Issara My3 dan Apahu Mahindata Support

Mama Nam

  • Issara MY3 ta, dan Mahindata

    Votes: 91 53.2%
  • Issarath MY3 , danuth MY3

    Votes: 80 46.8%

  • Total voters
    171
  • Poll closed .

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මම නම් මෛත්‍රීට ඡන්දේ දීපු කෙනෙක්.......මෛත්‍රීට කඩේ ගියා මේ කිරියෙම.....දැන් තමයි මට මුන්ගේ ගේම තේරෙන්නේ...............ඒ නිසයි මහින්ද ඕනේ

    උබ කාලයක් මහින්ද හොරා කියලා තදටම පිළිගත්තා නේද ? ඇයි වෙනස් උනේ බැසිල් රට පැනපු නිසාද ?;)
     
    my3 ta chande dunna nam uta molayak thiyena 1k wenna oni
    ahema molayak thiyena 11k ta me wena dewal therum ganna beri wenne ne,
    maha benku adi pathige case aka arenna wena kisi wereddak me anduwen wela ne ratata hani wena


    Mangala Samaraweera WATCH

    19 වෙනි සංශෝධනය ගැන මොනවාද දන්නේ?

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්....

    මෙහෙමයි මචං මුලින්ම උඹලැ පම්පෝරිය නවත්තගනින් මහින්දට ඡන්දේ දෙන හැමෝම මෝඩයි, වෙනසක් ඉල්ලපු රනිල් ගේ පොරවල් තමයි ඩයල්ස් කියලා......එහෙම එකක් නැ...ගොඩාක් ඉගෙන ගත්ත මිනිස්සු මහින්ද වෙනුවෙන් කතා කරනවා මම දැක්කා.....
    ඒ වෙන අය දකින්නේ නැති පැත්තක් ඒ අය දැක්කා....නැතුව මහින්ද ගේ වැඩ 100%ක් අනුමත කරනවා නෙමෙයි.....දැන් ඒ පැත්ත මමත් දකිනවා එළිපිට සිදුවෙනවා...උඹ නොදැකීම රටේ අවාසානාව
     
    • Like
    Reactions: mdrc111
    උබ කාලයක් මහින්ද හොරා කියලා තදටම පිළිගත්තා නේද ? ඇයි වෙනස් උනේ බැසිල් රට පැනපු නිසාද ?;)

    නැ රනිල් පිනට හරි අගමැති වෙලා දැන් කරන වැඩ දකින නිසා
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Mangala Samaraweera WATCH

    19 වෙනි සංශෝධනය ගැන මොනවාද දන්නේ?

    රනිල් ගේ තවත් ගොන් වැඩක්!

    මිලේනියම් සිටි 2 ට සියල්ල සුදානම්....

    මෙහෙමයි මචං මුලින්ම උඹලැ පම්පෝරිය නවත්තගනින් මහින්දට ඡන්දේ දෙන හැමෝම මෝඩයි, වෙනසක් ඉල්ලපු රනිල් ගේ පොරවල් තමයි ඩයල්ස් කියලා......එහෙම එකක් නැ...ගොඩාක් ඉගෙන ගත්ත මිනිස්සු මහින්ද වෙනුවෙන් කතා කරනවා මම දැක්කා.....
    ඒ වෙන අය දකින්නේ නැති පැත්තක් ඒ අය දැක්කා....නැතුව මහින්ද ගේ වැඩ 100%ක් අනුමත කරනවා නෙමෙයි.....දැන් ඒ පැත්ත මමත් දකිනවා එළිපිට සිදුවෙනවා...උඹ නොදැකීම රටේ අවාසානාව

    මුලිකම දෙය උබ බයවෙලා තියෙන්නේ ඔය මහින්ද මවපු පිල්ලියකට ..
    විදායක ක්‍රමය සම්පුර්ණයෙන් අහෝසි කරන්නේ නැ එහෙම කලොත් ප්‍රන්ත ආණ්ඩු බිහිවෙන්න තියෙන ඉඩ කඩවැඩි .. විදායකයේ බලය උපරිම සිමා කරලා ඒවා පාර්ලිමේන්තුවට ලබා දීමෙන් වෙන්නේ ජනතා අවශ්‍යතාවය ඉටුවීමක් මන්ද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ජනතාවගේ මතය ජනතාවගේ මතයට එහායින් විදායකය යනවා නම් එතන ප්‍රජාතන්තවාදය ඇතිවෙන්නේ නැ ..

    මෙම ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ .. පාර්ලිමේන්තුව සක්‍රිය කරන්න ..
    උබලා ඔය ඉල්ලන විදායකය ජනාධිපති කෙනෙක් එක්ක පාර්ලිමේන්තුවක් වැඩක් නැ මචං .. ජන්දෙට යන වියදම අපරාදේ ජනතමතය අපතේ යෑමක් ඒ වෙනුවට ජනාධිපතිවරණයක් විතරක් ප්‍රමාණවත් මොකද ජනාධිපතිට පුළුවන් බයියෝ දෙතුන් දෙනෙක් අල්ලාගෙන රට තම හිතුමනාපේට පාලනය කරන්න ඔය විදායක ජනාධිපති ක්‍රමය සැකසිලා තියෙන්නේ අන්න ඒ ආකාරයට ..

    නමුත් මහින්ද වගේ හැම ජනාධිපතිකෙනෙක්ම විදායකයේ අසීමිත බලතල අසීමිත ලෙස යොදානොගන්න පුළුවන් ඒ නිසා කෙනෙක්ට පෙන්න පුළුවන් මේ විදායක ක්‍රමයේ ඇති වරදක් නැ කියලා නමුත් ..

    අනාගතයදේ තවත් මහින්ද වරු බිහිවෙන්න ඉඩ කඩ තියෙනවා ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරගැනීම වැදගත් ..

    මචං පටු ආකල්ප වලින් මේ දිහා බලන්න එපා ජාතින් කෙරෙහි තියෙන දෙෂසහගත සිතුවිල්ලෙන් මේ දිහා බලන්න එපා ...

    අපි පාර්ලිමේන්තු ජන්දයකදී කැබිනට් එකක් පත් කරගන්න ජන්දේ ලබා දෙන්නේ ඒ මතය බලපෑමකින් තොරව ක්‍රියාත්මක කරගැනීමට ජනතාවට අවශ්‍ය නිසා ..

    විදායක ජනාධිපතිට අනවශ්‍ය ලෙස බලපෑම් කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තුවක් වැඩක් නැ ..

    විදායක ක්‍රමය නැති රටවල් අද ඉතාම දියුණුයි බන් .. උබ පුළුවන් නම් එහෙම නැ කියලා තර්කයක් ගොඩ නැගපන් ..

    විදායක ක්‍රමය පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තුව බලවත් වෙන රටක් සැම විටම ගන්නේ නිවැරදි තීරණ .. එක්පුද්ගලයෙක් මත පදනම් නොවී සමස්ථජාතියම පදනම් කරගෙන එය තමයි රටට අවශ්‍ය ..
     
    • Like
    Reactions: akilar25

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    රාජපක්ෂ හොරුන්ට මීට පස්සේ ජන්ද දෙන්නේ නෑ
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රාජපක්ෂ හොරුන්ට මීට පස්සේ ජන්ද දෙන්නේ නෑ
    :) ස්වාධින හැගීමෙන් රට දිහා පුර්ණ අවබෝදයකින් බලන ඕනෑම කෙනෙක්ට තේරෙනවා මහින්ද පවුල සුනාමියෙන් පසු සිට රටට වින කරන්න පටන්ගත්ත පිල්ලියක් බව ..
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,026
    239
    63
    මහින්ද ට හොරා හොරා කියන අයගෙන් මම මේ ටික අහන්නේ, දැන් ආණ්ඩුවේ ඉන්නේ හොරු නෙමෙයි ද? හොරු ඇත්තෙම නැද්ද එතන? මෛත්‍රීපාල ෆුල් අවංකද? එයා ගහගෙන නැද්ද? ඇයි එයා 1994 ඉඳන් මහවැලියම ඉල්ලන්නේ? ඇයි ජනාධිපති වෙච්ච ගමන්ම මහවැලිය එයාට ගත්තේ?
    මහින්දත් එක්ක ඇර ගත්තෙත් මහවැලිය නිසා නේද? ඇයි ඒ?
    මේකයි ඇත්ත කතාව මේ රටේ (හැම රටකම වගේ) දේශපාලකයෝ ආවාම ගහ ගත්තා.. මම පුද්ගලිකව දන්නවා රාජිත කොච්චර නම් හොරෙක්ද කියලා.....අඩුම ගාණේ මහින්ද ජාතියට වැඩක් කළා....රාජිතයා තනිකර මුස්ලිම් ඡන්ද වලට උඩ පනින එකෙක්....

    අද PC house අයිති අය ඒ කාලේ ජේ ආර් ගේ කාලේ විදේශ ඇමති හමීඩ් ගේ නෑයෝ, caravan bakers අයිති හකීම් ගේ ගෑණිට, රවි කරුණානායක ට අයිති නැව් කම්පැනි, රාජිතට අයිතියි නැව්, රෝසි යි රාජිතයි එකතු වෙලා ඉඩම් ගහගත්ත හැටි අපි දන්නවා.....ඒ නිසා එයා හොරා මෙයා හොරා කියලා අයින් කළොත් පාර්ලිමේන්තුවම හිස් වෙයි!
    නමුත් ඇයි අපිට මහින්ද ඕනි? මහින්ද කෙළින් වැඩ කළා, ඉන්දියාවට ඕනි විදිහට නැටුවේ නෑ.....චීනෙත් එක්ක සම්බන්ධතා වර්ධනය කරගෙන ඇමරිකාවෙන් එන තර්ජන වලින් බේරෙන්න ආරක්ෂක දැලක් හැදුවා....ෆෙඩරල් දෙන්න බෑ කිව්වා...උතුරේ සිංහල අය පදිංචි කළා......
    ඒ වගේම වැරදිත් කළා...........හැබැයි මේ රටේ අත්‍යාවශ්‍ය දේවල් අවශ්‍ය විදිහට සිදුකළා........

    දැන් බලන්න ....මහින්ද ගොඩනගපු චීන සම්බන්ධතා මේ අවලං රනිල් රජය කඩා බිඳ දමනවා....යුධ අපරාධ පරීක්ෂණයට සහාය දෙන්නේ නැ කිව්වාට සහාය දෙනවා.........මම දන්නේ නැ මෛත්‍රීත් මේවා දන්නවා ද කියලා....
    දැන් රටේ පවතින අස්ථාව බව බලන්න! මේ රජයට කොටි එක්ක හැප්පෙන්න පුළුවන්ද සංවර්ධනය ගැන කතා කරන්න පුළුවන්ද? ඇයි ලොකුම වැඩේ රජය පවත්වා ගැනිම නේ.....

    :yes::yes::yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    Mahinda janadipathi kamata illuwanan chande denne na. Agamathita illanawanan full support. Mahindawa control karanna eyaata udin kauru hari inna oni. UNP unta chande denne na ayith
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    MR ? really ? palath saba manthri kamakatawath ayi oya nasthikarayawa epa, ayi pathunoth waththa pitiya pawa a/c korala koti ganan puchchala dai. ayyo salli :lol: