Island wide power outage - හදිසි විදුලි බිඳවැටීම
හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් සපයන්න. - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.
අද (25) පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර හැකි ඉක්මණින් එම පරීක්ෂණ වාර්තාව තමා වෙත ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධ කරුණු විමසීම සඳහා අද ප.ව. 07.00ට විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටු රැස්වීමක් පැවැත්වෙන අතර ඒ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සහ සාමාන්‍යාධිකාරි එම්.සී. වික්‍රමසේකර යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය.
SMT - MOPRE