Jana New Non Stop

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කව්රු හරි ලග ජනාගේ මේ සින්දු ටික තියන Non Stop එක තියනවද?

    තියා අතීතය මාළඟ පියා‍ඹා ගියාවද ඔබ
    පුරවි කිරිල්ලී පුරවි කිරිල්ලී
    හිනා අමතකව ගිය මට
    හීනයක්ද තාමත් ඔබ
    කියන්න දේවී... කියන්න දේවී...

    හදේ ගැඹුරු ගැබ
    ඔබ උන් තැනින් නැගුණු
    දුකට වඩා දුකක් නැහැ ලොවේ
    ඉකිලන වේදනාව විතරද මට
    ඉතිරි වුණේ මතක කොදෙව්වේ...

    ආදර සැමරුම් කැටි වූ නෙතු කඳුළින් මුතු පබුලින්
    නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ... යමුනා තීරේ...

    තොල් මත මදහස නංවා ප්‍රාර්ථනා මල් පිබිදේ
    ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැලලෙයි
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
    සිනහ නැඟෙයි කඳුළ නැඟෙයි එයයි ජීවිතේ

    ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
    ජීවිතයේ හැමදාමත් සැප රැදෙන්නෙ නෑ
    සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ

    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
    කවුළු දොරින් ගෙට එන
    නිදි නැති අටවක සඳ
    තනි යහනේ සරදම් රටා වියන්නේ

    මහ වැස්සක් බිමට හලා
    නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න

    මීන නුවන් යුග කඳුළු සදාගෙන
    දුරු කතරේ තනි වූ යුවතී
    නිදි නැති රෑ සුසුමන් පවනේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ
    ගැයු ගී මී බඳුනේ රැඳුණේ

    බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
    අද වෙන් වී නුඹ හිම පියසේ
    කාල වලා නැග එන්නා නබෝ ගැබ
    කාල වලා නැග එන්නා නබෝ ගැබ
    බොඳ වී යයි මුදු වදන් මෙදා
    බොඳ වී යයි මුදු වදන් මෙදා

    හැමදාමත් යාලුවේ
    මම ඉන්නෙමි පාලුවේ
    මගේ පාලු පැලට එන්න කවුරුත් නෑ යාලුවේ...

    මේ ටික මෙතන තියනවා.

    Code:
    http://www.sl-unlimited.com/modules.php?name=Forums&file=viewtopic&p=725624#725624


    ඒත් ලින්ක් වැඩ කරන්නේ නැහැ. තියන කෙනෙක් දෙන්න ලොකු උදව්වක්..