Preliminary investigation එකේ තොරතුරු අනුව දනුෂ්කට දාලා තියෙන sexual assault counts 4 න් අඩුම ගාණෙ 3 ක්වත් baseless කියලා පෙනී ගිහින්ලු බං. (ඔව් ඔව්, මේ කියන්නෙ 4 පාරක් හිකුව මගුලක් නෙවෙයි, නඩු පවරපු කරුණු 4 ක්) මේ කියන්නෙ verdict එක නෙවෙයි, හැබැයි law enforcement, investigation හරියට ක්‍රියාත්මක වෙන රටක ගොඩක් දේවල් බලපු ගමන් යන අත අඳුරගන්න අමාරු නෑනෙ.
ප්‍රශ්නය තියෙන්නෙ 3 වෙනි count එකේ. එ‍් කියන්නෙ unprotected කරද්දි informed consent තිබුණද නැද්ද කියන එක. පේන විදිහට එ‍් ගැනත් එයා එ‍් වෙලාවෙ මොනවත් කියලා නෑ. අකමැත්තෙන් හිටියා කියල කිව්වට එ‍්කට proof මොනවා හරි තියෙන්න ඕන කියලා පිළි ගැනීමක් තියෙනවා. විශේෂයෙන්ම අනිත් කෙනාට එ‍් බව දැනුම් දුන්නාම ප්‍රතික්ෂේප කරාද කියන එක.
පස්සෙ කතා කරලා argument එකක් ගිහින් ඊට පස්සෙ තමයි අදාළ කාන්තාව පැමිණිල්ල කරලා තියෙනවා කියල කියන්නෙ. (මේක අනිත් පැත්තෙන් corroborate කරලා නැහැ. හැබැයි communication සාක්ෂිවලින් හරියටම දැන ගන්න පුළුවන් වෙයි)
කෙනෙක්ගෙ safety එකට තර්ජනයක් වෙන වෙලාවක අනිවාර්යයෙන්ම sexual assault ගැන දැනුම් දෙන්න වෙලාවක් යන එක භාර ගන්න පුළුවන්. හැබැයි එහෙම environment එකක් තිබුණ බව පෙන්නුම් කරන්න ඕන. එහෙම වුණොත් හරි අැති. හැබැයි මේකත් පේන විදිහට corroborate කරන්න ලේසි නැති වෙයි. හරිම friendly, common වටපිටාවක මේක වුණ පාටක් තියෙන්නෙ.
ක්‍රිකට් tour එකක් ගිහින් ඉද්දි මේවා කරපු එකේ හරි වැරැද්ද සම්පූර්ණයෙන්ම වෙනමම කාරණයක්. එ‍්ක SLC, ICC වගේ අදාළ අායතන බලා ගනියි. හැබැයි දනුෂ්ක ගැන ඔස්ට්‍රේලියානු නීතියට අදාළ වෙන ලිංගික බලහත්කාරකම්, සහ සමහර තැන්වල කෙළින්ම දූෂණය කරා කියල තිබුණ චෝදනා සම්පූර්ණ අනිත් පැත්ත හැරෙන පාටක් තියෙන්නෙ.
මේ වගේ දේකදි ගැහැණු කෙනා එල්ල කරන චෝදනාවට ඉඩක් ලබා දෙන එක ගොඩක් වටිනවා. හැබැයි එ‍්ක abuse කරන අයත් නැතිවම නෙවෙයි. ඉතින් එ‍් චෝදනාවල පදනම ගැනත් හොයලා බලන එක වටිනවා.
මාස දෙකක් remand ඉන්නත් හේතුව out of court settlement එක දනුෂ්ක ප්‍රතික්ෂේප කරපු එක. එ‍් වගේම පැමිණිලි පාර්ශවය මේකෙ මාධ්‍ය අාවරණය අඩු කරන්න try කරන පාටකුත් තියෙනවා. දනුෂ්කගෙ පැත්තෙන් මේක අැදගෙන යන්න තීරණය කරපු එක සලකා බලන්න වටින කරුණක්.
මේක ඉතින් මගෙ මතය විතරයි. හැබැයි පේන විදිහට මේ සිද්ධියෙන් දනුෂ්කයා නිදහස් වෙන පාටක් තියෙන්නෙ. අනිවාර්යයෙන්ම tour එක මැද්දෙ මේක වුණ එක ගැන ප්‍රශ්නයක් තියෙයි. හැබැයි බලහත්කාරයෙන් මොකක් හරි කරාද කියන එක ගැන නම් ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා.
ඉතින් title එකේ වගේම මේක සුද්දිට එච්චර හොඳ විදිහකින් විසඳෙයි කියල හිතන්න අමාරුයි.