Jaffna mokakda scene ekaklu ballo

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,062
    2
    54,854
    113
    යාපනය පලාලි ඇන්තනීපුරම් මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 08 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ 26 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට උතුරු නාවික විධානය පවසා සිටියේය.

    අදාල සැකකරු තෙප්පම් වර්ගයේ යාත්‍රාවකින් මෙම කේරල ගංජා තොගය වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට උත්සහ ගනිමින් සිටියදී උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තෙප්පම් නැමති යාත්‍රාව තුල සඟවා තිබූ පාර්සල් 13 ක මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.

    අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට සැකකරු විසින් රැගෙන විත් යාපනයේ වෙනත් ස්ථානයකට ප්‍රවාහනය කිරීඹට සැලසුම් කොට තිබියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇතැයිද නාවික හමුදාව පැවසීය.

    අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 21 ක් වයසැති අයෙකු වන අතර ඔහු පලාලි ඇන්තනීපුරම් ප්‍රදේශයේ පදිංචි වූවෙකු බවටත් ඔහුත් සමග කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පලාලි පොලීසියට භාරදීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,060
    14,453
    113
    වැලිවේරිය
    Looking Good White Chicks GIF by BrownSugarApp
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ලු?

    දෙයියෙක් කිව්වා නේද? යාපනේට වැඩලා පොඩ්ඩක් බලලා අපිටත් අප්ඩේට් එකක් දෙන්න බැරිද? :oo:
     
    • Haha
    Reactions: Solo Rider