JHU & Campika Looted 1.5 Billon Rs. this is what Racism is for!!!!!!!!

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    They create Racisim and Loot 1.5 Billion Rs. from people. Champika is responsible for all this loot. There is no excuse for this. He is more courrupt than UNP+SLFP+JVP+TNA+SLMC combined. Even other Sinahala ministers do not have a clue. This is the biggest disgrace for the whole country. No one else of this country steals more from people than CEB.
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    This is the truth
    1490548567893323


    1488779008070279


    "මහා හෙළිදරව්ව" - ගල් අඟුරු ජාවාරමේ නොකී කතා!!!

    පසුගිය සමයේ ගල් අඟුරු බලාගාර ආශ්‍රිත වැඩපිළිවෙල අවුල් ජාලයක් වී ඇත. පුත්තලම බලාගාරය හැදීමට පෙර 2007 දී ඉදිරිපත් කරන ලද මිළ ගණන් වැරදිය. 2028 දක්වා විදුලි ඒකකයක ඉන්ධන මිල රුපියල් 06 ක් ලෙස සැලකූ නමුත් දැනටමත් එය ඉක්මවා ඇත. 2028 වනවිට වැඩිවන ගල් අඟුරු මිළ ගණන් අනුව ඉන්ධන ගාස්තුව තක්සේරු කළ අගය මෙන් දස ගුණයක් වීමට ඉඩ ඇත.

    අවුල පටන්ගත්තේ පුත්තලම මෙගාවොට් 900 ක ගල් අඟුරු බලාගාරය ස්ථාපිත කිරීම සඳහා පැවති විවෘත ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේදීමය. ගල් අඟුරු මිලදී ගැනීම පුත්තලම පළමු අදියරේ එනම්, 2009 දී ටෙන්ඩර් කැඳවා මේ දක්වා වූ සියළු ක්‍රියාකාරකම් අවුල් සහගතය. පළමුවෙන්ම 2009 දී පළමු අදියර සඳහා මිළ ගණන් කැඳවීමේදී අවුලක් සිදුවිය. ටෙන්ඩර් ඇගයීමේදී රටට වඩාත්ම වාසිදායක ලංසුව ඉදිරිපත් කළේ හෝල්සිම් සමාගම බව දැක්වුණි. එහෙත් ඇගයීමේ සූත්‍රය පසුව වෙනස් කර ඉන් නොනැවතී කැසිනෝ ව්‍යාපාරිකයෙකුගේ නොඛෙල් සමාගම සමඟ පමණක් කේවල් කර තුන්වන ස්ථානයේ සිටී නොඛෙල් රිසෝස් සමාගම හොල්සිම් සමාගමේ ගල් අඟුරුවලට වඩා ලාභ බව දැක්වූයේය. එහෙත් අලූත් සූත්‍රය අනුව ලාභම ලංසුව ඉදිරිපත්කර තිබුනේ කෝල් ඔෆ් ඇප්‍රිකා සමාගමයි. මෙම වංචාව නිසා රටට වසරකට රු. මිලියන 400 ක පාඩුවක් සිදුවිය.

    පළමු වතාවේ ටෙන්ඩර් කැඳවීමේදී සිදු වූ බරපතල වැරදි වැඩි දුරට අනාවරණය වූයේ 2012 දී දෙවන වරට මිළ ගණන් කැඳවූ විටය. එවිට ගල් අඟුරු සැපයීමට වැඩිම මිලක් ඉදරිපත් කළේ ඒ වන විට ගල් අඟුරු සැපයූ නොඛෙල් රිසෝස් සමාගමයි. එම අගය ටොන් එකකට ඇමෙරිකන් ඩොලර් 126 ක් වූ අතර ඒ වන විට එම සමාගම ගල් අඟුරු සපයමින් සිටියේ ටොන් එකකට ඇමෙරිකන් ඩොලර් 142 ක් බැගිනි. මේ අනුව පෙනී යන්නේ නොඛෙල් සමාගම අවම වශයෙන් ටොන් එකක් සඳහා ඇ. ඩොලර් 16 ක අතිරේක ලාභයක් ලැබූ බවයි. එමෙන්ම දෙවන වතාවේ දී ඉදිරිපත් වූ අඩුම ටෙන්ඩරය ටොන් එකකට ඇමෙරිකන් ඩොලර් 108.1 ක් විය. ඒ අනුව බලන විට නොඛෙල් සමාගම ලැබූ අනිසි ලාභය ඊටත් වඩා බොහෝ වැඩිය.

    දෙවන වර මිළ ගණන් කැඳවීමේදී ටෙන්ඩර් ක්‍රියාවලිය නියමිත කාලයට වඩා වසරක් පමණ ප්‍රමාද කර එම ටෙන්ඩරය අවලංගු කර වැඩිම මිළ ඉදිරිපත් කළ නොඛෙල් රිසෝසර්ස් පුද්ගලික සමාගමෙන් දෙවන අදියර සඳහා ද ගල් අඟුරු මිලදී ගැනීමට කටයුතු කළේය. එම නිසා රටට සිදුවන පාඩුව වසරකට මිලියන 700 ක් පමණ වේ.

    රටට ඉතාම තීරණාත්මක වූ ගල් අඟුරු ගෙනඒමේ ව්‍යාපාරය මේ ආකාරයෙන් හොර ජාවාරම් කාරයන්ගේ පාරාදීසයක් බවට පත්කිරීමට තවත් නම් ඉඩදිය හැකිද ?