Joker - Joaquin Phoenix

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,047
    8,046
    113
    M-Town
    ජෝකර් බලපු හැමෝම කියන්නෙ, ඊළඟ සැරේ ඔස්කා හොඳම නලුවට දෙන සම්මානෙ ජෝකර්ට රඟපාන Joaquin Phoenix ට දෙන්න ඕනෙ කියලයි.

    ඔක්කොටම කලින් මේ නම ගැනත් කියල ඉන්න ඕනෙ. Joaquin Phoenix කියන එක මම මෙච්චර කල් උච්චාරණය කලේ ජො(ඇ)කින් ෆීනික්ස් කියලයි. ලියල තියෙන විදිහට කියෙව්වා මිසක්, අහල තිබුන් නෑ. නමුත් ඒක වැරදියි. මේ නම හරියට කියනකොට ජයන්නක් සද්ද වෙන්නෙම නෑ.
    මේක ශබ්ද කරන්නේ, වකීන් ෆීනික්ස් කියලයි. (wa-keen / hwa -kin) ජේ අකුරක් තිබ්බට සද්ද වෙන්නෙ අරහෙම. (Youtube අහල බලන්න ඕනෙනම්.)

    ඉතිං කව්ද මේ වකීන් ෆීනික්ස්?

    දැන් ලෝකෙම දන්න, යමක් කමක් තියෙන නලුවෙක් උනාට, වකීන් පොඩි කාලෙ ජීවත් වෙන්න ගෙදරට කීයක් හරි හොයාගන්න පොඩි පොඩි නාට්ට වල රඟපාල තියෙනවා. හන්දි වල සින්දු කියල, එක එක වාදන භාණ්ඩ වයල තියෙනවා. වකීන්ලෑ පවුලේ වකීන් ඇතුලුව සහෝදර සහෝරියො පස් දෙනෙක් ඉඳලා තියෙනවා. නම් වශයෙන්, River Phoenix, Rain Phoenix, Joaquin Phoenix, Liberty Phoenix සහ Summer Phoenix . ඒ හැමෝම රඟන්න, ගයන්න, වයන්න දක්ෂයො. ඉතිං එයාල කණඩායමක් විදිහට තමා හන්දි ගානේ ගිහින් අර විදිහට රඟල වයල අම්මට තාත්තට බරක් නොවී ගෙදරට කීයක් හරි හොයල දීලා තියෙන්නෙ.
    වකීන්ගේ අම්මා වැඩ කලේ NBC එකේ සේවිකාවක් විදිහට. තාත්තා රැකියාවක් විදිහට කළේ උද්‍යාන සැකසීම. ඔහොම ඉන්නකොට හොලිවුඩ්වල ළමා වැඩසටහන් සඳහා ළමා නලු නිලියන් සපයන කෙනෙක්ට මේ සහෝදර සහෝදරියො කණ්ඩායම දකින්න ලැබෙනවා. ඒ හරහා මේ පස් දෙනාටම රූපවාහිනි ළමා වැඩසටහන් වල රඟපාන්න අවස්තාවක් ලැබෙනවා.

    වකීන්ගේ නලු ජීවිතේ ඇරඹෙන්නේ එහෙමයි. ඒ ඔස්සේ ළමා නාට්‍ය හා පොඩි පහේ චිත්‍රපට කීපයකම පෙනී ඉන්න වකීන් ඇතුලු මේ සොහොයුරු සොයුරියන් පස් දෙනාගෙන් හතර දෙනෙක්ම අදටත් සක්‍රීයව නලු නිලියො හෝ ගායිකාවන් ලෙස ක්ෂේත්‍රයේ රැඳී ඉන්න එකත් සුවිශේෂියි.

    ඉන්පස්සේ ඉතා අවාසනාවන්ත සිද්ධියක් වෙනව. වකීන්ගේ දහනවවෙනි උපන්දිනය පහුවෙලා දින තුනක් ගිය තැන ඔහුගේ වැඩි මහල් සොහොයුරා , River Phoenix ඖෂධ අධිමාත්‍රාවක් ශරීරගත වෙලා මිය යනව. ඒ 1993 දී. එවෙලේ තම සහෝදරයා බේරගන්න Joaquin, 911 අංකයට කතා කරපු කෝල් එක එකල ටීවී හා රේඩියෝ චැනල් වලින් ප්‍රසිද්ධියේ විකාශනය වෙනව. එයින් ප්‍රසිද්ධ නලු ජීවිතේ ගැන යම් කලකිරීමට ලක්වෙන වකීන්, අවුරුද්දක් විතර සමාජයෙන් ඉවත් වෙලා අප්‍රසිද්ධියේ ඉන්නව. ඉන්පස්සේ ඔහු නැවතත් රඟපෑමට එක් වෙන්නේ, 1995 වසරෙදි To Die For චිත්‍රපටයේ නිකොල් කිඩ්මන් සමඟයි. ඒ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ, මානසිකත්වය අවුල් ගිය, සියදිවි හානි කරගැනීමේ පෙළඹීමක් තියෙන අඳුරු චරිතයක්. ජීවිතේ මෑතකදී ලබපු අඳුරු අත්දැකීම් එක්ක ඔහු ඒ චරිතය සාර්ථකව කරනවා.

