Is “Sinhala-Hindu New Year, a British creation’"?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    වර්තමාන ලෝකයේ ප‍්‍රචලිතම අලුත්අවුරුදු දිනය ජනවාරි 1 වැනිදා වශයෙන් සැලකුණ ද එය නියම තළේ කි‍්‍රස්තුපූර්ව 1 වන සියවසේ රෝම අධිරාජයා වු ජූලියස් සීසර් විසිනි.:D
    2010.jpg
    මුල් අවදියේ දී අවුරුද්දවශයෙන් සැලැකුවේ මාර්තු 2 වැනිදා ය. ඒ අතරමඑංගලන්තයේ එය දෙසැම්බර් 25 වැනිදාවශයෙන් භාවිත ව තිබී පසු ව, ජනවාරි පළමුවැනිදා වශයෙන් සලකන්නට වූයේකි‍්‍ර.ව. 1751න් පසුවයි. :yes:

    එහෙත් ලංකාවේ පුරවැසියන් බක් මාසයේ පැවැත්වෙන නිසා බක් මහ උළෙල ලෙසත්, සූර්යසංක්‍රාන්තිය හේතුකොට ගෙන සැමරෙන නිසා සූර්ය මංගල්‍යය ලෙසත් හැඳින්වෙන මහා ජාතිකඋත්සවය සැමරීමට සිංහල හා හින්දු ජනයා එකට එක්ව ලංකාවේ අලුත් අවුරුද්ද සමරනු ලබන අතර මෙලෙස සමරන අලුත් අවුරුද්දේ ඉතිහාසය පටන් ගැන්ම හරියාකාරව නොදනින නමුත් සාක්ෂි මගින් කියාපාන්නේ 15 වැනි සියවස වන තෙක් දිවයන බවයි. :dull::dull:
    ගහ කොළට, සතා සිවුපාවන්ට හා සමස්ථ මිනිස් වර්ගයාටම ජීවය,ශක්තිය දෙන සූර්යයා ඔවුන්ටහිරු දෙවියෝ වූහ. මේ සූර්ය වන්දනාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවුරුදු චාරිත්‍රවාරිත්‍ර ඇති වී තිබෙන බව පිලිගැනීමයි. :yes:
    අපේ පැරැන්නෝ හිරු, දෙවියෝ ඇදවූහ. එක් තැනක නොසිට ගමන් කරමින් හිරු චක්‍රයක ගමන් කරනබව ඔවුන්ගේ පිළිගැනීම විය.
    එය කොටස් 12කින් යුතු රාශි චක්‍රය විය. රාශි දොළහෙන්පළමුවැන්න මේෂ රාශියයි. එසේම දොළොස් වැන්න මීන රාශියයි. ඉරු දෙවියන්ට මේෂයේ සිටමීනයට ගමන් කිරීමට ගත වන කාලය අවුරුද්දකි.
    හිරු මීන රාශියට පැමිණි විට වසරක නිමාවවේ. එම අන්තිම දවස පරණ අවුරුද්ද ලෙස පැරැන්නෝ සැමරූහ. හිරු නැවතත් ක්‍රමයෙන් මේෂරාශියට සම්පූර්ණයෙන් ම සංක්‍රාන්ති වීම හෝ පැමිණීම අලුත් අවුරුද්ද ලෙස සැළකූහ.
    සූර්යයා මීන රාශියෙන් නව ගමනක් ඇරැඹීම සඳහා මේෂ රාශියට සංක්‍රාන්ති වීමට පැයකිහිපයක් ගතවේ. ඒ අතර තුල කාලයේදී සූර්යයා සිටින්නේ මීන රාශියත් මේෂ රාශියත් අතරතුර වන අතරමේ කාල පරාසය සූර්ය සංක්‍රාන්තිය ලෙස සැළකේ. :D
    මේ කාලය අලුත් අවුරුද්දටත් පරණඅවුරුද්දටත් අදාළ නැති කාලය ලෙස සලකමින් එම කාලය සුබ නැකැත් නැතිකාලයක් ලෙස නො-නැකත වී පසුව කාලයත් සමඟ නොනගතය බවට පත්ව ඇත. නැකැත් නැති,අසුබ,එම කාලය පුණ්‍ය කාලය ලෙස සැලකූහ. :D
    මෙන්න මේ විදිහට අපි හැමදාම දන්න සිංහල හින්දු අලුත් අවුරු‍ද්දේ නොදන්න ඉතිහාසය ගැන නැත්නම් පටන් ගැන්ම ගැන ටිකක් හොයලා බලන්න හිතුනා...

    මොකද හිතන්නේ හොදයි නේද?? :yes:
    අන්තර්ජාලය පුරා සොයා බලමින් මේ තොරතුරු පුවත්පත් වෙබ් අඩවි, සිංහල විකිපීඩියාව තුලින් එක් රැස් කරගත් අතර යම් යම් වෙනස් කම් හා ගැටලු තිබෙන්නට හැකියාවත් තියෙනවා.. :P
    කොහෝම වුනත් ඔබේ දැනුමට යමක් ලබාගෙන අදහසක් එක්කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා... :D
    අලුත් අවුරුද්‍ද මනිනු ලබන්නේ ශක වර්ෂ ක‍්‍රමය හෙවත් සූර්ය මාස ක‍්‍රමය අනුව සකස් කර ගත් ලිත්ක‍්‍රමයකටයි.එක් අවුරුද්දක්අපේ‍්‍රල් 14 දා ඇරැඹි ඊළඟ අවුරුද්දේ අපේ‍්‍රල් 13 අවසන් වන නිසා මෙය සම්පූර්ණචක්‍රයක් ලෙස සලකයි. එබැවින් එය සකවසනමැති වේ. :nerd:
    මේ අනුව අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියේ සිට මේෂරාශියට සංක‍්‍රමණය වන අවස්ථාවයි.පොසොන් වැනි පුරාණ ලංකාවේ උත්සව පිළියෙලවූයේ චන්ද්‍ර මාස ක‍්‍රමය අනුව ය.
    උතුරු ඉන්දියාවේ මහායාන බෞද්ධයන් අතර කනිෂ්ක වර්ෂයක් භාවිතාවේ පැවතුනත් එයශකවර්ෂයයනුවෙන් හැඳින්වීම සිදු නොවීය.
    ඒ එය හැදින්වුයේ කනිෂ්ක වර්ෂනම්න් වීමයි..එබැවින් ලංකාවේ ශක වර්ෂ ක‍්‍රමය පාවිච්චියට ගැනීම කලේ නැත. :no:
    නමුත් මහනුවරයුගයේදී නායක්කර් රජවරුන් දවස එය ලංකාවේ භාවිතයට පැමිණ ඇත්තේ සංස්කෘත බසට හරවා හකවර්ෂලෙසට හදුන්වා ඇත. ශක රාජවංශයේ කනිෂ්ක රජු ක්‍රි. වර්ෂ 78 දී රජවීම හා ශකවර්ෂය ද එම වසරින්ඇරැඹීම නිසා මේ කනිෂ්ක වර්ෂය නිමිත්ත කර උත්සව පැවැත්වීමක් බවට එකල ලංකාව පාලනය කල ඉංගි‍්‍රසි සිවිල්නිලධාරිහු විශ්වාස කරන ලදි. :rolleyes:
    සඳහන් වෙන පරිදි 1886 දී අධිරාජ්‍ය ආණ්ඩුව විසින් ඉන්දියාවේ හින්දූන්ට නැති අපේ‍්‍රල් අලුත් අවුරුද්දක්ලංකාවේදී පිහිටුවා දෙමින් හා එය නිවාඩු දිනයක් කරමින් සිංහල හාහින්දු අලුත් අවුරුද්ද ලෙසට නීතිගත කරන ලද්දේ 1886 අංක 4 දරන නිවාඩු දින
    (Holiday Act 1886) පණතිනි. :D
    1885 ජාතික නිවාඩු දින පණතින් සම්මත වී 1885 මාර්තු 27 දින 4648 අංක දරන ගැසට්පත්‍රයේ පලවුනේ අපේ‍්‍රල් 11, අපේ‍්‍රල් 28 හා සැප්. 21 නිවාඩු දින ලෙස පිළිගත්බවය. අපේ‍්‍රල් 28 යනු වෙසක් නිවාඩුවයි. 1885 වසර මැද දී ව්‍යවස්ථාදායක සභාවේ දෙමළනියෝජිතයා ලෙස අලුතින් පත් වූ පොන්නම්බලම් රාමනාදන් මහතා බෞද්ධයන්ට වෙසක්නිවාඩුව දුන් නිසා හින්දු අයට ද ආගමික නිවාඩු දිනයක් අවශ්‍ය බව කියා සිටි නිසා නැවතත් නිවාඩු දින පණත් කෙටුම්පතක් ලෙස (Holiday Bill) 1885 දෙසැම්බර්හි ඉදිරිපත් විය.

