ISIS = Israeli Secret Intelligence Service

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මුස්ලිම් උන්ට උක දෙනව නෙමෙයි උඹලට හිතෙන්නේ නැද්ද මේ සිද්ධියෙ අපි නොදන්න දෙයක් තියෙනව කියලා..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    2001 වසරේ නොවැම්බර් මාසය වන විට සතියකට වාරයක් පාසා ඊශ්‍රායලයේ වීදි වල මිනිස් බෝම්බ පුපුරන්න ගත්තා. Suicide බෝම්බකරුවන් අතර දුප්පත් පොහොසත් උගත් නූගත් සමාජයේ හැම තරාතිරකම මිනිස්සු හිටියා. මේ නිසා ඉදිරි ප්‍රහාර පුරෝකථනය කරන්න බැරුව ඊශ්‍රායල ආරක්ෂක අංශ ලොකු අමාරුවක වැටිලයි හිටියේ.
    .
    මුස්ලිම් රටවල් වලට මැදිවුණු මුස්ලිම් නොවන පුංචි රටක් විදිහට බරපතල අභියෝගයක් ඊශ්‍රායලය ඉදිරියේ තිබුණා.
    .
    මේ නිසා බෝම්බකරුවන් අල්ලනවා වෙනුවට ඔවුන්ව බිහි කරන සංවිධාන බිමට සමතලා කරන්න ඊශ්‍රායල බුද්ධි අංශ තීරණය කරනවා.
    .
    ඒ අනුව අනුව මරාගෙන මැරෙන්න කැමති අය අසීමිතව හිටියත්, එයාලව සංවිධානය කරන අය ඉන්නේ 500 වගේ ගාණක් සහ ඒ සංවිධායකයොන්ට නං ඔය කියන විදිහට පුපුරවගෙන දිව්‍යලෝකේ යන්න ලොකු උවමනාවක් නෑ කියලා හෙලි කරගන්නවා.
    .
    ඊශ්‍රායල ආරක්ෂක ප්‍රධානීයෙක් වන Ben-Yisrael මේ තත්වය වාහනයක් උපමාවට ගනිමින් විස්තර කරනවා.
    .
    " සාමාන්‍යෙන් කාර් එකක Spare wheel තියෙන්නේ එකයි. 100ක් නැහැ. කාර් එක පදවගෙන යනකොට එක වතාවක් ටයර් එකක් පිපිරුණොත් තියෙන Spare එක දාගෙන යන්න පුළුවන්. තව පාරක් පිපිරුණොත් ඒක කරන්න බෑ.
    .
    ඇයි ඉතිං අපි තව spare wheels කාර් එකේ දාගෙන යන්නෙ නැත්තෙ? එතකොට අපේ වාහනයේ ඉඩ ඇහිරෙන නිසා. බර වැඩි වෙන නිසා. ත්‍රස්ථ සංවිධානත් ඒ වගේ තමයි. කට්ටිය වැඩි වෙද්දි එයාලයේ තොරතුරු leak වෙනවා, වියදම වැඩි වෙනවා. එකම තනතුර දැරිය හැකි අය 100 ගණනක් සංවිධානයක ඉන්නේ නැහැ "
    .
    ඉතින් ඔය පදනම යටතේ ත්‍රස්ථ සංවිධානයක් කඩා වට්ටවන්න නං, මොන මොන තනතුරු වලින් කොච්චර මිනිසුන් ප්‍රමාණයක් (critical mass එක) ඝාතනය කළ යුතුද කියලා තීරණය කරන්න ඊශ්‍රායල ගණිතඥයන් Mathematical model එකක් දියුණු කරනවා.