    ඉන්පසු චිත්‍රපට කීපයකම රඟපාන වකීන්ව ලෝකයම හඳුනාගන්නේ, 2000 වසරෙදි ඔහු Gladiator චිත්‍රපටයේ රඟපෑ කොමොඩස් නම් රෝම අධිරාජ්‍යයාගේ චරිතයෙන්. Gladiator චිත්‍රපටය, විචාරක මෙන්ම වාණිජ අතිනුත් අතිසාර්ථක වෙන අතරේ ඒ වසරෙදි හොඳම චිත්‍රපටය විදිහට ඔස්කා සම්මානයත් ලබනවා. ගෝල්ඩන් ග්ලෝබ්, බැෆ්ටා සහ Screen Actors Guild වැනි සම්මාන උළෙලවල් ගණනාවකදී හොඳම සහය නලුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබන Joaquin, ඒ සම්මානය සඳහා ඔස්කා නිර්දේශිත උනත් සම්මානය හිමිවෙන්නේ නෑ.

    මේ සම්මානය (සහය නලු) සඳහාම වකීන්ගේ මියගිය වැඩිමල් සොයුරු River Phoenix, "My Own Private Idaho" චිත්‍රපටය සඳහා 1991වසරේදී නිර්දේශ වී තියෙනවා. ඒ අනුව, එදා මෙදාතුර, රඟපෑම් සඳහා ඔස්කා සම්මානයක් උදෙසා නිර්දේශිත එකම පවුලේ සහෝදරයො දෙදෙනෙකු වීමේ වාර්තාව තියෙන්නෙ මේ දෙන්නටයි.

    ඉන්පසු 2005 වසරේදී ඔහු රඟපෑ Walk The Line චිත්‍රපටය වෙනුවෙන් ඔහු ඔස්කා හොඳම නලුවා සම්මානය සඳහා පළමු වරට නිර්දේශ වෙනව. මේ චිත්‍රපටයේ සුවිශේෂී බවක් තියෙනවා. මේ චිත්‍රපට කතාව Johnny Cash නම් සංගීතඥයෙක්ගේ ජීවිතය ඇසුරෙන් චරිතාපදානයක් ලෙස නිපදවූ අතර ඒ චරිතය, ඒ කියන්නෙ ජොනී කෑෂ් ලෙස රඟපැවේ වකීන්. චරිතය සඳහා අවශ්‍ය ගායනා සහ වාදනයන් සඳහා වෙනත් ගායකයෙක් හෝ වාදකයන් යොදා නොගෙන ඒ සියලු දේ වකීන් විසින්ම ගායනා සහ වාදනය කළා. ඉතිං චිත්‍රපටය බලපු ගොඩක් අය හිතල තියෙන්නෙ වකීන් තොල් හොලවන්නව විතරයි ඇත්තටම බැක්ග්‍රවුන්ඩ් එකෙන් ජොනී කෑෂ්ම තමා කියන්නෙ කියල. නාමාවලිය යද්දි ඒ සියල්ල perform කරල තියෙන්නෙ Joaquin විසින්ම බව දැක්කම ගොඩ දෙනෙක් පුදුම වෙලා තියෙනවා. චිත්‍රපටය තුළ Joaquin විසින් ගීත නවයක් ගායනා කරන අතර ඔහුට ඒ චිත්‍රපටයේ ගීත සඳහා ග්‍රැමි සම්මානයකුත් ලැබුණා.

    ඉන්පසු නැවතත් 2012 වසරෙදි The Master චිත්‍රපටයේ රංගනය සඳහා ඔහුව නැවතත් ඇකඩමි සම්මාන උළෙලේ හොඳම නලුවා සම්මානය සඳහා නිර්දේශ උනත් එවරත් සම්මානය ඔහුට අහිමි වෙනවා.

    නලුවෙක් මතු නොව සංගීතවේදියෙක් ලෙසත් සම්මානයට පාත්‍ර වී ඇති Joaquin Phoenix , අවුරුදු තුනේ සිටම නිර්මාංශ පුද්ගලයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු සම් භාණ්ඩ හෝ සත්ත්ව ලොම් වලින් තැනුනු රෙදිපිළි පවා භාවිතා කරන්නේ නෑ. ඔහු සිටින චිත්‍රපට වල චරිත වල ඇඳුම් පැලඳුම් වලට පවා, ස්වභාවික සම්, ලොම් වෙනුවට කෘතිම ද්‍රව්‍ය භාවිතා කරන ලෙස ඔහු ඉල්ලනවා.
    සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන කිහිපයකම ක්‍රියාකාරි සමාජිකයෙකු වන වකීන්, දකුණු අප්‍රිකාවේ දුප්පත් පාසල් ළමුන්ට දෛනික ආහාර වේල් සපයන The Lunchbox Fund නම් පුණ්‍යායතනයේ සම අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කරනවා.

    අවසාන වශයෙන්, එක් වරක් හොඳම සහය නලුවා ලෙසත්, දෙවරක් හොඳම නලුවා ලෙසත් ඔස්කා සම්මානයට නිර්දේශ වෙලා ඉන්න Joaquin Phoenix කියන අතිදක්ෂ නලුවාට මේ සැරේ ජෝකර් නිසාවත් ඔස්කා බෙස්ට් ඇකටර් වෙන්න ලැබේවා කියල ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා... Copied


     
    Last edited:

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    කවුද බං මේ YouTube Channel එක කරන එකා..?
    ඌ සිරාවට ඒක කරනවා. මතක ඇති කාලෙකින් චැනල් එකක වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා මුල ඉඳලාම අගට..
    මරු කොල්ලෙක් ඌ...:yes:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City

    JokerFan

    giphy.gif