    1886 ජනවාරි 15 දා එය විවාදයට ගැනිණ. :nerd:
    නිලලත් මන්ත්‍රිවරු 2 සහ නිල නොලත් එක් මන්ත්‍රිවරයෙක් පමණක් විවාදයට සහභාගි වූ අතරසිංහල නියෝජිතයා හෝ දෙමළ නියෝජිතයා සහභාගි නොවූ අතර භාණ්ඩාගාරයේ වැඩ බලන ලේකම්පැටර්සන් මහතා මූලික වශයෙන්ම කීවේ පසුගිය අවුරුදු 27 කාලයේදී අපේ‍්‍රල් 11 දින වැඩිම සංඛ්‍යාවක්නිවාඩු ලබා ගෙන ඇති දිනය නිසා එම දිනය නිවාඩු දිනයක් කිරීම සුදුසු බවය. එවිට මධ්‍යම පළාතේ ආණ්ඩුවේ ඒජන්තටෙම්ප්ලර් මහතා කියා සිටියේ අපේ‍්‍රල් 11 සිංහලයන්ගේ අලුත් අවුරුද්ද පමණක් නිසා එය ජාතිකනිවාඩු දිනයක්නොවන බවය. මෙවිට පත්කර මන්ත්‍රී (නිල නොලත්) ලිච්මන් මහතා ප්‍රකාශකර සිටියේඅපේ‍්‍රල් 28 සිංහලයින්ගේ හා බෞද්ධයන්ගේ නිවාඩු දිනය (වෙසක් පෝය) ලෙස සලකාඅපේ‍්‍රල් 11 සිංහලයන්ගේ හා හින්දුන්ගේ අලුත් අවුරුද්ද ලෙස සැලකිය හැකි බවය. ඒ අනුවඋප ලේඛනයට ඇතුළත් කිරීම සුදුසු බව ද කීය. යාපනේ හින්දුන් ද සිත්තර වර්ෂම් නමැතිඅවුරුදු උත්සවය මෙදිනම පවත්වන හැටි ද ඔහු වැඩි දුරටත් දැක්වීය. :yes::yes:
    එලෙස පණත සම්මත විය.
    සිත්තර වර්ෂම් නමැතිඅවුරුදු උත්සවය යනු ඕලන්ද හා බ්‍රිතාන්‍ය පාලනය යටත යාපනය අර්ධවීපයට ගෙන ආ දෙමළ හින්දුහු 19 සියවසේදීසිත්තර වර්ෂම් නොහොත් සිත්තර පුත්තාන්ඩුනමැති හින්දු ආගමික උත්සවයක් පවත්වන්ට වූහ.සිත්තර නමැති වචනයේ අර්ථය හතර යන්නයි. පුත්තාන්ඩු හා වර්ෂම් යනු වර්ෂයයි. එහි අදහසවන්නේ අවුරුද්දේ හතරවැනි මාසයේ (අපේ‍්‍රල්) උත්සවය යන්නයි. අපේ‍්‍රල් හතරවැනි මාසයවන්නේ ඉංගි‍්‍රසි දින දර්ශනය අනුව වේ. :D
    අලුයම අවදි වී ස්නානය කරපිරිසිදු වී කෝවිලට ගොස් යැදීම් කර පූජා පවත්වා අවුත් ළිප ගිනි මොලවා කිරිබත්පිසිති. මෙදින ගෙදරට අමුත්තෙකුට ආරාධනය කරන අතර බුලත් කොළයේ ඔතන ලද කාසි (දැන්නෝට්ටු) හුවමාරු කරගනිති. මේ ගනුදෙනුවයි. අනතුරුව හැම දෙනාම එකතු වී කිරිබත්, කැවුම් කෙසෙල් ආදිය අනුභව කරති.
    සම්ප්‍රදායානුකූල ව වර්ණවත් සහල්වලින් පොළවේ චිත්‍රඇඳ පුරවා ඇත. සිත්තර උළෙලට ප්‍රථම ගෙවතු පිරිසිදු කර ගෙදරට මකුළු දැල් කඩා ගොම මැටිගා පිරිසිදු කර ඇත. උත්සවය දින හැම දෙනාම අලුත් ඇඳුම් ඇඳීමට බ්‍රිතාන්‍ය යුගයේදීපෙළඹුණි. මධ්‍යාහ්නය වන විට සිත්තර පුත්තාන්ඩු අවසාන වෙයි. අපගේ මෙන් උත්සව සතියක්ඔවුන්ට නැත. හිසතෙල් ගෑමක් හා ස්නානයක් ද නැත. :no::no:
    උතුරු ඉන්දියාවේ හින්දුන් ද අපේ‍්‍රල් 14 දිනයේවසන්ත උත්සව පවත්වති. ඒ නැවතත් හිරු පායා ගස්වල කොළ අවුත් මල්පල හටගැනීම වෙනුවෙනි.එය ද ඉරු දෙවියන් මුල්කර ඇත. :yes:
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    [FONT=&quot]අවසානයේ ඊට අදාළ[/FONT][FONT=&quot]ගැසට් නිවේදනයේ මෙසේ පළ විය.[/FONT]
    [FONT=&quot]අපේ‍්‍රල් [/FONT][FONT=&quot]11 - [/FONT][FONT=&quot]සිංහල හා හින්දු අලුත් අවුරුද්ද [/FONT]
    [FONT=&quot]අපේ‍්‍රල් [/FONT][FONT=&quot]28 - [/FONT][FONT=&quot]සිංහල වෙසක් මාසයේ පළමු අටවක දිනය [/FONT]
    [FONT=&quot]අධිරාජ්‍ය ආණ්ඩුවේ පණතකින් එසේ සිදුකලද හින්දු භක්තිකයන්ට දවස් [/FONT][FONT=&quot]365[/FONT][FONT=&quot] ක අවුරුද්දක්[/FONT][FONT=&quot]නැත. හින්දු සම්ප්‍රදායට අනුව බ්‍රහ්ම ලෝකයේ එක් දවසක් මනුෂ්‍ය ලෝකයේ අවුරුද්දකි.[/FONT][FONT=&quot]එබැවින් අවුරුද්ද දෙකකට බෙදෙන්නේ දිවා හා රාත්‍රි වශයෙනි. තෛපොංගල් (ජනවාරි [/FONT][FONT=&quot]15) [/FONT][FONT=&quot]සිට[/FONT][FONT=&quot]දීපාවලී (පහන්වැල) දක්වා දිවා කාලයයි. දීපා +ආවලී සිට තෛපොන්ගල් දක්වා මාස [/FONT][FONT=&quot]2 1/2 [/FONT][FONT=&quot]කෙටි රාත්‍රියකි.[/FONT][FONT=&quot] :yes:[/FONT]
    [FONT=&quot]මේ උතුරු ඉන්දියාවේ ඇති කෙටි ශීත සෘතුවයි. දකුණු ඉන්දියාවේ දෙමළ හින්දූන්ට ද ඇත්තේ මේ[/FONT][FONT=&quot]සම්ප්‍රදායම වේ.[/FONT]
    [FONT=&quot]දිවාලි හෝ දීපවාලී (නේපාලයේ දී තිහාර් සහ ස්වාන්ති ලෙස ද හැඳින්වේ.[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]මර්කිස්කරාලි)) යනු ඉන්දියාවේ හා නේපාලයේ ප්‍රධානම ප්‍රීතිමත් නිවාඩු දිනයයි. ඵමෙන්ම හින්දු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සීක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජෛන ආගම්වල ඉතා වැදගත් උත්සවයක් ද වෙනවා.. දීපවාලී උත්සවය වටා බොහෝ පුරාවෘතයන් ගොඩ නැගී ඇත. වර්තමානයේ ලොව වටා හින්දු ජෛන සහ සීක් ආදී ආගම් අදහන්නන් "ආලෝකයේ උත්සවය" වශයෙන් ඵය සමරති. මෙහිදී පහන සංකේතවත් කරන්නේ මිනිසුන් තුළ තිබෙන නරක අභිබවා හොඳ ජයග්‍රහණය කිරීමය. මෙම [/FONT][FONT=&quot]උත්සවය නේපාලයේ නේවාර් බෞද්ධයින් විසින් සමරනු ලබයි. [/FONT][FONT=&quot]:yes:[/FONT]
