[ IT දැනුම නොමිලේම ඔබේ දෝතට......]

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Amoo ubanam deiyek ban..mechchara dewal tibilath ai api me dewal gena denuwath natte kiyala hitenawa.me wage dewal hema ekath ekkama share karaganna tibenawanam godak watinawa....Thankzz again saho...
     
    • Like
    Reactions: ftthushara

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Microsoft Virtual Academy

    :cool::cool:;);):cool::cool:

    RQCafwyX.png

    Microsoft Virtual Academy(MVA) පිළිබඳව ඔබ තවම දැනුවත් නැද්ද? එහෙනම් ඒ සඳහායි මේ අවස්ථාව. MVA වෙබ් අඩවිය ලොව පුරා විසිරි සිටින මානවයන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කිරීමෙහිලා සිදුකරන සමාජ සත්කාරයක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්. සරලවම කිවහොත් ගණන් කර අවසන් කල නොහැකි තරමේ පැය ගණනකින් යුක්ත අභ්‍යාස වීඩියෝ(online training videos) රැසකින් මෙය සමන්විතයි. මෙහි විශේෂත්වය වන්නේ සියලුම පාඨමාලාවන් නොමිලේම ඕනෑම අයෙකුට වයස් බේදයකින් තොරව හැදෑරිය හැකිවීම.

    mva_rock.png

    IT ක්ෂේත්‍රයේ නිරත වෙලා ඉන්න අයට තිබෙන ප්‍රධානම ගැටළුව තමයි දිනෙන් දින අලුත් වන තාක්ෂණය සමඟ ඉදිරියට යාම. තාක්ෂණය දිනෙන් දින විකාශනය වෙනවා. ඉතින් මේ ක්ෂේත්‍රයේ දිගටම රැදී සිටිමට නම් ඒ අලුත් වන තාක්ෂණික දැනුම ලබා ගැනීම අනිවාර්යය වනවා. අන්තර්ජාලය තුලත් සේවා රැසක් ක්‍රියාත්මකයි. නමුත් ඒ සියලු වෙබ් අඩවි වලට වඩා MVA අභිභවා යන්නේ කෙසේදැයි මේ ලිපිය අවසානයේදී ඔබට හැගෙනු ඇත.

    mjo.jpg

    1. MVA භාවිතා කිරීමට කොපමණ මුදලක් වැය වෙනවාද?

    Microsoft Virtual Academy සම්පූර්ණයෙන්ම නොමිලේ ක්‍රියාත්මක වන සේවාවක්. Microsoft තාක්ෂණයන් පමණක් නෙමෙයි මෙහෙදී හදාරන්නට පුළුවන් වෙන්නේ. මේ සඳහා ඔබට අවශ්‍යය වන්නේ Microsoft Account එකක් තිබීම පමණයි.

    2. මෙහි ලබා දී ඇති පාඨමාලා නොමිලේ ලබා ගත හැකි නිසා ඒවා යවත්කලීනද?

    MVA හරහා පුළුල්ව විහිදුනු Microsoft තාක්ෂණයන් සියල්ලම පාහේ සහ අනෙකුත් තාක්ෂණයන් ද ආවරණය වෙනවා. සියලුම පාඨමාලා දිනපතා යාවත්කාලීන වනවා. පාඨමාලා විවිධ මට්ටම් වලින් හැදෑරිය හැකියි.

    3. කොපමණ පිරිසක් MVA භාවිත කරනවාද?

    MVA සමඟ ලොව පුරා විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා. මේ සංඛ්‍යාවන් නම් දිනෙන් දින වෙනස් වෙනවා. කෙසේවෙතත් මේ ලිපිය ලියන විට සම්පූර්ණ ප්‍රමාණය 3,381,838 ක් පමණ වන අතර ශ්‍රී ලාංකිකයෝ 5200 ක් පමණ මේ අතර සිටිනවා.

    4. මේ පාඨමාලා සකස් කරන්නේ කොහොමද?

    මේ එක් එක් පාඨමාලා මොඩියුල කිහිපයකට බෙදනවා. සෑම මොඩියුලයක්ම අවසානයේම self-assessment exam එකක් තිබෙනවා. මේ එක් එක් මොඩියුල සහ exam අවසන් කල විට ලකුණු ලැබෙනවා.

    උදාහරණයක් විදියට,

    පාඨමාලාව – Porting Unity Games to Windows 8.1 and Windows Phone
    සම්පූර්ණ පාඨමාලාවටම ලකුණු – 79

    image_thumb_2.png

    ඔබ සෑම මොඩියුලයක්ම සාර්ථකව අවසන් කල විට ඒ අදාල ලකුණු ප්‍රමාණය ගිණුමට එකතු වේ. ඔබේ ලකුණු ප්‍රමාණය අනුව ඔබව තත්ත්ව කිහිපයකට බෙදෙනවා. ඒ මෙලෙසින්,

    ලකුණු 0 – 99 අතර නම් Bronze
    ලකුණු 100 – 499 අතර නම් Silver
    ලකුණු 500 – 2,999 අතර නම් Gold
    ලකුණු 3,000+ නම් Platinum

    6. කාලසීමාවකදී හැදෑරිය හැකි පාඨමාලා සංඛ්‍යාව සීමා කරලද තිබෙන්නේ?

    නැහැ, ඕනෑම වෙලාවක ඕනෑම පාඨමාලා සංඛ්‍යාවක් හැදෑරිය හැකියි. ඒ වාගේම සෑම self-assessment exam එකක්ම ඔබට අවශ්‍යය ඕනෑම වාර ගණනක් ලබා ගන්න පුළුවන්.

    7. මේ පාඨමාලා මොන වගේද?

    පෙරත් සඳහන් කල පරිදි මේ පාඨමාලා මොඩියුල වලින් සමන්විතයි. එක් එක් මොඩියුල විවිධ අංග වලින් සමන්විතයි. ඒ කිව්වේ, මොඩියුල වීඩියෝ ඉදිරිපත් කිරීම් වලින් සහ word,pdf වාගේ documents වලින් යුක්තයි. මේ සෑම resource එකක්ම අවශ්‍යය නම් download කරගෙන භාවිතා කරන්නත් පුළුවන්. ඒ වාගේම මේ සෑම පාඨමාලාවක්ම ඉදිරිපත් කරන්නේ අදාල ක්ෂේස්ත්‍රයේ ප්‍රවීණයන් හා අදාල තාක්ෂණයන් ලොවට හඳුන්වාදුන් පුද්ගලයින් විසින් වීමද විශේෂත්වයකි.

    9. කොහොමද මේ MVA පුහුණුව ලබා ගන්න පුළුවන්?

    අන්තර්ජාලය හරහා Microsoft Virtual Academy වෙත සම්බන්ධ වෙන්න පුළුවන්.

    10. MVA සතුව තිබෙන තවත් විශේෂතා මොනවාද?

    මෙහි ඇති තවත් අංගයක් තමයි Learning Plan එකක් සකස් කර ගැනීමට පහසුකම් ලබා දීම. මේ හරහා ඔබට හැදෑරීමට අවශ්‍යය පාඨමාලා ගොණු ගත කර ගන්න පුළුවන්. ඔබේ MVA ගිණුමට ඇතුල් වූ පසු ඉතා පහසුවෙන් මේ හරහා ඒ ඒ පාඨමාලා වලට ලගා විය හැකියි.

    image_thumb.png

    ඔබේ පාඨමාලා පෙළගැස්මද අවශ්‍යය විටදී පරීක්ෂා කර ගන්න පුළුවන්.

    image_8.png

    සෑම පාඨමාලාවක්ම අවසානයේ ඔබට සහතිකයක්ද ලබා ගන්න පුළුවන්.

    C-Sharp-Certificate.jpg

    11. මොකක්ද මෙහි තිබෙන Leader Board එක?

    MVA Leader Board එක ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. ඒ Weekly,Monthly සහ All Time ලෙසයි. මෙය අදාල සතිය,මාසය සහ සම්පූර්ණ කාල සීමාව තුල වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගත් සාමාජිකයන්ගේ නම් වලින් සමන්විතයි. ඒ විතරක් නෙමෙයි Microsoft සමාගම MVA ආශ්‍රිතව කාලෙන් කාලෙට විවිධ තරඟ සංවිධානය කරනවා. ඒ හරහා ඔබට වටිනා ත්‍යාග දිනන්නටත් අවස්ථාව තිබෙනවා.​


    image.png


    image.png


    image.png


    techguru lk

    Bump
     
    • Like
    Reactions: ftthushara

    Similar threads