Japura rag boy dead ???

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,612
    790
    113
    Hamilton, NZ
    u marila wage thma ban. mole athulen diya we wi yanwalu una damage eken. machine ekan ain krai thawa daws 3k 4k balala. kari jepponwa hamunwala ganna oni.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ȜMA X;25208412 said:
    u marila wage thma ban. mole athulen diya we wi yanwalu una damage eken. machine ekan ain krai thawa daws 3k 4k balala. kari jepponwa hamunwala ganna oni.

    Machine already removed and he is getting better. Watch news.
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,594
    1,857
    113
    pacha daanna epaa ban uu marila naa mage yaaluwek ge malli kenek
    habai ithin godaak asaadyayi
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    නවකවදය අතරතුර තුවාල ලැබූ ජපුරේ සිසුවා තවමත් දැඩි සත්කාර ඒකකයේ

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ සිදු වූ අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු පසිඳු හිරුෂාන් සිසුවා තවදුරටත් එහි ප්‍රතිකාර ලබමින් සිටින බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
    අනතුර පිළිබඳව පොලිස් කන්ඩායමක් මගින් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක අතර සිසුන් තිදෙනකු අදාල ටයරය හා සම්බන්ධව සිට ඇතැයි හඳුනාගෙන තිබෙන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපතිවරයා අනාවරණ කළේය.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවකු වූ පසිඳු හිරුෂාන් පසුගිය මාර්තු 05 වැනිදා එම විශ්ව විද්‍යාල පරිශ්‍රෙය් සිදු වූ අනතුරකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු ප්‍රතිකාර ලබමින් සිටියේ දැඩි සත්කාර ඒකකයේයි.
    විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් පසිඳු වෙත තල්ලු කර යැවූ විශාල ට්‍රැක්ටර් ටයරයක් වැදී ඔහුගේ හිසට සිදු වූ අභ්‍යන්තර තුවාල හේතුවෙන් ජීවිත අවදානමකට පත්ව සිටින බව පසිඳුගේ සොහොයුරා ප්‍රකාශ කළේය.
    පසිඳුගේ මොළයට අනතුරින් හානි සිදුව තිබූ අතර ඔහුගේ තත්වය විමසා බැලීම සඳහා අද උසස් අධ්‍යාපන අමාත්‍යවරයාද ජාතික රෝහල වෙත පැමිණියේය.
    මේ අතර පසිඳු හිරුෂාන් මුහුණ දුන් අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මූලික විමර්ශනයක් සිදු කර එහි වාර්තාව අද දින තමා ලබාගත් බව එහි වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා අද දෙරණට සඳහන් කළේය.
    ඉකුත් මාර්තු 05 වැනිදා රාත්‍රියේ පැවැත්වී ඇත්තේ ජ්‍යෙෂ්ඨයන් නවකයන්ට නවක වදය ලබාදෙන කාලසීමාව නිමාවේ අවසන් සාදය බවත් , එය නිමා වීමෙන් පසු රාත්‍රී එක වනතුරු සිසුන් පිරිසක් රැඳී සිට ඇති බවත් පැවසූ උපකුලපතිවරයා අවධාරණය කර සිටියේ අනතුර සම්බන්ධයෙන් අදාල සිසුන් වරදකරු වුවහොත් ඔවුන්ගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බවයි.
    එමෙන්ම අනතුරට ලක්ව සිටින පසිඳු හිරුෂාන් සිසුවාට විදෙස් රෝහලක ප්‍රතිකාර අවශ්‍ය වේනම් ඒ සඳහා අවශ්‍ය අනූග්‍රහය දැක්වීමටද ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තීරණයක් ගත් බවයි.
    මේ අතර බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද පැමිණ සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කර තිබේ.
    වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධ සිසුන් හඳුනාගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර පොලිසිය දැනටමත් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගෙන් හා විනයාධිකාරීතුමන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.
    එමෙන්ම සිසුන් තිදෙනකු ටයරය හා සම්බන්ධව සිට ඇතැයි හඳුනාගෙන ඇති බවත් වැඩ බලන උපකුලපතිවරයා අනාවරණ කළේය.
    සිද්ධිය සම්බන්ධයේන විශ්වවිද්‍යාලයේද සහාය ඇතිව විශේෂ පොලිස් කන්ඩායමක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි.
    මේ අතර අද මාධ්‍ය හමුවක් පවත්වමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රකාශ කළේ පසිඳු මුහුණදුන් අනතුර නොසැලකිල්ලක් මත සිදු වූවක් විය හැකි බවයි.

    http://sinhala.adaderana.lk/news/132...B6%BA%E0%B7%9A
    https://www.youtube.com/watch?time_c...ature=emb_logo
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ටයර් සිද්ධියට අත්අඩංගුවට ගත් ජ’පුරේ සිසුන් හය දෙනා රිමාන්ඩ්

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවති සාදයක් අතරතුරදී ටයරයක් වැදී සිසුවෙකු අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් හයදෙනා මේ මස 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
    ඒ, නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
    ඊයේ අත්අඩංගුවට ගත් මෙම සිසුන් අතර සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුද සිටිනවා.
    මෙම අනතුරින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ස්නායු ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුවාගේ තත්ත්වය තවදුරටත් බරපතල බවයි රෝහල් අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ කියා සිටියේ.