ටීචර්ස්ලට ලමයි කියන එව්ව ගැන හැමෝම හිතන්න ගියානං අද අධ්‍යාපනයක් ඉතුරු වෙයිද බං ?
ඇරත් බහුතරයක් එහෙම කියන්නෙ විහිළුවට වගේ.. අපහාස කරන්නම හිතාගෙන ටීචර් කෙනෙක්ට නමක් කියනවනං බොහෝ වෙලාවට ටීචර්ගෙත් මොකක් හරි වැරැද්දක් තියෙනවනෙ බං..
හැම මඟුලටම වේවැල වනන්නැතුව, සුපිරියට උගන්නගෙන ලමයින්ගෙ ගෞරවෙත් දිනාගෙන ඉන්න ගුරුවරු ඕනෙ තරං ඉන්නව.
හැබැයි පඩිය නං මදි

ගුරුවරුන්ට උගන්නනවට නෙමේ, ඔය හිඟන පඩිය අරගෙන ඉස්කෝලෙට එනවට හරි නං උදේ හවා ගිහිං වඳින්න ඕනෙ..
ඔය සොච්චම් පඩියට බාගෙට හරි උගන්නනව කියන්නෙ හෙන සේවාවක් බං.
ඒ මිනිස්සු ගන්න පඩියෙ හැටියට ඒ මිනිස්සුන්ගෙ ගෙවල් වල මොන තරම් ප්‍රශ්න ඇද්ද.
ලමයෙක් එහෙම ඉන්නවනං ? අසනීප වුනාම ? ඔය ලැබෙන පඩියෙන් බේතක් හේතක් කරගන්නම මොන තරම් දුක් විඳිනව ඇද්ද..
ඒ මිනිස්සුන්ට ගෙවල් වල තියෙන්න ඕනෙ ප්‍රශ්න වල හැටියට මෙහෙම ඉගැන්වීම ආසියාවෙ නෙමේ මුළු ලෝකෙම ආස්චර්යයක්.

