Island wide power outage - හදිසි විදුලි බිඳවැටීම

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    Island wide power outage - හදිසි විදුලි බිඳවැටීම

    BudiLBl.png


    හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් සපයන්න. - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය.

    අද (25) පස්වරුවේ සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර හැකි ඉක්මණින් එම පරීක්ෂණ වාර්තාව තමා වෙත ඉදිරිපත් කරන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

    මෙම හදිසි විදුලි බිඳවැටීම සම්බන්ධ කරුණු විමසීම සඳහා අද ප.ව. 07.00ට විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටු රැස්වීමක් පැවැත්වෙන අතර ඒ සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සහ සාමාන්‍යාධිකාරි එම්.සී. වික‍්‍රමසේකර යන මහත්වරුන්ද සහභාගී වීමට නියමිතය.

    SMT - MOPRE
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සමහර රටවලනම් ඇමතිවරු ඉල්ලා අස්වෙනවා රටේම විදුලිය බිද වැටුනොත් ...

    මේවානම් සුම්ම සිරිලංකාවේ ..නොදන්නා යට දැනගන්න විතරයි මේක කිවේ ඔන්..:P
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඇමතිව අපුරුවට නිළධාරියෝ ටික අන්ඳනව. වාර්තාව විතරයි. ඉදිරි ක්‍රියා මාර්ග නැත.