    ඊට අනුව ක්‍රියාත්මක වන ඊශ්‍රායල ආරක්ෂක අංශ, මිනිස් බෝම්බ ක්‍රියාවලයට සම්බන්ධ අය රහසිගතව ඝාතනය කරමින් සංවිධානයේ නිල වලට පහර දෙන්න ගත්තා
    .
    බඳවාගන්නන්, ආයුධ මිලට ගන්නන්, ඔවුන්ට නිවාස සපයන්නන් විතරක් නෙවෙයි Suicide බෝම්බ කරුවන්ව ගෙනත් දාන රියදුරා, බෝම්බකරු අවසානයට නිකුත් කරන වීඩියෝවේ කැමරාකරු පවා මහ මග ඊශ්‍රායල ආරක්ෂක අංශ මගින් මැරුම් කෑවා.
    .
    මැරෙන මැරෙන පාරට ක්ෂණිකව වෙන කෙනෙක් ඒ තනතුරට එන බව ඊශ්‍රායලිකයන් දැන හිටියා. ඒත් එහෙම වෙන්න වෙන්න අළුතින් එන කෙනා ගේ සාමාන්‍ය වයස සහ අත්දැකීම් අඩුවන හැටි ගණිතඥයන් කලින්ම පෙන්වලා දීලා තිබුණා.
    .
    කාලයක් ගිහිල්ලා Yitzhak Ilan තමන්ගේ අත්දැකීම් මේ විදිහට කියනවා
    .
    "එක දවසක් නොමරා අත් අඩංගුවට ගත්තු ඉස්ලාමීය ජිහාඩ් නායකයෙක් අපි, ප්‍රශ්න කරන කාමරයට ගෙනාවා. ඔහු යන්තම් අවුරුදු 19 තරුණයෙක් බව දැකලා මං ගොඩක් සතුටු වුණා. ඒ කියන්නේ ඒ තරුණයාට උඩින් හිටපු සියළුම දෙනා අපි ඉවත් කරලා. මට තේරුනා අපි සටන දිනමින් ඉන්න බව."
    .
    මේ වගේ සැලකිය යුතු ඝාතන ප්‍රමාණයක් වෙනකොට "ඒවා අපි කළේ නෑ" කියල ඊශ්‍රායල රජයට අත හෝදගන්න බෑ කියලා එයාලා දුර තියා දැකලා තිබ්බා. ඒ නිසා කල් තියාම ඊශ්‍රායල නීති විශාරදයින් මෙවන් ඝාතන ජාත්‍යන්තරය සහ මානව හිමිකම් සංවිධාන ඉදිරියේ සාධාරණීකරනය කරන්න අවශ්‍ය නීතියේ පොටවල් පාදගත්තා.
    .
    අද වෙනකොට ඉස්ලාමීය ත්‍රස්ථවාදය මර්ධනය කිරීම අතින් ලොව ප්‍රමුඛතම පෙලේ විශේෂඥයින් ඊශ්‍රායල සතුව ඉන්නවා. මෙයාලා ඒ කලාව කොච්චර ප්‍රගුණ කළාද කිව්වොත් අනිත් රටවල ත්‍රස්ථ සංවිධාන බිහි කරලා ඒවා අල්ලෙ නටවලා තමන්ගේ අරමුණු ඉටු කරගන්න පවා සමර්ථයින් බවට චෝදනා එල්ල වෙනවා.
    .
    ඊශ්‍රායල බුද්ධි අංශය (මොසාඩ්) කියන්නේ ඇමරිකාවේ CIA වගේ අති දැවැන්ත සංවිධානයක් නෙවෙයි. ඉතාම පුංචියි නමුත් අතිශය කාර්‍යක්ශමයි. දස දහස් ගණනින් සැක සහිත මුස්ලිම්වරු (watch-list) ගැන මෙයාලා ඇහැ ගහගෙන ඉන්නේ. ඒ එක්කෙනෙක් හරි වැරදි track එකේ ගියොත් ශොට් එක හම්බෙනවා.
    .
    ශුවර් නැද්ද?
    .
    ඊශ්‍රායලයට අල්ලපු සෑම මැදපෙරදිග රටක්ම ISIS ත්‍රස්ථයින්ගේ ප්‍රහාර වලින් බැට කාලා තියෙනවා. ඒත් මේ වෙනකම් කිසිඳු ISIS ප්‍රහාරයක් ඊශ්‍රායල භූමිය තුලදී සිද්ධ වෙලා නැහැ .
    .
    අදවෙනකොට තමන්ගේ වැසියන්ට ලෝකයේ 8 වෙනියට වැඩිම ආයු අපේක්ෂාවක් හිමිකර දෙමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ මේ ගේම් එකේ මාස්ටර්ස් ලා බවට පත් වෙලා තියෙනවා
    .
    මූලික කරුණු
    Ronan Bergman ලියූ Rise and Kill First නම් කෘතිය ඇසුරිනි

    :confused: