Jeewithe goda daagamu

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං අවුරුදු 25ක කොල්ලෙක් මම. කොලබින් ගොඩක් දුර ගමක ඉපදුනු කෙනෙක් උසස් පෙළ දක්වා ඉගෙන ගෙන තියෙනව. හැබැයි උසස්පෙළ අසමත්. ඒ නිසාම හරිහමන් ජොබ් එකකට මට යන්න බැරි උනා. ඒ වගේම සෑහෙන දුර්වල පවුල් පසුබිමක් මට තියෙන්නෙත්. ගෙදර නිකන් ඉන්න බැරි නිසා කුබුරු කෙටුව. පස්සේ ඒක බදු දීල සර්විස් සෙන්ටර් එකක වැඩට ගියා. ටික දවසක් කරනකොට අත පයේ තුවාල හැදෙන්න අරන් ඒකෙන් අයින් වෙලා සෙකුරිටි එකකට ගියා. ඒකෙත් අනන්ත ප්‍රශ්න නිසා ඒකෙත් මාස කීපයක් ඉඳල අයින් වෙලා මාකටින් ජොබ් එකකට ගියා. පෞද්ගලික ෆයිනැන්ස් කම්පැනියක. පස්සේ ඒකේ මහන්සි වෙන තරමට ආදායම නැති නිසා මාස 1.5කින් විතර ඒකෙනුත් අයින් උනා.

    ඔහොම එක එක දේවල් කරල හෙම්බත් වෙලා සතියක් විතර හැම දේම දමල ගහල ගෙදර හිටිය. ගෙදරත් ඉන්න බෑ අම්ම උනත් මම ගෙදර නිකන් ඉන්නවට කැමති නෑ එයාටත් කේන්ති යනව. ඉතින් දහ අතේ කල්පනා කරා මොනද කරන්නේ කියල. එක එක පක්ෂවල සංවිදාායකල, එක එක හොටෙල් වල මැනේජර්ල, කඩ වල අයිතිකාරොයො හම්බෙන්න කීප සැරේ ගියා ජොබ් එකක් ඉක්මනට සෙට් කරගන්න ඒත් ඒ එකක්වත් හරියට සෙට් උනේ නෑ. පස්සේ එපාම වෙලා කල්පනා කර කර ඉන්නකොට පොඩි අදහස් ආව. ඒ තමයි direct marketing වගේ දෙයක්. මම ඕක කලින් මම වැඩ කල ෆයිනැන්ස් එකේ කරල තියෙන නිසා. ඒවගේ දෙයක් කරන්න අදහසක් ආව.

    පස්සේ මම අපේ පැත්තේ පරිගණක පුහුණු ආයතනයක කලමණාකරුත් එක්ක කතා කරල වැඩේ සෙට් කරගත්ත. රුපියල් 3200ක් වියදම් කරල කාඩ් ටිකකුත් ප්‍රින්ට් කරන්. උදේ ජැන්ඩියට ඇඳල ටයි පොල්ලත් දාල බයික් එකේ ගෙයක් ගෙයක් ගානෙ ගියා. වැඩේ නරකම නෑ කලින් ඔය සබ්ජෙක්ට් එක කරල තියෙන නිසා. කොහොමින් කොහොම හරි දෙයියනේ කියල සැලකිය යුතු ගානක් මට ඉතිරි ගරගන්න පුලුවන් උනා කරපු පොඩි කාලෙට. හැබැයි ගොඩක් කට්ට කෑව. බල්ලො කන්න පැනපු අවස්ථා, බයික් එකේ හුලන් බැහැල තල්ලු කරපු අවස්ථා, වැස්සට අම්බානක තෙමුනු අවස්ථා, දවල්ට කන්න හරිහමන් තැනක් නැතුව හවස් වෙනකන් නොකා ඉඳපු දවස්. ඔය වගේ ගොඩක් දේවල් තිබුන. අම්මනම් පොඩ්ඩක් වත් කැමති උනේ නෑ ගෙවල් ගානෙ යනවට. අම්මනම් කියන්නේ රජයේ ජොබ් එකක් හොයාගන්න කියල. ඒත් a/l නැතිව ඒව හොයන්න අමාරුයි. ඒව අම්මට තේරෙන්නෑ. එයාට මම කරන දේ මදිපුංචි කමක් වගේ. කලින් ජොබ්වලදි වගේම බරබරේ දානව. ඒත් මම මගේ ගමින් ටිකක් පිට කරන්නේ ඒනිසා වැඩිය අය දන්නෑ.

    මට අනිත් මම කරපු ජොබ් වලට වඩා මේක අල්ලල ගියා. මේකේ බොස් කෙනෙක් නෑ. අසනීප උනු දවසකට ගෙදර ඉන්න පුලුවන්. මහන්සියේ තරමට තමයි ආදායම. ඒ වගේම ගොඩක් මගතොට, මිනිස්සු අඳුරගන්න පුලුවන් උනා. මම කවුරුවත් රවට්ටන්නෑ. මගේ ෆෝන් එක කොයිවෙලේත් ඔන්. දැන් සෑහෙන්න මට කොල්ස් එනව මගේ සේවා ලාබීන්ගෙන්. දෙයියනේ කියල පොඩි දවසක් උදේ ඉදන් හවස් වෙනකන් කට්ට කාල මට වෙන ජොබ් මාස ගානක් කරත් හොයන්න බැරි ගානක් එකතු කරගන්න පුලුවන් උනා. ඒවලින් මම ඇදුන් ටිකක්, ෆෝන් එකක්, ලැප් එකක්, සබ් වූෆර් එකක්, දම්රෝ ඔෆිස් ටේබල් එකක්, දම්රෝ ඔෆිස් චෙයා එකක් ගත්ත ඉතිරි ටික පොතේ දැම්ම. දැන් හොයන ඒව ඉතිරි කරනව. අම්මටත් දෙනව.

    මේකෙ මචං මම වගේ හරිහමන් ජොබ් එකක් හොයාගන්න බැරිව කවුරු හරි ඉන්නව නම් direct marketing වලට බහින්න. මිනිස්සු රවට්ටන්නේ නැතිව වටින offers එයාල අතරට අරන් යන්න. එයාල එක්ක හොඳ විශ්වාස දායක සම්බන්දයක් හදාගන්න. හැම තිස්සෙම ෆෝන් එකට ආන්සර් කරන්න. හරියට කරොත් සැලකිය යුතු මුදලක් හොයාගන්න පුලුවන්. හැබැයි කට්ට කන්න වෙනව :)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    උබ එල කොල්ලෙක් මචන් , තව ඉහලටම දියුනු වෙන්න ලැබේවා..
     
    • Like
    Reactions: podda malli

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩේ හොදයි උබ ස්ථිර ආදායමක් එන ඔයිට වඩා හොද ක්‍රමයක් හිතපන් හැමදාමත් උබට ඇවිදින්න බැනේ දුර්වල වෙන දවසුත් එයි

    මෙන්න මචෝ උබට බම්ප් 1
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    උබ එල කොල්ලෙක් මචන් , තව ඉහලටම දියුනු වෙන්න ලැබේවා..
    thanks :)

    බම්ප්
    :)

    good luck! :)
    :)

    සොහොන;19248266 said:
    වැඩේ හොදයි උබ ස්ථිර ආදායමක් එන ඔයිට වඩා හොද ක්‍රමයක් හිතපන් හැමදාමත් උබට ඇවිදින්න බැනේ දුර්වල වෙන දවසුත් එයි

    මෙන්න මචෝ උබට බම්ප් 1
    ඔව් සල්ලි ටිකක් කොහොම හරි ඉතිරි කරගන්න බැලුවෙ මචං. :)

    Ela jaya wewa!
    thanks :)
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    mama Mula Idan hithuwe uba hena bailawak gahanawa kiyala. anyway ube real life eka nan Bokkenma Wish karanawa , Aniwa Mahansi wena tharamata thamai result eka. Fail wena tharamata thamai machan Yamak igena ganne experince eken, anyway Good Luck!!! Sup ekak one nan PM ekak dapan.