IT Industry එකට ChatGPT වල බලපෑම කොහොමද?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    IT Industry එකේ ඉන්න අයගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක්.

    ChatGPT ඇවිත් දැන් මාස 6ක් විතර වෙනවා. ChatGPT සහ ඒ වගේ අනිත් AI Software නිසා ඔයාලා වැඩකරන කම්පැනි වල Software Developer ජොබ් වලට වෙලා තියෙන බලපෑම මොන වගේද? දැනට ඉන්න Software Developer ලා ජොබ් වලින් අස් කරලා තියෙනවද? ඉස්සරහට අලුතින් බඳවාගන්න ඉන්න Software Developer ලා ප්‍රමාණය අඩු කරන්න යනවද?

    තව පිරරටවලින් ඔයාලගෙ කම්පැනි වලට ලැබෙන ප්‍රොජෙක්ට් වල අඩුවීමක් තියෙනවද?
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මම වැඩ කරන්නේ කම්පනියේම ඉම්ප්ලිමෙන්ට් කරපු බැක් එන්ඩ් ෆ්‍රේම් වරක් එකක. ඉතින් අපිට ChatGPT වල ලොකු බලපෑමක් නෑ. ChatGPT වලින් කන්ටෙක්ස්ට් ස්පෙසිෆික් කෝඩ් ලියන්න බැරි නිසා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    positive.
    chatgpt කාරයා උත්තර විදියට බොරුත් මිශ්‍ර කරල දෙන නිසා. ඌ දෙන උත්තර හරියට අදුර ගන්න දක්ෂතාවක් ඔ්න. චැට්ජීටී ගෙන් විතරක්ම කරන්න බෑ. )
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    IT Industry එකේ ඉන්න අයගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක්.

    ChatGPT ඇවිත් දැන් මාස 6ක් විතර වෙනවා. ChatGPT සහ ඒ වගේ අනිත් AI Software නිසා ඔයාලා වැඩකරන කම්පැනි වල Software Developer ජොබ් වලට වෙලා තියෙන බලපෑම මොන වගේද? දැනට ඉන්න Software Developer ලා ජොබ් වලින් අස් කරලා තියෙනවද? ඉස්සරහට අලුතින් බඳවාගන්න ඉන්න Software Developer ලා ප්‍රමාණය අඩු කරන්න යනවද?

    ඕකෙදි කෙලින්ම IT කම්පැනිවල අයට වඩා, වෙන වැඩ වලදි IT සයිඩ් එකෙන් ඕනා උන අයට තමා වදින්නේ කියලා හිතනවා.

    උදාහරණයක් විදිහට අපේ සෞඛ්‍ය වැඩ වලදි අපි ඉස්සර පොටෝ එකක් බැනර් එකක් හදාගන්න පිටින් කට්ටිය හරි, රජයේ වොකේෂනල් ට්‍රේනින් එවන අය හරි තමයි ගත්තේ. ඒත් අපේ හිතේ තියන එක උනේ නැ සමහර වෙලාවට. දැන් අපිටම AI හරහා අපිට ඕනා බැනර් එක පටෝව හදාගන්න උදව් වෙනවා. මිනිස් රුපයක් උනත් අපිම හදාගන්න ලේසියි, ටයිප් කරන්න ඕනා ක්ෂේත්‍රයේ ටර්ම්ස් එහෙම දන්න නිසා ලේසියි.

    ඒ වගේම මම දන්න යාලුවෙක්, එයා ඊමෙල් ⁣එහෙම රිප්ලයි කරන්න කිප දෙනෙක් තියනං හිටියා. දැන් එයා Email ඔක්කෝම ගහගහන්නේ chatgpt එකෙන්. මිනිහ කියලා මාත් දැන් email වලට ඕක පාවිච්චි කරනවා.

    ඒක නිසා මම හිතන්නේ It නොවන ක්සේත්‍රවලින් හම්බ කරන් හිටපු අයට තමා කෙලින්ම වදින්නේ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මමත් ආපු කාලෙම හිතුවේ හෙන බලපෑමක් එයි කියල. මොන බලපෑමක් වත් නැ බන් ඔය AI එන්ගින් එක හුගක් වෙලේට බොරු දෙන්නේ. උ නිකන් හිතලා ඔහේ කියනවා වගේ පෙන්නේ. එත් දන්නෙම නැති එකෙක කෝඩ් ඉගෙන ගන්න යොදා ගන්න පුළුවන්. ඒ ඇරෙන්න කිසිම බලපෑමක් වෙලා නැ .

    හැබැයි දැනට තියන චැට් බෝට් ලා සර්විස් බෝට් ලා එහෙම රීප්ලේස් වෙයි ඕකෙන්.

    ඕකෙන් වෙන ලොකුම හේනේ තමා අමු මෝඩයෝ බිහි වෙන එක. දැනටම බලපන් කැම්පස් වල ඉන්න උන් හැම දේම කරගන්නේ ඕකෙන්. ඉන්දස්ට්‍රි එකේ වැඩ කරන උන් කෝඩ් එක දන දන ඕකේ ගහලා තමා ගන්නේ. තමන්ගේ ක්රියෙටිවිටි එකට සහ බුද්ධියට කෙලවෙනවා කියන එක උන්ට තේරෙන්නේ නැ . ඕක නිසාම හුගක් කම්පැනි වල පොලිසි එකක් විදිහට ඕක පාවිච්චි කරන එක තහනම් කරලා තියෙනවා දියුණු රටවල් වල. අපේ කම්පැනි එකෙත් කතාවක් යනවා ඕක පාවිච්චි නොකරන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම සෑහෙන ප්‍රයෝජන ගන්නවා. මුලු project එකක්ම ඒකට කියල කරවගන්න බැරි උනත් වරු ගනන් research කරලා කරන්න ඕනෙ සමහර දේවල් විනාඩියෙන් දෙකෙන් කරගන්න පුලුවන්. CS, ඊමේල් යවන ඒවා වගේ පොඩි ඒත් කාලෙ වැයවෙන වැඩවලට මරු. මේ ලඟදි ඉඳන් google voice, alexa වගේ සර්විස් වල ලොකු දියුනුවක් තියනව කියල දැනෙනව. වෙනදට වචනයක් එහේ මෙහේ උනත් වැඩකරන්නෙ නැති ඒවා ඕනෙ විදියකට කරකවල කියන්න පුලුවන්

    තාම chatgpt එකට මිනිස්සුන්ගෙ සංකීර්ණ වාක්‍ය රටා තේරෙන්නෙ නෑ. ඒකට තේරුම් කරන්න හැමෝටම තේරෙන්නෙත් නෑ. තේරුනත් ඒකට කරන්න පුලුවන් දේවල් සීමිතයි. මම හිතන්නෙ IT කරන අයට තාමත් බලපෑමක් නෑ.

    මිනිස්සු එක්ක ගනුදෙනු කරලා ඉගෙනගන්න දේවල් එක්ක Chatgpt v7 වගේ එනකොට අපි හැමෝම කොනක ඉඳන් replace වෙන්න පටන් අරන් gpt operators කියල job වර්ගයක් විතරක් ඉතුරුවෙන්න උනත් ඉඩ තියනව :sorry:
     

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    i can see a impact in positive manner

    මම වැඩ කරන්නේ කම්පනියේම ඉම්ප්ලිමෙන්ට් කරපු බැක් එන්ඩ් ෆ්‍රේම් වරක් එකක. ඉතින් අපිට ChatGPT වල ලොකු බලපෑමක් නෑ. ChatGPT වලින් කන්ටෙක්ස්ට් ස්පෙසිෆික් කෝඩ් ලියන්න බැරි නිසා.
    same here
    ------ Post added on Jun 11, 2023 at 7:50 AM
     
    • Like
    Reactions: NRTG and EKGuest