    [FONT=&quot]සිංහල හා හින්දු අලුත් අවුරුද්ද [/FONT][FONT=&quot]1984 [/FONT][FONT=&quot]දී ලිතෙහි හා දින දර්ශනයෙහි හා රජයේ දින දර්ශනයන් හි හා දින පොත්වල සිංහල හා දෙමළ[/FONT][FONT=&quot]අලුත් අවුරුද්ද ලෙස සඳහන් කරන්නට පටන් ගෙන ඇත. [/FONT][FONT=&quot]1983 [/FONT][FONT=&quot]ජුලි මස ජාතිවාදී කෝලාහල නිසා එලෙස නම් ‍කිරීම සිදු කල බව විශ්වාස කෙරේ. :D[/FONT]
    [FONT=&quot]1886 [/FONT][FONT=&quot]ජනවාරි [/FONT][FONT=&quot]15 [/FONT][FONT=&quot]දින හැන්සාඩ් වාර්තාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එදින සම්මත වූ අංක [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]දරන නිවාඩු දින පණත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අදාළ ගැසට් නිවේදනය අදත් කොළඹ[/FONT][FONT=&quot]ජාතික[/FONT][FONT=&quot]ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඇති බව පැවසේ... [/FONT][FONT=&quot]:nerd:[/FONT]
    [FONT=&quot]එළැඹෙන සෑම වසරකම අපේ‍්‍රල් මස [/FONT][FONT=&quot]13 [/FONT][FONT=&quot]වැනි හෝ [/FONT][FONT=&quot]14[/FONT][FONT=&quot] වැනි දිනට යෙදෙන අලුත් අවුරුදු සූර්ය සංක‍්‍රාන්තියේ ප‍්‍රධාන තැනක් ගන්නේ බක් මාසේ අසිරිය යි.[/FONT][FONT=&quot]ගොයම් කපා පාගා අටු කොටු පුරවාගෙන විවේක සුවයෙන් ගත කරන මේ මාසයේ අවට පරිසරය මලින් පලින් බර වූ භාග්‍යවන්ත වූ කාලයකි.[/FONT][FONT=&quot]:yes:[/FONT]
    [FONT=&quot]මෙය හින්දුන් සලකන්නේ විෂ්ණු පුණ්‍ය කාලය වශයෙනි. දින හතක් පුරා පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයේ දී සූර්ය දිව්‍ය රාජයා පොළොවට වඩින්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසුන් සත් දෙනකු බැඳි රියකිනි.[/FONT][FONT=&quot]ඔහු [/FONT][FONT=&quot]මෙහි දී හින්දුන් හඳුන්වන්නේ කාලදේවන් හෙවත් කාලයට අධිපති දෙවියා වශයෙනි. [/FONT][FONT=&quot]:yes:[/FONT]
    [FONT=&quot]අවුරුද්දේ සියලු වැඩ මෙන්ම රැකියාව සඳහා පිටත් ව[/FONT][FONT=&quot]යෑමත් සිදුවන්නේ නැකතටයි.[/FONT][FONT=&quot]අලුත් අවුරුදු සමයේ පාරම්පරික කෙළි සෙල්ලම්වලට ද[/FONT][FONT=&quot]තැනක් හිමි වේ.[/FONT][FONT=&quot]:D
    dsc03172.jpg

    [/FONT]
    [FONT=&quot]කාලයත් සමඟ වෙනස්කම් දක්නට ලැබුණත් අදටත් ශ්‍රී ලාංකිකයෝ අවුරුදු සිරිත්[/FONT][FONT=&quot]විරිත් අකුරටම පිළිපැදීමට උත්සුක වෙති. නගරබද කෙසේ වෙතත් ගම්බද ජනයා සූර්යය මංගල්‍ය[/FONT][FONT=&quot]හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර හැකි පමණ ඉහළින් අනුගමනය කිරීමට මහත් උත්සාහයක් දරති.[/FONT][FONT=&quot]:D[/FONT]
    [FONT=&quot]එහෙත් අලුත් අවුරුද්දත් වෙලඳාමට ලක් වූ පරිසරයක් තුළ මෙම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිරිත්[/FONT][FONT=&quot]විරිත් අනුගමනය කිරීම යම් පමණකට හෝ සමාජය තුළ තවමත් පැවතීම ඉතාමත් සතුටට කරුණක්... [/FONT][FONT=&quot]:yes::yes:[/FONT]​
    [FONT=&quot]සිංහල අලුත් අවුරුදු දිනය තුන් සිංහලයම එකට එක්වී එකම නැකතට කටයුතු කරන සුබ දිනයක්[/FONT][FONT=&quot]ලෙස හඳුන්වති මෙය ජාතික එකතුවේ සුවිශේෂීම ලක්ෂණයකි.

    [/FONT]
    [FONT=&quot]ලබන්නා වු නව වසර කිරියෙන් පැණියෙන් උතුරන වාසනාවන්ත නව වසරක් වේවායි
    Chamikawpblogspotcom2-32.jpg


    [/FONT]
    [FONT=&quot]“එලකිරි යේ හැමෝටමත්” [/FONT]
    [FONT=&quot]කියවන බලන [/FONT]
    [FONT=&quot]ඔබ සැමටම එකසිතින් පතමු.[/FONT]
    11.gif


    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!
    චාමිකයගේ බ්ලොග් ඉසව්ව
    [/FONT]
     
    Last edited:

    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    බොහොම ස්තුතියි මේ විස්තර බෙදාගත්තාට..
    රෙප් දෙන්න බෑලුනෙ....:(:angry:
    එලකිරියෙ සියලුම දෙනාට කිරියෙන් පෑණියෙන ඉතිරෑනූ
    සුබ අලුත් අවුරෑද්දක් වේවා!

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මටනම් ඔය අවුරුද්දට වඩා සතුටු වැදගත් දිනේ වෙන්නේ සම්බුදු තෙමගුල දවස විතරයි
    ආ ඇසල පෙරහැර කාලේ
    දැන් අවුරුද්ද කියන්නේ නිකම්ම විනෝදයට බර උන කිසිම සංස්කෟතික වැදගත්කමක් නොදැන කරන දෙයක් වගේ මටනම් පේන්නේ
    දැන් ඕක නිකන් ජාතික සමගිය උලුප්පන්න කරගහගත්ත එකක් විතරයි
    සිංහල දෙමල අවුරුද්ද
    එහෙමනේ දැන් කියන්නේ
    හරියටම කියනවනම් ඕක සිංහල හා හින්දු අවුරුද්ද
    මොකද ‍හින්දු ආගම හා බෞද්ධ අයට විතරනේ අවුරුදු තියෙන්නේ

    ඕක මේ බටහිර ක්‍රියේශන් එකක් කියලා පිලිගන්න බෑ
    මොකද මං දන්න තරමින් මහා වංශයෙත් බුද්ධ කාලය ගැන ලියවිච්ච පැරණ සෙල්ලිපි වලත් ඔය අවුරුද්ද ගැන තියෙනවා
    රාවණා කාලෙත් තිබිලා තියෙනවා කියලා තමයි දන්නේ
    රාමායණයෙත් ඔය ගැන තියෙන නිසා
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    1886 ජනවාරි 15 දා එය විවාදයට ගැනිණ.
