iPhone 6s,6s Plus හඳුන්වා_දෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    iPhone 6s,6s Plus හඳුන්වා_දෙයි

    iPhone 6s සහ 6s Plus හඳුන්වා දෙයි, මෙවර ‘රෝස’ පාටිනුත්


    වසරකට පෙර Apple සමාගම හඳුන්වා දුන්නා iPhone 6 සහ 6 Plus දුරකථන. ඒ ඔවුන්ගේ විශාලතම තිරයන්ගෙන් යුතු දුරකථන වුණා. අඟල් 4 සිට අඟල් 4.7 සහ 5.5 දක්වා වර්ධනය කළා. ඊයේ දිනයේදී ඔවුන් තම නවතම iPhone දුරකථන වෙළඳපොළට නිකුත් කළා. ඒ iPhone 6s සහ 6s Plus ලෙසින්. මේ දුරකථන දෙකම මෙතෙක් පැවති iPhone වලට බොහෝ සෙයින් සමාන ලෙස නිර්මාණය කර තිබෙනවා. නමුත් අන්තර්ගතයන්ගේ සිදු කර ඇති වෙනස්කම් රැසකින් මෙම උපාංග සමන්විත වෙනවා. ඒ බව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, Tim Cook ගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙනවා.

    While they may look the same, we’ve worked hard to change everything

    නව iPhone දුරකථන සකසා ඇත්තේ විශේෂ ඇලුමිනියම් සහ සමාගමට අනුව දැනට ජංගම දුරකතනයක පවතින ශක්තිමත්ම වීදුරු වලින්.


    screen_shot_2015-09-09_at_11.30.11_am_story.jpg


    විශේෂත්වයක් තමයි මෙවර iPhone දුරකථන වර්ණ 4 කින් ලබා ගත හැකි වීම. ඒ Silver, Gold, Space Grey සහ නව Rose Gold (pink) වර්ණ වලින්. බලාපොරොත්තු වූ ලෙසටම 6s and 6s Plus, pressure-sensitivity තිරයන්ගෙන් සමන්විතයි. මෙහිදී භාවිත කරන්නේ වසරේ මුල 12-inch MacBook සඳහා හඳුන්වා දුන් ‘Force Touch’ තාක්ෂණයයි.


    screen_shot_2015-09-09_at_11.32.35_am_story.jpg


    නව උපාංග සම්පූර්ණයෙන් නවීකරණය වූ iSight කැමරාවකින් යුක්තයි. එය මෙගා පික්සල් 12 කින් යුක්ත වන අතර ප්‍රථම වතාවට 4k resolution වීඩියෝ සැකසිය හැක. ඒවාගේම මෙගා පික්සල් 5 ක ඉදිරිපස කැමරාවකින් යුක්තයි.


    screen_shot_2015-09-09_at_11.56.10_am_story.jpg


    නව උපාංග A9 processor කින් යුක්තයි. මෙය පෙර පැවති චිපයට වඩා 70% කින් වේගවත්ය. නවීකරණය කල දෙවන පරපුරේ Touch ID sensor එකකින්ද මේ උපාංග සමන්විතයි. නවතම iPhone හඳුන්වා දීම සමඟ සිදු වූ තවත් එක් වැදගත් කාර්යයක් තමයි iOS 9 නිල වශයෙන් හඳුන්වා දීම. දැන් ‘Siri’ තව දුරටත් බුද්ධිමත්.


    screen_shot_2015-09-09_at_11.33.23_am_story.jpg


    නවතම charging docks, දුරකතනයේ වර්ණයට ගැලපෙන පරිදි මිලදී ගැනීමට හැකි වේවී. Australia, Canada, China, France, Germany, Hong Kong, Japan, New Zealand, Puerto Rico, Singapore, United Kingdom සහ United States යන රටවල් වල සැප්තැම්බර් 12 සිට pre-order කල හැකි අතර September 25 අපනයනය ආරම්භ කරනු ඇත. ක්‍රමයෙන් රටවල් 130 ක දුරකථන සැපයුම්කරුවන් 400 ක් පුරා විහිදෙනු ඇත.


    apple-2015-04_story.jpg



     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ei bn meke gana 199$ kiyala dala tiyenne apinganna giyama e wage thun gunayk witara wenwane bn

    oya gana contract walata ganna kota.me thiyenne price.

    iPhone 6s 16GB: $200 on contract, $650 full retail
    iPhone 6s 64GB: $300 on contract, $750 full retail
    iPhone 6s 128GB: $400 on contract, $850 full retail
    iPhone 6s Plus 16GB: $300 on contract, $750 full retail
    iPhone 6s Plus 64GB: $400 on contract, $850 full retail
    iPhone 6s Plus 128GB: $500 on contract, $950 full retail
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    oya gana contract walata ganna kota.me thiyenne price.

    iPhone 6s 16GB: $200 on contract, $650 full retail
    iPhone 6s 64GB: $300 on contract, $750 full retail
    iPhone 6s 128GB: $400 on contract, $850 full retail
    iPhone 6s Plus 16GB: $300 on contract, $750 full retail
    iPhone 6s Plus 64GB: $400 on contract, $850 full retail
    iPhone 6s Plus 128GB: $500 on contract, $950 full retail

    machn iphone 6 Plus eke ganan komda? :)