අල්ලපු රට හින්දා ලියන්න හිතුනා , සංවේදී කථාවක්
ජීවිතේ ඉල්ලලා මහපාරේ ම්නිස්සු මැරෙන කොට ඔක්සිජන් ඉල්ලලා වෛද්‍යවරු අඩන කොට , ක්‍රීඩකයන්ට දේවත්වයෙන් සලකපු මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ පාරේ මැරෙන කොට ඒ ක්‍රීඩකයන්ට සල්ලි වලට ක්‍රිකට් ගහන්න තරම් සෙල්ලම් කරලා සතුටු වෙන්න තරම් ඒ ක්‍රීඩකයන් කොහොම මිනිස්සු වෙන්න ඇත්ද ?
මහත්වරුන්ගේ ක්‍රීඩාව ඕක නම් ,මම මහත්මයෙක් වීම මට ලැ ජ්ජාවක් , අද ක්‍රිකට් කියන්නේ ඕකට ඉන්දියාව ශ්‍රීලංකාව කියලා වෙනසක් නැ , ලංකාවේ oxygen ventilator හිගයක් ආපු වෙලාවේ අහිංසක මිනිස්සු පරිත්‍යග කරන කොට ලංකාවේ කෝටිපති ක්‍රීඩකයෝ කොහෙද හිටියේ . කැට එකතු කරන්න පාගමන් යනවා Hospital හදන්න අහිංසක මිනිස්සුන්ගෙන්ම සල්ලි එකතු කරන්න ඊට පස්සේ පිලිකකාරක product promote කරනවා හෝ ගාලා ,ඉස්සර කියුවේ රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියලා දැන් රටට හෙන ගහලා ගියත් උන්ට වටින්නේ සල්ලි
අඩුමගානේ උන් සල්ලි ආධාර නොදුන්නත් කමක් නැ . IPL නවත්තලා මේ පාරේ මැරෙන මිනිස්සු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන්න තිබ්බා .මම දන්නා තරමින් මිනිස්සු පුදුම විදිහට ඔය ක්‍රීඩකයන්ට ආදරේ කරා .covid තිබිද්දීත් Match බලන්න අවේ ඒ අහිංසක මිනිස්සු මෝඩකමත් එක්කම උබලට තිබ්බ ආදරේට , ඒ ආදරේට අහිංසක මිනිස්සු oxygen ගන්න සල්ලි නැතුව මැරිලා යනකොට ,උබලා කෝටී ප්‍රකෝටි ගානක් නාස්ති කරලා සතුටු වෙන්න තරම් තිරිසන්නුද ?
ඔහොම තිරිසන්නු ඉන්න රටක තමන්ගේ වාහනේ විකුනලා අහිංසක මිනිස්සුන්ට ජීවත් වෙන්න oxygen නොමිලේ දුන්න MR .Shahnawaz Sheikh උබ දෙවි කෙනෙක් .
###ශාන් ගලප්පත්ති ###