tharanga
අපි යමක් කියන්න ඕන හරියටම හොයල බලලා. දැන් ලන්කාවේ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නෙ ඔක්කොටම කලින් ෆොටො ටික ගහලා ගූගල් නෙට් එකකට අප්ලෝඩ් කරන එකයි.. මේ දවස් වල ප්‍රසිද්ධම ෆොටො එක වෙලා තියෙන්නේ ජනශක්තිය වන්දි ගෙව්වේ නෑ කියලා හැප්පුණු වාහනය උඩ සිට උපවාසය කරන සුදු ඇදගත් නරියෙකුගෙ ෆොටෝ එකක්. කට්ටියම ඉතින් ඒ ෆොටෝ ශෙයාර් කරනවා, කොමෙන්ට් කරනවා. සමහරු කියනවා ඉන්ෂුරන්ස් හරියට බලු පූට්ටු වගෙ කියලා. "දාන්න ලේසියි, ගන්න අමාරුයි" ලු.
හික්ස්....ඇත්තටම ඔය කොමෙන්ට් කරන, ශෙයාර් කරන උන් දන්නවද මේ ෆොටෝ වල ඇත්තම සිද්ධ්ය...
කවුරුත් දන්නේ නෑ...මන් හිතුවා පොඩ්ඩක් ගොසිප් පාරක් දාලා ඒ ගැන කියන්න..
ඔහු නමින් සුධීර ගන්කෙවල, පොළොන්නරුවේ මැර පාට් එකෙන් ඉන්න පොර වෙන්න දඟලන කෙනෙක්.
කථාව මෙහෙමයි....
2012.09.18 රාත්‍රීයේ මොන්ටෙරෝ ස්පොර්ට් සුදු පාට කැබ් එක හබරණ ඊරිගේ ඔය අසලදි අනතුරට පත් වෙනවා. ඒ වෙලාව් ජනෂක්ති කෝල් සෙන්ටෙර් එකට අමතා එක් රියදුරු මහතෙක් තමා අතින් සිය වාහනය අනතුරට පත් උන බව දැනුම් දීලා තිබෙනවා...
ඉන්පසුව තක්සෙරු නිළධාරි මඩවල නැමැත්තා රිය අනතුර පරික්ෂා කිරීමට යනවා....ඔහු පොලිස් වර්ථාවක් ඉල්ලනවා, නමුත් පොලිස් වර්ථාවට අනුව වාහනයේ රියදුරු වන්නේ. තවත් අයෙක්.....
පසුව රක්ෂණ සමාගමෙන් පසු පරික්ෂණයක් සිදුකරනවා.. එහිදී ඉහත සඳහන් පුද්ගලයන් දෙදෙනාම පවසන්නේ ඔවුන් වාහනය පැදවීම නොකළ බවයි.
Reject උනාට පස්සේ ආයෙත් appeal එකක් දානවා... එතකොට ගන්කෙවල ඉදිරිපත් කරන්නේ කාන්තා රියදුරු බලපත්‍රයක්..... දැන් මෙතන driverලා තුන් දෙනයි...
හික්ස්.... ගුවන් යානයටත් රියදුරු දෙන්නෙක් ඉන්නවා කියන්න පුළුවන්. දැන් මේ වාහනය හැප්පෙනකොට තුන්දෙනෙක් එළවලා. ඉතින් වන්දි දීම නවත්තනවා.
ඔන්න ඉතින් මේ ලොක්කා "ගන්කේවල " දුක්ගන්නාරාල (ඔම්බඩ්ස්මන්) ලඟට case එක ගෙනියනවා. එතුමත් මෙ නඩුව පැත්තකට දානවා. ආයෙත් අභියාචනයක් ඉදිරිපත් කරනවා...ඒ පාරත් දුක්ගන්නාරාළ වන්දි දීම අනුමත කරන්නේ නෑ. … ඉතින් මේ සුදු ඇන්දගත්තු පොර කඳුරුවෙල ජනෂක්ති ශාඛාවට ගිහින් එහේ ඉන්න මීනිස්සුනට තර්ජනය කරනවා... එතනින් නවතින්නේ නැහැ.
2014.05.17 සිය නිවස ඉදිරිපිට උපවාසයක් අරඹනවා. ඉතින් ඔන්න ඔය පින්තූරූ තමා අපේ ඈයෝ පුළුවන් තරම් ශෙයාර් කරන්නේ. මගේ මේ ලියමන ශෙයාර් නොකරට කමක් නෑ. දෙයක් ලියන්න කියන්න ශෙයාර් කරන්න කළින් හොයලා බැලුවා නම් තම් හොඳ.