ගංජා සුරුට්ටුවක් පාලමක් කඩා දමයි

නිවෙසට යන මාර්ගයේ ඇති පාලම කඩාවැටී ඇතැයි සිතා කිලේමීටර් හයක් පමණ දූර වෙනත් මාර්ගයක් ඔස්සේ පයින්ම නිවෙසට ගිය ගංජා පානය කළ පුද්ගලයකු පිළිබඳව අම්පාර ප‍්‍රදේශයේ ගමකින් වාර්තා විය.
ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි. හවසට ගංජා සුරුට්ටුවක රස බලන්නේ ඇගේපතේ අමාරුව යන්නටය. එÈන ද ඔහු ගංජා සුරුට්ටුවක පිහිට පැතූයේ ඒ නිසාය. වෙනදාටත් වඩා සුරුට්ටුව සැර විය. ඔහු මිතුරන්ට සමු§ නිවෙසට ඒමට පිටත් විය. පැමිණියේ මද දූරකි. නිවෙසට ඒමට ඇති මාර්ගයේ ඇති මහ ඇළ හරහා ඉÈකර තිබූ පාලම කඩාවැටී ඇති බව දූටුවේය.
දැන් කළයුතු දෙයක් නොමැත. කෙසේ හෝ නිවෙසට ද යා යුතුය. මදක් කල්පනා කළ ඔහු ආපසු හැරිණි. කිලෝමීටර හයක් පමණ දූර වටරවුම් පාරකින් නිවෙසට යාමට ගමන් ඇරැඹීය. මෙසේ පයින් ගමන් කරද්§ කිහිප දෙනකුද හමුවිය. ඔවුන්ටද පාලම කඩාවැටී ඇති බව කීය.
පාලම කඩා වැටුණු පුවත ගම පුරා ප‍්‍රචාරය විය. සිද්ධිය සැලවීමත් සමග ගම්වාසීහු පාලම අසලට පැමිණියහ. නමුත් පාලමට කිසිදූ අපදාවක් සිදූවී නොතිබුණි.
ගම්වාසීන්ට සිදූවූ දෙය අවබෝධ කර ගැනීමට හැකිවිය. හොඳට ඇති පාලම් කැඩුණු පාලම් කිරීමේ හැකියාව ගංජා සුරුට්ටුවට ඇති බවව ඔහු යන එන තැන්වල§ ඔහුටද දැන් ඇසේ. ඔහු ඒ නොඇසුණා සේ සිටී.






Track Panna ganna epAAAAAA oww ghala