JR ජුනියස් රිචඩ් ජයවර්ධන

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    JR ජුනියස් රිචඩ් ජයවර්ධන


    hqdefault.jpg

    JR බලයට එනකොට ආණ්ඩුවෙ ඉඩම් සංචිතය විතරක් අක්කර මිලියන ගානක් තිබුනා. අත්කර 50 පනත 100 දක්වා වැඩි කරලා හිතවතුන්ට ඉඩම් කොල්ලකන්න දීලා බලං හිටියා, ප්‍රේමදාසගෙ අඹන්පොළ ඉඩමත් එහෙමයි. ලැවරියා විකුණලා අරං නෙමේ. ඒ විතරක් නෙමේ තමන්ගේ කනාටු පොල් ඉඩම් ටික සරුසාර ඉඩම් වලට වංචාවෙන් මාරු කරගත්තා.
    රටේ නොතිබුණු කොටි, පාතාලේ, කුඩු යනාදී සියලුම අකටයුතුකම් ගෙනල්ලා බෝකරා.
    රටේ වැඩිම දෙනෙකුට යැපෙන්න තියන ප්‍රධානම රැකියා⁣ව දේශපාලනය කරා. ඒ සඳහා පලාත් සබා වැනි අලුත්ම ක්‍රම සහ මනාප වැනි බලුපොර ගෙනල්ලා ජාතියම අනාතකරා.
    කවරදාකවත් ලෝකෙ එක එකාට වහල්කම් නොකරපු ජාතියක ප්‍රධානම ආදායම් මාර්ගය වහල් සේවය මෙන්ම සාඩම්බර ලාංකික ගැහැණිය අරාබියට විකුණලා දැම්මා. දැං රංජලාගේ ප්‍රධාන සටන්පාටේ JRම තමා හැදුවේ.
    ඡන්ද දූෂණ වංචා අලුත්ම ක්‍රම හඳුන්වා දුන්නා. කොටින්ම කියනවනම් තමන්ගේ opposition contestant ( විපක්ෂයේ තරඟකරු) කොබ්බෑකඩුව ඡන්දෙ දාන්න යනකොට ඒකත් හොරෙන් දාලා. වෙන රටක නම් ඡන්දෙ අහෝසි කරනවා. සිරිමාවොට ඉල්ලන බැරිවෙන්න ප්‍රජා අයිතිය අහෝසි කරනවා. ඔන්න දිනන හැටි.
    පුතා රවී STF හදලා කොටි අඩවිය ආක්‍රමණය කරගෙන එනකොට දිඹුලාගල හාමුදුරුවෝ එක්ක ජන අනුපාතෙට අලුත් ගම්මාන හදාගෙන එනකොට කඩුවෙලින් මැරයො දාලා අහිංසක මිනිස්සුන්ට ගහනවා එදා අතපය අහිමි වූ අන්ත දුප්පත් මිනිස්සු අදත් ඉන්නවා. පුතාට තාත්තව තිත්ත වෙනවා. ( මාලිංග ගුණරත්නගේ පොත බලන්න)
    ජූලි කලබල නිදහසේ කරගෙන යන්න දින 3ක් දෙන්නෙත් මෙයාම තමා.
    කොහොමද ධර්මිෂ්ටර්ගෙ වැඩ... තව ලියන්න පුළුවන් පොතක් මෙයා ගැන.
    අරකිව්වා වගේ දේශපාලන වහල් බවින් අන්ධ වූවන්ට නොව නිදහස් අදහස්
    දරන්නට දැන ගැනීමටයි මේ ටික.

