මම දන්න ITD කතාව

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,868
    8,227
    113
    ලංකාවෙ ගොඩක් IT කම්පැනි වල IT Department එකක් තියෙනව. මම මේ කතා කරන්න හදන්නෙ තමන්ගෙම කියල Data Center එකක් එහෙම තියෙන කම්පැනි වල IT Department ගැන.

    ITD වල ඉන්න අයගෙ designations යන්නෙ IT Assistant, IT Executive, Systems Administrator, Systems Support Engineer වගේ ටයිටල්ස් වලින්.

    සාමන්‍යෙයෙන් අපි දකින meme එකක් තියෙනව "ITD නම් ඉතිං Restart තමයි" කියල. කම්පැනි එකක ඉන්න අනිත් අය ටිකක් විහිලු කරනව ITD එකේ කට්ටියට මොනව කිව්වත් කියන්නෙ Restart කරන්න කියලනෙ ඕක ඉතිං අපිටත් කරගන්න පුලුවන්නෙ කියල. දන්නවද ගොඩක් IT සිස්ටම්ස් වලට හොඩක් හොඳ විසදුමක් තමයි අවුලක් වෙලාවට restart කරල ගන්න එක. සිස්ටම් restart එකකින් 99%ක්ම සිස්ටම් එකේ අවුල් හරි ගිහින් යතාථත්වයට පත් වෙනව. ice ගහන ITD වල අය ඉතින් අනවශ්‍ය විදිහට මේක පාවිච්චි කරනව වෙන්න පුලුවන් නමුත් එහෙම නොවෙන කෙනෙක් මෙහෙම කිව්ව කියල ඒක වැරදි තැනකට දාන්න එපා.

    ITD එක කියන්නෙ කම්පැනි එකක හදවත වගේ. එයාල තමයි කම්පැනි එකේ Data Center එක බලාගන්නෙ. පරිස්සම් කරන්නෙ. Physical Security වගේමන් Systems Security කියන දෙයාකරයටම. ඒ වගේම සම්පුර්ණ කම්පැනි එකේම Network systems, CCTV systems, WI-FI වගේ සියලුම IT Infrastructures බලාගන්නෙ මෙයාල. මේ හැම දේකම ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් වගකීම තියෙන්නෙ ITD එකට. ඒක සුලුපටු දෙයක් නෙමෙයි. සියලුම දේවල් නියමිත විදිහට තියාගත්තෙ නැතිනම් කම්පැනි එකකට නියමිත ආකාරයෙන් වැඩ කරගන්න වෙන්නෙ නැහැ.

    ඒ වගේම කම්පැනි එකේ වැඩ කරන සියලුම දෙනාගෙ End-Devices ( Laptops, Desktops, Monitors, Company Own Mobile Devices, etc; ) ගැන බලාගන්න ඕනිත් මෙයාල. සර්වර් infrastructure එක වගේම End User Devices වලත් Security එකට මෙයාල වගකියන්ම ඕනි. හාඩ්වෙයාර් වගේම සොෆ්ට්වෙයාර් කියන දෙපැත්තේම සියලු වගකීම් ඒව හරියට හරි ආකාරයට තියෙනවද කියන එක මොනිටර් කරක අවශ්‍ය දේවල් කරන එක මෙයාලගෙ මූලික වගකීම.

    විශේෂයෙන්ම Work From Home කියන concept එකත් එක්ම ITD එකේ වැඩ රාජකාරි වැඩි උනා වගේම වගකීමත් වැඩි උනා.

    සාමන්‍යෙයෙන් ITD එකේ අයට එහෙම 8-5 වැඩ කරන්න අමාරුයි. ඕනිම වෙලාවක අනිත් Departments ( SE, QA, TechOps, DevOps, BA, PM, HR, Admin ) වල අය අරගෙන එන ගැටලු වලට විසදුම් දෙන්න ඔනි. අපි දැන් වැඩ ඉවරයි මම දැන් නිදි කියන්න බැහැ.

    ගොඩක් වෙලාවට සිස්ටම් ඩවුන්ටයිම්ස් ගන්න වෙනව ITD එකේ අයට සිස්ටම් මේන්ටේනස් වලට හරි වෙන department එකකින් ඉල්ලපු අලුත් දෙයක් හරි කියපු අවුලක් විසදන්න හරි. ඉතිං මේ ඩවුන්ටයිම්ස් ගොඩක් වෙලාවට ගන්න වෙන්නෙ කම්පැනි එකේ අනිත් සාමන්‍යෙ වැඩ කටයුතු ඉවර උනාට පස්සෙ. එක්කො සතියෙ දවසක රාත්‍රී කාලයේදී එහෙමත් නැතිනම් ITD එක weekend/long-weekend එකේම ඔෆිස් එකේ. එහෙමයි කියල සදුද එන්නෙ නැතුව ඉන්නත් බැහැ 🥲

    සාමන්‍යෙයෙන් කම්පැනි එකකට ISO ( ISO/IEC 27001 ) ගන්න යනවනම් ITD එකට දෙයියන්ගෙම පිහිටයි 😏 . IT කම්පැනි එකක මූලිකම දේවල් තමයි Data security, Network Security කියන දේවල්. මේ දේවල් වල මුලිකම වගකීම යන්නෙ ITD එකට. අනික සාමන්‍යෙන් ITD එකට වටේම ගිහින් එන බෝල පාස් වෙන එක සුලබ දෙයක්. ITD එකේ කට්ටිය හරිම පරිස්සම් වෙන්න ඕනි වැඩ වලදි. එයාල අතින් වෙන සුලු වැරදි දෙයකින් ලොකු විනාශයක් වෙන්න පුලුවන්.

    මේ විදිහට ගත්තහම ITD එකකට තියෙන වගකීම් රාජකාරි ප්‍රමාණය ඉතාමත් වැඩී වගේම ඒව ගොඩක් වැදගත්. හොඳ IT කම්පැනි එකකට ඉතාමත් හොඳ ITD එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනි.

    සාමන්‍යෙයෙන් ITD එකක් කියන්නෙ කම්පැනි එකට ප්‍රොෆිට් ගේන Department එකක් නෙමෙයි ITD එක සාමන්‍යෙයෙන් හදුන්වන්නෙ Cost department එකක් විදිහට. මෙන්න මේ කාරනාව ඉස්සරහට දාල ගොඩක් වෙලාවට ITD department වලට යම් අසාධාරණයක් සිදුවෙන වෙලාවන් තියෙනව. විශේෂයෙන්ම ඔවුන්ගෙ සැලරි වලදි, බෝනස් වලදි, අවුරුදු පතා සැලරි වැඩි කරන ක්‍රියාකාරකම් වලදි වගේ. නමුත් මගේ මතයනම් ඒක ගොඩක් වැරදි දෙයක්.

    බොහෝ වෙලාවට IT ( Software ) Company එකක එලියට පේන්න තියෙන දේවල් කරන අනික් departments වල අයට සාපෙක්ෂව ITD එකේ අයට ඇහැ යනව අඩුයි, මන්ද ඔවුන් සැම වෙලේම රගදක්වන්නෙ තිරයෙන් පිටිපස්සෙ ජවනිකාවක් නිසා. පහු ගියා කාලයේම මට බොහෝම ලගින් අත්දකින්න ලැබුන යුරෝපයේ IT Companies වල ITD එකේ තත්වයන් කොහොමද කියල. Company එකේ හදවත බලාගන්න ITD එකේ අයට හරිම හොඳ තැනක් ඒ කම්පැනි වල තියෙනව. ඔවුන්ට ඉතාමත් ඉහල වැටුප් හිමි වෙනව. අවාසනාවකට ලංකාවෙ තරමක් ඒ දේ වෙනස්.

    ඉතිං අපි මේ කතා බහ කරන IT Industry එකේ වැඩිය කතා නොවෙන විශේෂිත පිරිසක් ගැන තමයි මම මේ කතා කරේ. ඔවුන් කරන කියන දේවල්, ඔවුන්ගේ ජවනිකාව වගේම යම් විදිහකට ඔවුන්ට වෙන අසාධාරණයන් වගේ දේවල් ගැන.

    සංවාදට විවෘතයි..
    ජය වේවා..😇
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔය එකෙක වචන පට්ටම් තියෙන අයට කාට හරි පුලුවන්ද,

    මෙන් බොඩ් එකක් එහෙම ඩිසයින් කරන්න, පවර් සප්ලයි circuit එකක් ඩිසයින් කරන්න,
    චිප් සෙට් එකක අවුට් පුට් ටික විස්තර කරන්න ?,

    අන්න එහෙම නම් වැඩ කාරයෙක්,
     
    • Wow
    Reactions: Nidarshana_k

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,954
    113
    ඔය එකෙක වචන පට්ටම් තියෙන අයට කාට හරි පුලුවන්ද,

    මෙන් බොඩ් එකක් එහෙම ඩිසයින් කරන්න, පවර් සප්ලයි circuit එකක් ඩිසයින් කරන්න,
    චිප් සෙට් එකක අවුට් පුට් ටික විස්තර කරන්න ?,

    අන්න එහෙම නම් වැඩ කාරයෙක්,

    meka hena gon kathawak ne

    system admin kenek or system engineer kenekta thiyena set of work role ekak thiyenwa,
    ehema ekakata thama e role ekata yana kenek train wenne igena ganne

    u chipset design karanna, circuit design karanna one nam u electrical eng kenek wenwa ne e paththen igena gena

    IT nam okkoma hama it related wena field ekakma master karala thiyenna one kiyala gon theory ekak thiyenwa lankawe smahra wunge
    eka hadila thiyenne eka deyak end wenakan igena ganne nathiwa hama dema chutta chutta igena gaththu company wala dena hama wadema oluwe thiyagena karana ewun hinda,

    e theory eken baluwoth IT field eke wena wenama job role thiyenna one na,
    IT executive hari manager kenek widiyata role ekak hadala uta field eke thiyena hama dema igena gena enna kiyanna wenwa,

    maximum life expectancy eka awurdu 250 k wage thiyenawanm IT walata addicted ekekta nam ehema karanna puluwan weyi,

    hariyata mole wada karana hodata logically hithala wada karanna puluwan ona ekek wadakarayek thama,
    ehema ekekta wada karanna ona thram tools IT industry eke thiyenwa.
    knowledge ekath available 90% freely