Job එකක්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    2010 හදපු එකවුන්ට් එකක් තිබ්බා. email මතක නැහැ :no:

    කෙටියෙන්ම කියන්නම්කො, පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න. ලොකු උදව්වක්.

    මේක හැදුවේ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන්. මන් IT degree එකක් කරනවා මචන්ලා. Private, final year.

    O/L - A8
    A/L - S 2 (bio, chemistry fail 2 පාරම)
    දැන් Computing degree එකක් කරනවා

    job experience

    අවුරුදු 2 ක් PHP development + Management level experince
    1 year Digital Marketing experience

    මන් ගොබ්බයෙක් නෙවෙයි, හැබැයි මිටරේකුත් නෙවෙයි. :(

    අන්තිම සැලරි එක 77 යි. අයින් උනේ හේතු 2 ක් නිසා.

    1. සතියට දවස් දෙකක් රෑ class වැටුණා. ජොබ් එක තියෙන්නෙත් රෑ
    2. වැරදිලා promotional email එකක default text area එකක් add වෙලා ගිහින් ලොක්ක දොස් කිව්වා. මම යවපු ඊමේල් එකක් නෙවෙයි, එත් මගේ department එකේ පොඩි එකෙක් යවපු එකක්. responsibility is mine. :dull:

    ----
    PHP කරපු කාලේ කන්න බොන්න වෙලාවක් නැහැ. බෝඩිමට යන්නේ ගොඩක් වෙලාවට උදේ. ගිහින් පැයක් නිදාගෙන ආපහු එනවා.
    ගැස්ට්‍රයිටිස් හැදිලා සතියක් නැගිට ගන්න බැරුව එක තැන හිටියා බඩවැල් තුවාල වෙලා කියල.

    අනිත් ලොකුම දේ stress එක. මේවා පොඩි කම්පැණි මචන්ලා. කිසිම දෙයක් plan කරලා නැහැ. ඔහේ income එක ගැන විතරයි හිතන්නේ. :no:

    *************************
    ඕක තමයි කතාව. මට ලංකාවේ කොම්පැනි වෙනස් කරන්නවත්, ඊළඟට යන උන්ට එපා කරන්නවත් ඕනි නෑ. මන් දැන් හොයන්නේ IT නොවන පොඩි ජොබ් එකක්.

    මන් IT කරනවා, ආසාවට, මගේ වැඩ වලට. පහුගිය මාස 3 රෝල ගැහුවේ freelance වලින්. එත් දැන් ජොබ් ආවේ නැහැ මේ මාසේ.
    අතේ තව තියෙන්නේ 5,000. මේ මාසේ අග වෙද්දී කොහෙන් හරි 7 ක් ගෙවන්න ඕන බෝඩිමට.

    ගෙදරින් ඉල්ලන්න පුළුවන්. ඒත් පට්ට අවුල්. ජොබ් එකකට නොගිහින් කොහොම හරි මගේ කම්පනියක් කරනවා කියල පොර ටෝක් දීලා ආවේ.
    ---
    උඹලා කාට හරි පොඩි ජොබ් එකක් ගැන දැන ගන්න ලැබුනොත් පොඩ්ඩක් කියපල්ලා. මන් කීපෙකට දැම්ම. එත් කොලිෆිකේෂන් තියෙන්නේ IT නිසා අවුල්.
    අන්තිමට data entry වලටත් දැම්ම. කෝල් කරලා බැන්න කියහන්කෝ :angry:

    ආතල් එකට දාපු එකක් නෙවෙයි, සිරා. වෙනසක් කොරන්න ගිහින් කෙලවගත්තා :no: IT නැති කම්පැණි එකක IT අවුලක් නැහැ. development + High Stress එපා. මන් හැම දේ ගැනම ඕනවට වඩා හිතන ගොබ්බ ඩයල් එකක් :lol:

    වෙනස වෙනසක් කරමු!