    නිලලත් මන්ත්‍රිවරු 2 සහ නිල නොලත් එක් මන්ත්‍රිවරයෙක් පමණක් විවාදයට සහභාගි වූ අතරසිංහල නියෝජිතයා හෝ දෙමළ නියෝජිතයා සහභාගි නොවූ අතර භාණ්ඩාගාරයේ වැඩ බලන ලේකම්පැටර්සන් මහතා මූලික වශයෙන්ම කීවේ පසුගිය අවුරුදු 27 කාලයේදී අපේ‍්‍රල් 11 දින වැඩිම සංඛ්‍යාවක්නිවාඩු ලබා ගෙන ඇති දිනය නිසා එම දිනය නිවාඩු දිනයක් කිරීම සුදුසු බවය. එවිට මධ්‍යම පළාතේ ආණ්ඩුවේ ඒජන්තටෙම්ප්ලර් මහතා කියා සිටියේ අපේ‍්‍රල් 11 සිංහලයන්ගේ අලුත් අවුරුද්ද පමණක් නිසා එය ජාතිකනිවාඩු දිනයක්නොවන බවය. මෙවිට පත්කර මන්ත්‍රී (නිල නොලත්) ලිච්මන් මහතා ප්‍රකාශකර සිටියේඅපේ‍්‍රල් 28 සිංහලයින්ගේ හා බෞද්ධයන්ගේ නිවාඩු දිනය (වෙසක් පෝය) ලෙස සලකාඅපේ‍්‍රල් 11 සිංහලයන්ගේ හා හින්දුන්ගේ අලුත් අවුරුද්ද ලෙස සැලකිය හැකි බවය. ඒ අනුවඋප ලේඛනයට ඇතුළත් කිරීම සුදුසු බව ද කීය. යාපනේ හින්දුන් ද සිත්තර වර්ෂම් නමැතිඅවුරුදු උත්සවය මෙදිනම පවත්වන හැටි ද ඔහු වැඩි දුරටත් දැක්වීය.
    එලෙස පණත සම්මත විය.

    menna meka aththa nam meken penawa me awrudda sinhala awurudda misak sinhala ha hindu kiyana bahubuthayak neme kiyala..tamilnadu wala demala aya mehema ekak samaranne nane neda ? suddange uwamanawata sinhala awrudda sinhala ha hindu kiyala wenas karapu bawa nam pahadili..me tikata sthuthiyi :)
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Melo wadakata naha tred eka nam kohoma hari api samarana aluth awruddha atthatama loketa danena ekak rashi maru wima suddhage jan 1 patan ganna awruddha minissu hada gattha ekak ekata kisima physical padanamak naha
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    menna meka aththa nam meken penawa me awrudda sinhala awurudda misak sinhala ha hindu kiyana bahubuthayak neme kiyala..tamilnadu wala demala aya mehema ekak samaranne nane neda ? suddange uwamanawata sinhala awrudda sinhala ha hindu kiyala wenas karapu bawa nam pahadili..me tikata sthuthiyi :)
    :yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපි අප්‍රේල් මාසේ සිංහල දෙමළ අවුරුද්ද සැමරුවට
    වෙසක් පෝය තමයි අපේ හරි අවුරුද්ද වෙන්න ඔනේ
    බුදුන් වහන්සෙගේ ඉපදීම බුදු වීම පිරිණිවන් පෑම තෙමගුල
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කාලොචිත නුලක් ගොඩක් නොදන්න දෙවල් දැන ගත්තා:)
    සුබ අලුත් අවුරුද්දක් වේවා;)
    5+ජයවේවා
    11.gif