මාගේ දේශය අවදි කළ විරුවනි!
තිස් වසරක ත්රස්තවාදයේ ශාපයෙන් අපගේ මාතෘ භූමිය මූදා ගනිමින් දෙවැනි ජාතික නිදහස් අරගලය විජයග්රහණය කිරීමට දායක වූ අභිමානවත් ලංකා පූත්රයන්ට අපගේ උත්තමාචාරය පූද කරමින් ම අද අපි මෙම තීරුව ආරම්භ කරන්නෙමූ. ඒ ඓතිහාසික විජයග්රහණය දෑසින් දකින්නට පෙර සිය ප්රාණ වායූව මේ මිහි තලයටම මූසූ කළ ඒ විරු දරුවන් ද අපි මෙවේලෙහි සිහිපත් කරන්නෙමූ. ඒ ජාතික නිදහස වෙනූවෙන් අඛණ්ඩව, අභීතව එයට දිරි දෙමින් ද, ඒ උත්තරීතර කැපවීම අගයමින් ද ඉනද්රඛීලයක් සේ දිවයින ද සිටි බව මේ ඓතිහාසික නිමේෂයෙහි සඳහන් කිරීමට අපට ද අයිතියක් තිබෙන බව නිහතමානීව ලියා තබමූ.
ලෝකයම සිය ත්රස්තවාදී ප්රචණ්ඩත්වයෙන් කම්පනයට පත් කළ ෆැසිස්ටිවාදී ම්ලේච්ඡ ඝාතක සංවිධානයක නායක වූ වේළුපිල්ලේ ප්රභාකරන් ප්රමූඛ ඔහූගේ දෙටූ සගයන් සියල්ලම දැන් මරුමූවට පත්ව සිටිති. මරණය යනූ කිසිවකුට සතුටූ විය හැකි, උදම් විය හැකි අවස්ථාවක් නො වන බව ඇත්ත ය. එහෙත් මේ ශාපකාරී මිනිසාත්, ඔහූගේ ඝාතක ෆැසිස්ටිවාදී නඩයක් මියයෑමේ පූවත එකී ත්රස්තවාදයෙන් බැට කෑ රටට මෙන්ම ජනතාවට ද සූබ ආරංචියක් වනූ නො වැළැක්විය හැකි ය.
පිස්සූ බල්ලකු මියගියත් "අනේ අනිච්චං" යැයි කීමට පූරුදුව සිටින අහිංසක මනසක් සහිත ජනතාවක් වූවද ඔවූන්ට මේ මරණය කිසිඳු කම්පාවට හේතු නොවේ. මක්නිසාද යත්, ප්රභාකරන්ගේ කුරිරු ත්රස්තවාදයෙන් මූළු රටම ඒ තරමටම හෙම්බත් වී තිබිණි. මූළු මහත් ජනතාවම ඒ තරමට ම පීඩනයට ද, භීතියට ද පත්ව සිටියහ. ප්රභාකරන් ඇතුළු ඔහූගේ ෆැසිස්ටිවාදී මෘගයන් විසින් මේ රට ඇද දමන ලද්දේ බිහිසූණූ අඳුරකට ය.