ja'pura blast

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මීට සුළු මොහොතකත පෙර ජයවර්ධනපුර විශ්ව විද්යාලය තුල කිසියම් පිපිරීමක් වාර්ථා වෙනවා...තොරතුරු ලද සැනින් බලාපොරොත්තු වන්න............
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මෙච්චර කල් මුන් ගහ මරාගත්ත විතරයි. දැන් බෝම්බත් ගහන්න පටන් අරන්. අනේ අපොයි නිදහස් අධ්යාපනය
 
buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට කිසියම් පිරිසක් විසින් අලාභ හානි සිදුකර තිබේ.

පුපුරවා හැරීමකින් එම විරු සිසු ස්මාරකයට හානි සිදු වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

මේ වන විට විශ්ව විද්‍යාලය තුළ ආරක්ෂාවට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව ද වාර්තා වේ.
 
buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විරු සිසු ස්මාරකයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර එය සම්පූර්ණයෙන්ම පුපුරුවා හැරීමට උත්සාහ දැරීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා පවසයි.

අද(05) අලුයම 2 .45 ට පමණ විශාල පිපිරුම් හඬක් ඇසීම නිසා ඒ පිළිබඳව මිරිහාන පොලිසියට සහ හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන් නමුදු තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ඔවුන් කිසිදු උත්සාහයක් නොගත් බවට සංජීව බණ්ඩාර මහතා චෝදනා කරයි.

කෙසේවෙතත් කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකළ මෙම ප්‍රහාරයෙන් විරු සිසු ස්මාරකයේ කොටසකට පමණක් බරපතල අලාභ හානි සිදුව ඇති බව ඔහු පෙන්වාදෙයි.

මෙවැනි පුපුරුවා හැරීමක් සාමාන්‍ය සිසුන්ට සිදුකළ නොහැකි බවත්, මේ සඳහා ආරක්ෂක අංශයන්හි සෘජු හෝ වක්‍ර මැදිහත්වීමක් ඇති බව තමන් විශ්වාස කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අදාළ සිද්ධිය පිළිබඳව දැනුම් දුන් වහාම ආරක්ෂක අංශ විසින් ඒ සම්බන්ධව අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු නොකළේ ද මෙම හේතුව නිසා බවට තමන් සැක කරන බව ද සංජීව බණ්ඩාර චෝදනා කළේය.

මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල සිසුන් අධ්‍යයන කටයුතුවලින් ඉවත්ව සිටින බවත්, විශ්ව විද්‍යාලය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඔහු පෙන්වාදුන්නේය.

සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු අධ්‍යයන කටයුතු සඳහා සම්බන්ධ නොවන බව ඔවුන් ප්‍රකාශ කර ඇති බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු කියා සිටියේය.
 
lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63

    Mission accomplished :D
     
    Last edited: