Japan Auction Price - ජපන් වාහන වෙන්දේසිය

MM Cars

Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Japan Auction Price - ජපන් වාහන වෙන්දේසිය

    වත්මන් ජපන් වාහන වෙන්දේසියේ වාහන මිල ගණන් සීග්‍ර ලෙස ඉහල යන ප්‍රවනතාවක් දක්නට තිබෙනවා. විශේෂයෙන් 1000cc කාණඩයේ වාහන. දෙසැම්බර් මාසයෙදි ගත් මිලට වඩා යෙන් ලක්ශයක පමණ් හෝ ඊට වැඩි අගයක් දක්වා මේ වන විට මිල ඉහල ගොස් තිබෙනවා.
    උදාහරණයක් වශයෙන් Toyota Vitz වර්ගයේ මෝටර් රථ මිල විශාල වැඩිවීමක් දක්නට පුලුවන්. මේ වැඩිවීම එක්කෝ 2019 මාර්තු මස රජයේ අයවැයෙන් බදු වැඩි කිරිමක් විය හැකිය. අය වැයට ප්‍රථම ශ්‍රි ලංකා රේගුවෙන් නිශ්කාශන කටයුතු කර ගැනීම සදහ කීයට හෝ වැඩි මිලකට මිලදි ගෙන පෙබරවාරි මස අවසානයට කලින් එම කටයුතු කරගනැනීමට දරන් උත්සාහයක් බවට සිතිය හැකියි.
    1000cc කාණඩයේ වාහන් බදු තවදුරටත් පහත දමනු ඇතැයි යන්න කිසි සේත්ම විශ්වාසයක් තැබිය නොහැක්කකි.
    ජනවාරි මාසයේ 10 වනදායින් පසු පටන් ගත් නව වසරේ ජපානයේ වාහන වෙන්දියෙදි මේ දක්වාම උත්සහ කලද දෙසැම්බර් මාසයේ පැවති හා මිලදි ගත් ගණන් වලට ගත නොහැකිවීම.
    ලංකාවේ 🇱🇰 වාහන ආනයනකරුවන් මීට වඩා මේ පිලිබඳව සැලකිලිමත් අයුරින් කටයුතු කරන්නේ නම් අගයන්නේමු. එසේම කෙලින්ම ජපානයෙන් වාහනයක් ආනයනය කර ගැනීමට උත්සාහ කරන ඔබද කීයට හරි කමක් නෑ කියනවට වඩා පවතින වෙළදපල තත්වයන් අවබොධ කරගනිමින් එම කාර්‍ය කරන්නේ නම් මැනවි.