පවුලෙ සුරතලෙකු ලෙස කටයුතු කරන රොබො කෙනෙක් යනු කලකට පෙර නම් විද්‍යා ප්‍රබන්ධ කථාවක එන ප්‍රබන්ධක් නමුත් දැන් සිනමාපටවල පමණක් දුටු එවැනි දේවල් ටිකෙන් ටික සැබෑ වෙමින් පවතී.



Jibo කියන්නෙ සමාජශීලී රොබෝ කෙනෙක්.Dr.Cynthia Breazeal නම් විද්‍යාඥවරිය තමයි මෙම රොබෝව නිර්මාණයකරල තියෙන්නේ.Jibo තව වසරකින් විතර වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත අතර මේ වන විටත් මේ රොබෝ යන්ත්‍රයේ අනුරුවක් පර්යේෂණ කණ්ඩායම විසින් නිපදවා අවසන්.
මේ රොබෝව පූර්ව අලෙවිය සඳහා සූදානම් කෙරෙන අතර වැඩිදුර දියුණු කලහැකි ආකාරයේ රොබෝ යන්ත්‍ර 2016 වසරේ නිකුත් කිරීමට අදහස් කෙරෙනවා.මේ රොබෝ යන්ත්‍ර අලෙවි කරන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා පවසන්නේ සියලුම කටයුතු ඉතා සාර්ථකව කෙරෙමින් පවතින බවයි.පූර්ව අලෙවිය සඳහා සූදානම් කෙරෙන මේ Jibo යන්ත්‍රය ඩොලර් 799ක මුදලකට අලෙවි කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් පවසයි.රොබෝ යන්ත්‍රයේ ඉදිරි කටයුතු සිදු කෙරීගෙන යන අතර Breazeal ගේ කණ්ඩායම රොබෝගේ මූලික ක්‍රියාකාරිත්වයේ කිසිඳු වෙනසක් සිදු කර නොමැත.මේ රොබො යන්ත්‍රය ඔබේ හඬින් ලබා දෙන විධාන වලට සංවේදී අතර චලන වලින්ද සමන්විතයි.එහා මෙහා යාමට නොහැකි වුනත් හිස සෙලවීම සිදු කරයි.ඡායාරූප ගැනීම,මුහුණු හඳුනාගැනීම සහ ස්පර්ශයට සංවේදී වීම යන පහසුකම් වලින් සමන්විතයි.



Rep,Comments බාරගැනේ!!!
Last edited: