙකුට (අතුගාන අයෙකුට) මූලික වැටුප රුපියල් 14000ක් ගෙවන්න ලෑසිතිවෙලා ඒත් ලන්කාවේන් එක්කට කැමති වෙලා නෑ..)
    මේ වයෙත් ඒ වගේ ඇති..

    :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    සැම්සුන් ෆෝන් හදන මිනිස්සුන්ට නම් දවසට පැය හයලු වැඩ..ඒකෙත් පැය එකහමාරක්ම දවල් කෑමයි තේ ටයිම් එකයි.. ෆැක්ටරි එක ඇතුලෙ සූස්තියක් ගහන් ආතල් එකේ ඉන්න පුලුවන්.. චූ දාන්න ඕනෙ නම් එතනම හරි අවුලක් නෑ..

    අනික ක@රි පඩිලු.. මාසෙට ඩොලර් 1000ක්..
    සතියට දවස් 5නෙ වැඩ.. ඒකෙත් බදාද උදේ වරැව නිවාඩුලු..

    ඇපල් වලට බෑනේ යකෝ සැම්සුන් එකේ වගේ මිනිස්සුන්ට සලකන්න :angry::angry::angry:

    තව ටිකක් පොටො විස්ත්‍ර ඇතුව හරියට දාපන් බලන්න :rofl: