Irritable bowel syndrome කියන්නේ මොකද්ද?

ලංකාවේ රෝගීන්ගේ දත්ත නැති වුනාට බටහිර රටවල 10% -15% අතර ප්‍රමාණයක් මේ රෝගය නිසා පීඩා විදිනවා . මගේ අත්දැකීම අනුව ලංකාවෙත් මේ හා සමාන ප්‍රතිශතයක් ඉන්නවා. ප්‍රශ්නය වන්නේ රෝග නිර්ණය බොහෝ විට මග හැරීමයි. බොහෝ විට මේ ලෙඩේ හැදෙන්නේ තරුණ අයට සහ කාන්තාවන්ට.
මේ රෝගයේ ලක්ෂණ කිසිවක් මෙයට සුවිශේෂී ඒවා නෙවේ. (non specific symptoms ).
1. දීර්ග කාලීනව පවතින බඩේ අමාරුව. බඩ නිතරම කොර වීම, එම වේදනාව බඩේ නිශ්චිත තැනක නොපැවතීම, වේදනාව අඩු වැඩි වීම, මලපහ කෙරීමෙන් වේදනාව අඩු වීම, ස්ට්‍රෙස් වුනාම සහ සමහර විට ආහාර අනුබවයෙන් පසු වේදනාව වැඩි වීම.
2. මේ බඩේ වේදනාව කාලයත් සමග වැඩි නොවේ. එමෙන්ම බර අඩු වීම, කෑම අරුචිය, නින්දේදී වේදනාව දැනීම යනාදීය සිදු නොවේ. මේ ලක්ෂණ ඇත නම් එය වෙනත් බරපතල රෝගයක ලක්ෂණයකි.
සමහර රෝගීන්ට බඩේ ගැස්ට්‍රයිටිස් වලට සමාන රෝග ලක්ෂණ ඇත. බඩ පුරවා දැමීම, උගුරට එම, උගුරෙන් වාතය පිටවීම, අදෝ වාතය නිතර් පිට වීම දැකිය හැක. මේ ය ගැස්ට්‍රයිටිස් කියා අවුරුදු ගණන් බෙහෙත් ගත්තත් ලෙඩේ සනීප කර ගන්නේ නැත.
3. නිතර ඇති වන බඩ එලිය යාම පොදු ලක්ෂණයකි. විශේෂයෙන් ආහාර ගැනීමෙන් පසුව , බඩ කොරවී බඩ එලිය යාම සිදුවේ. මල පහ වල සෙවල ගතියක් ඇත. ටොයිලට් ගියාට පසුවද මලපහ සම්පූර්ණයෙන්ම පිට නොවුයේ යයි හැඟේ . (sensation of incomplete evacuvation ). නමුත් කවදාවත් ඉතා විශාල පරිමාවෙන් මලපහ නොයයි. මලපහ සමග රුදිරය පිට නොවේ. එසේ වුවහොත් වෙන රෝගයකි.
4. සමහර රෝගීන්ට මලබද්දය ඇතිවේ. බද එලිය යාම සහ මල බද්දය මාරුවෙන් මාරුවට ඇතිවිය හැක. සාමාන්‍ය විදියට මලපහ පිට වීමටද හැක.
5. බොහෝ රෝගීන්ට අහර මාර්ගයෙන් පිට රෝග ලක්ෂණ පහල වේ, මානසික ආතතිය, ලිංගික දුබලතා, පපුවේ අමාරු, ඔක්කාරය වගේ ඒවා .
මේ රෝගයට හේතුව කුමක්ද? තාම නිශ්චිත හේතුවක් සොයා ගෙන නැත. බඩවැලේ පේශී තද වීම නිසා ඇති වන බවට මතයක් ඇත, එමෙන්ම මානසික ආතතිය( උදා: එක්සැම් ස්ට්‍රෙස්) බොහෝ රෝගීන් තුල දැකිය හැක. සමහරුනට බඩේ ආසදනයකට පසු සහ සමහර ආහාර නිසා මේ රෝගය උත්සන්න විය හැක.
ඉතින් රෝගය අදුන ගන්නේ කෙසේද?
මෙම රෝගය හදුනා ගැනීමට විශේෂ පරීක්ෂණ නැත. බොහෝ දුරට සායනික රෝග නිර්නයකි. (clinical diagnosis ). රෝගයට අනුකූල නොවන ලක්ෂණ තිබුනොත් එන්දොස්ක්පි එකක් කිරීමට ඉඩ ඇත. උදා: මල පහ සමග ලේ යාම.
මේ රෝගය සාර්ථකව ප්‍රතිකාර කල හැකිය. බඩවැලේ පේශී ලිහිල් කිරීමට bus*** හෝ mebe*** නම් බෙහෙත්ද, බද එලිය යාම අඩු කිරීමට lope**** , මානසික ආතතියට අදාළ බෙහෙත් Dia**** ,clon**** ආදිය. මම බොහෝ වෙලාවට lib*** කියන බෙහෙත පාවිච්චි කරනවා. 80% කට වඩා රෙස්පොන්ඩ් කරනවා.
ඉතින් මේ වගේ රෝග ලක්ෂණ තිබෙනවා නම් වහාම gastroenterologist කෙනෙක් චැනල් කරල ප්‍රතිකාර ගන්න. මේක නිට්ටාවට සනීප කරන්න බැරි වුනත් බෙහෙත් ගන්න ලෙඩ්ඩු බහුතරයකට රෝග ලක්ෂණ නැත්ටටම නැති වෙනවා.
ප්‍රශ්න තියෙනවා නම් අහන්න, පුළුවන් විදියට උත්තර දෙන්නම්. ස්තූත්යි .

Last edited: