@Heshan Daminda දාපු මේ නුල නිසා මටත් කතාවක් කියන්න හිතුනා. කරන්ට් ඉන්ටනේට් අවුල නිසා කෙල වුනේ IT කරන අයට විතරක් නොවයි, IT වලට කිසිම සම්බන්දයක් නැති නමුත් ඔන්ලයින් කරන මම වගේ අයටත් කෙල වුනා.
මම පිටරට ළමයින්ට ක්ලාස් කරනවා එක්සැම් ප්රෙපරේෂන් වලට. එක සෙමිස්ටරයකට ඩොලර් 5000කට වඩා ගෙනත් තියනවා. මේක දවසින් හැදුනේ නැ වසර ගානක මහන්සිය. මේක සුලු ඇති මෙතන අයට සාපෙක්ෂව..නමුත් බයින් සෙලින් It මුකුත් නැතුව ඔන්ලයින් වැඩක් කරලා ගෙනාපු සල්ලි මේ.
නමුත් අද ඒකට හෙන වැදිලා. කරන්ට් ප්රශ්න එක්ක, කාල පරාස පරතරයත් එක්ක මාරම අවුලක ඉන්නේ මමත් ඉගෙන ගන්න ලමයිනුත්.
තෙල් නැ කරන්ට් නැ කියන එකේ අවුල තාමත් කරුවලේ ඉන්න එක නෙවෙයි බොල. කරුවලට ඉටිපන්දමක් පත්තු කරනන පුලුවන්. නමුත් සැබැ අවුල තමයි අපේ ප්රඩක්ෂන් එක, මාකට් එක කැඩෙන එක. ඒක ආයිත් ලයිට් ඇවිත් ස්විච් එකක් දාලා බල්බ් එකක් පත්තු කරනවා වගේ හදාගන්න බැ.