මේ වගේ අලුතින්ම Audi කාර් එකක් මිලට ගෙන ඇවිත් වීඩියෝ එකක් කරන්න ආසයි. අරගෙන ඇවිත් කන්දක් පාමුල නවත්වල කන්ද උඩට ගිහින් JCB එකකින් විශාල ගල් අත ඇරලා චප්ප කරනවා. ඉන් පස්සේ චප්ප කරලා කරලා ගිනි තියනවා. ඉන් පස්සේ යකඩ කෑලි වලට කඩන crusher එකකින් කෑලි කෑලි වලට කඩනවා. ඉන් පස්සේ පරණ යකඩ බඩු එකතුකරන මධ්‍යස්ථානයකට යකඩ ටික විකුණලා දුප්පත් පවුලකට ඒ මුදල පරිත්‍යාග කරනවා.
මේක උපකල්පනය කරන්න. මම මේ සිද්දි දාමය සම්පුර්ණයෙන්ම Video එකක් කරලා YouTube එකට අප්ලෝඩ් කලොත් ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉහල ප්‍රතිචාරයක් ලැබෙයි ද . Visitors ල ගොඩක් එයිද. ටික් ටෝක් එකෙයි ෆේස්බුක් එකෙත් දාන්න ඕනේ. සාමාන්‍යයෙන් Audi , BMW , Mercedes Benz වගේ කාර් ගෙනල්ල මාසෙකට එක ගානේ කුඩු කරලා ඉතිරි වෙන යකඩ විකුනලා දුප්පත් පවුල්වලට උදව් කරනවා.
මේ ක්‍රමවේදය භාවිතා කරලා Video channel එකක් හැදුවොත් මගේ YouTube channel එකට ගොඩක් විසිටර්ස් ල එයිද ? ලංකාවේ නීතිමය තත්වය කොහොම වෙයිද. ( මොක උනත් මේ චැනල් එක පටන් ගන්න වෙන්නේ ලංකාවට වාහන ආනයනය කරන්න ඉඩ ලබා දුන්නට පස්සේ )