මම ඕකට උත්තර දෙන්න යන්නෙ නෑ.. ඒත් Point ටිකක් කියන්නම් උඹට කල්පනා කරන්න..නොයෙක් දර්.ශනයන් තුල කියල තියෙන දේවල් පැත්තකින් තියල පොඩ්ඩක් ඔය ගැන මමත් කල්පනා කරල තියෙනව. ඒ අනුව මට හිතුන දේවල් මේ.
මේ ලෝකෙ ඇතිවෙන හැමදෙයකටම එහි ඇතිවීමේ සිට එහි පැවතීම දක්වාත් ඉන්පසු එහි නැතිවීම උදෙසාත් යම්කිසි පදනමක් තියෙනවා කියන එක මගෙ මතයයි.
එහෙම පෙර පදනමක් නැත්නම් එකම කුලකයක වුනත් එකිනෙකට වෙනස් වීම් තියෙන්න බැහැනෙ. එහෙනම් යම් කුලකයක් ඇතුලෙ සිටින සියලු දෙනාගෙම සියලු දේවල් එක විදිහක් වෙන්න ඕන.
එතකොට මේ වෙනස්වීම් වලට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
එහෙම වෙන්නෙ කාගෙ හරි ඕනකමටයි කියල හරි, ඒක එහෙම තමයි කියල හරි කවුරු හරි කියනවනම් ඒක පිලිගන්න සුදානම් නෑ. මොකද ඒ උත්තර වල කිසිම ලොජික් එකක් නෑ.
ඕකට උදාහරණයක් විදිහට සරලවම මිනිස් කුලකය අරන් බලමු.
මේ ලෝකෙට බිහිවෙන සෑම මනුස්සයෙක්ගෙම ඉපදීමේ සිට ඒ කෙනාගෙ පැවතීම හා නැවත නැතිවීම පවා එකිනෙකට වෙනස්නෙ.
සමහර මිනිස්සු ඉතා ලස්සනයි, සමහරු සාමාන්‍යයි, සමහර අය ලස්සනින් අඩුයි. සමහර අය ඉතා සැපවත් ජීවිත ලබනව, සමහර අය සාමාන්‍යය ජීවිත, සමහර අය අන්ත දුක්ඛිත ජීවිත ගෙවනව. සමහර අය ඉතා බුද්ධිමත්, සමහර අය සාමාන්‍යයි, සමහර අය ඉතා අනුවණයි.
ඒ ව්තරක් නෙමෙයි අවසානයේ මරණය පවා ගත්තත් සමහර අය බොහොම අඩු දුක් සහිත මරණ ලබද්දි සමහරු ඉතා අවාසනාවන්ත දුක්ඛිත මරණ ලබනව.
ඔයවගේ නොයෙක් දේවල් උදාහරණ විදිහට ගන්න පුලුවන්.
සත්ව කුලක ගත්තත් එහෙමයි.
ප්‍රශ්නය - මෙහෙම එකිනෙකට වෙනස් වීම් ඇතුව මිනිස්සු බිහිවෙන්නෙ කොහොමද ?
මගෙ කල්පනාව අනුව නම් එහෙම වෙන්න යම්කිසි පදනමක් තියෙන්න ඕන. ඒ පදනම කියල මට හිතෙන්නෙ මිනිස්සු මැරි මැරී ඉපදෙමින් එන මේ ආත්ම බවයන් තුල එක්රැස් කරගන්නා පොසිටිව්ස් ඇන්ඩ් නෙගටිව්ස් සහ පුරුදු. තවත් සරලව ගත්තොත් තමන් කරගන්නා හොද සහ නරක නැත්නම් කුසල් සහ අකුසල්.
පෙර පදනමක් නැත්නම් සියලු දෙනාම එකම විදහකට ඉපදිල, එකම විදිහට පැවතිල එකම විදිහට නැතිවෙල යන්න ඕන.
කිසිම පදනමක් නැතුව විවිධ වෙනස්කම් ඇතුව ඉපදිල, පැවතිල , මැරිල යන එක පට්ට අසාධාරණ තත්වයක් වෙනව එහෙම වුනොත්.
උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි රොබෝ නිෂ්පාදනයක්. ඒ තුල හදන සියලුම රොබෝවරු එක විදිහයි, කරන වැඩ එක විදිහයි. හදන්නෙ මිනිස්සු. මිනිස්සුයි හදන්නෙ කියන ඒක පේන්න තියෙනව. දන්නව.
නමුත් මනුස්සයින්, නොයෙක් සත්වයින්. ඒ කුලක තුල අර කිව්ව වෙනස්වීම් ආවෙ කොහොමද ? ඒ වෙනස්වීම් වලට බලපාන අදෘශ්‍යමාන හේතුව මොකක්ද ?
සත්‍ය අවබෝධවී අවසානයක් කරා යනතුරු මැරිමැරී ඉපදෙමින් හොද නරක රැස් කරමින් ඒවා ගෙවමින් ගමන් කරන ස්වභාවධර්මයේ නීතිය හෙවත් සංසාර චක්‍රය ද ????
හොද නරක කියන එක සාපේක්ෂ දෙයක්. ඒක එක එක සමාජීය නිර්වචනයක්.. හොද නරක කියල Universal දෙයක් නෑ.. ඔක්කොම එකයි.. හොද නරක, දුප්පත් පොහොසත්, අදුර එළිය, ඔය ඔක්කොම Dualism. Existentially there is not much meaning to any of them.
උඹ සැපය, ලස්සන කියල හදුන්වන දේවලූත් සාපේක්ෂයි, සහ සමාජයීයයි..
ලොජික් කියන එක ගමන් කරන්නෙ යම් දුරකට විතරයි.. ඒ නිසා ලොජික් එකෙන්, තර්ක විතර්ක කරල මේ ලොකේ Ultimate ඇත්ත, යථාර්ථය තේරුම් ගන්න බෑ.. කාර් එකේ යාපනෙ යන්න පුළුවන් උනාට, කාර් එකෙන් හඳට යන්න බෑ.. After a certain point, nothing make sense logically..
If you look at everything in the world, almost all of them happening in circles.. චක්‍රාකාරව තමා හැමදේම වැඩ කරන්නෙ.. ඇතිවීම > පැවතීම > නැතිවීම > ඇතිවීම
ඔළුවෙන් තර්ක විතර්ක කරල නෙමෙයි මමම අවබෝධ කරගත්ත දේවල් ටිකක් තියෙනවා පුනුරුප්පත්තිය ගැන.. ඒක අර අපි පොඩිකාලෙ ඉදන් හිතන් ඉන්න ටයිප් එකේ පුනුරුප්පත්තිය නෙමෙයි. ඒක ටිකක් වෙනස්.. ඒක තේරුම් කරන්න ගියොත් ගොඩක් දේවල් කියන්න ඕන.. ඒ නිසා ඒක නොකියා ඉන්නම්..
එකක් විතරක් හොදට මතක තියාගනිනං, සත්‍ය අවබෝධ කරගන්න තර්ක විතර්ක කරල නම් බෑ.. හදට යන්න ඕනනම් රොකට් එකේ පලයං.. බයිසිකල් එකේ පාගන්න කොච්චර හැදුවත් වැඩක් නෑ..