මා සමඟ එක් වී සිටින දේශපාලන නායකයින් හා
ජනතාව සමඟ මම අදියර දෙකකින් රට ස්ථාවර
කිරීමේ වැඩසටහන ක්රියාත්මක කරන්නෙමි. පළමු
අදියර නම් ක්ෂණික ගැටළු විසඳීම උදෙසා වන
දින සියයක කඩිනම් වැඩසටහනයි. ඒ සඳහා දින
සියයක අන්තර් කාලයක් සඳහා ජාතික සමගි
සන්ධාන ආණ්ඩුවක් පිහිටුවමි. එම වැඩසටහන ශ්රී
ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය,
ජාතික හෙළ උරුමය හා මෙම වැඩසටහන
සමඟ එක් වීමට කැමති වත්මන් පාර්ලිමේන්තුව
නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂවල
මහජන නියෝජිතයන්ගෙන් ද සමන්විත වන
ජාතික ආණ්ඩුවක් හරහා ක්රියාත්මක කරන්නෙමි.
එම ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස වත්මන්
විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මැතිතුමාව පත්
කරන්නෙමි.