    සෝමාලියාව වගේ තිබ්බ ලංකාව ගොඩ ගත්තේ JR කියලා එක මනුස්සයෙක් කියලා තිබුනා.
    JR බලයට එනකොට ලංකාවට නිදහස ලැබිලා යාන්තමින් අවුරුදු 28යි. ඒ වෙනකොට අපි ඔරුවල වානේ සංස්ථාවේ ඇල්පෙනෙත්තේ ඉඳලා මහා පාලම් කාප්ප දක්වා සියලුම වානේ භාණ්ඩ දේශීයව නිපැදුවා.
    ඉන්දියාවට වෙනම වර්ගයේ උදැල්ලක් කිඹුලා ලකුණෙන් තලය මහත ලංකාවේ හැදුවා. ඒවා එක දිගටම ඉන්දියානු ගොවියට ලංකාවෙන් යැවුනා.
    Unique රේඩියෝව අපි හදලා ආසියාවේ රටවල් වලට අපනයනය කරා.
    රටේ හැම ගමකම weaving mills දාලා අපේ රෙදි පිලි අවශ්‍යතාවය ගම් මට්ටමින්ම සපුරා ගත්තා. එතකොට මදුරු දැල් තිබුනා ඩියුරෝ කියලා සවි ශක්තිය අතින් ඉහලයි. දාස සමූහ ආයතනය තමා නිශ්පාදනය කලේ. දාසලා රාණි, සඳුන් සබන් දේශීය අමු ද්‍රව්‍ය වලින්ම නිපදවලා පිට රටටත් අපයනය කලා. අදත් චෙන්නායි වල බර්මා බසාර් ගිහිල්ලා අහලා බැලුවොත් රාණි සබන් වලට ලොකු ඉල්ලුමක් තියනවා. ඒ අර කියපු සෝමාලියා යුගයේ කල දේවල් තමා. JR, දාස මුදලාලි ශ්‍රී ලංකා කාරයා කියලා වැටෙන්නම ගහලා කුජීත කරලා දැම්මා.
    අපේ ගෙවල් වල විතරක් නෙමේ කඩවල් හෝටල්වල භාවිතා උනේ පැරකුම්බා condensed milk. ලංකාවෙම තණ බිම් වලින් අපේ කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා. මුස්ලිම් ගොවි මහත්වරු පොලොන්නරුවේ විශාල වශයෙන් කිරි නිපැදවූවා 🐄 🐄 . දැං ඒ ඔක්කොම වගේ පිටරටින් තොරම්බල් බඩු ගේන්න පුරුදු වෙලා.
    ඒ කාලේ ⁣Proton car ලංකාවේ ගහන්න ඉඩක් ඉල්ලනකොට අපි දුන්නෑ මොකද අපි Upali Fiat එක හදන නිසා තව නොබෝදිනකින් saloon car එකක් අපි ලෝකෙට හඳුන්වා දෙන්නම් කියලා බලාපොරොත්තු තිබුණු නිසා. සෝමාලියාවේ කාර් හදනවද? JR ඇවිල්ලා සියල්ල විනාස කරලම දැම්මා. උපාලි විජේවර්ධනව මරලා දැම්මා රහසිගත විදිහට.(ප්‍රේමදාස ඒක කල බව කුප්‍රකටයි.)
    කුබෝටා ට්‍රැක්ටරය අපේ දෙයක් අද කෝ??.
    වරායෙන් අපනයනය වූ බඩු අතර පලයාකාට් සරොම් තොග ගණන් (containers ප්‍රසිද්ධ නැති යුගයක) ඩියුරෝ රෙදි පිලි තොග ගනන් යැවුවා, ලංකා සිල්ක්, බතික් අපේම අමුද්‍රව්‍ය වලින්. St.Bridget එකේ Sistersලා පට පණුවන්ගෙන් සිල්ක් නූල් අරන් රෙදි නිපදුවා. පස්සේ මේ වැඩේ ධර්මිෂ්ට නෑ කියලා ඒක නවත්තලා චීනෙන් ගේන්න මුස්ලිම් මුදලාලිලාට බාර දුන්නා.
    අපි......
    ලේලන්ඩ් වාහනේ ලංකාවට ඉන්දියාවෙන් එනකොට දාලා එව්වෙ කැළණි ටයරය ලොකුවට made in Sri Lanka 🇱🇰 කියලා ලියලා, පොඩි අපි සතුටට පත්උනා මේවා දැකලා. කැළණි ටයරය ඔය කියන සෝමාලියාවේ හදන Yokohama, Dunlop ලොප් කරලාම දාලා තිබුණු යුගයක් අපට තිබුනා. අපි බරවාහන දේශීයව හදාගන්න කාලය අත ලඟ කියලා හීන දැක්කා.
    ලංකාව, සෝමාලියාවක් වෙලා තිබුනා කියන අය ලංකාවට ආසියාවේ ස්විට්සර්ලන්තය කියපු කාලක් තිබූ බව දන්නැතුව ඇති. ඔව් අපි චොකලට් 🍫 කර්මාන්තය පටන් අරං පිටරටවල පවා කොකෝවා වැව්වා ලංකාපුත්‍රයන් යටතේ ඒ රටවල මිනිස්සු වැඩ කරා. අපිට එහෙව් යුගයක් තිබුනා. දැන් ගෑණු ඇඟ විකුණලා ගේන සල්ලි වලින් ජපන් වාහන අරගෙන පදින තිරිසන් ජාතියක් කරලා දැම්මේ ඔය HRම තමා. JR ගෙන් පස්සෙ ආපු එකදු ජනාධිපති කෙනෙක්ටවත් මේ රටේ ගෑණු වහල් සේවයට යවන එක නවත්තන්න උවමනාවක් තිබුනෙ නෑ. එකම එක්කෙනෙක් ඒ වැඩේ ටිකාක් විතර control කරා එච්චරයි.

    යූරී ගගාරීන් ලංකාවට එනවා මේ නිශ්පාදනය ආර්ථිකයක පිමි පනින ජාතිය ඇසින් දැක ගන්න. 59 කියුබානු විප්ලවය ඉවර කල චේ ගවේරාට පසු කාලෙක බාර දෙනවා විශාල වගකීමක් එරට ආර්ථිකය නගා සිටුවන්න. ඔහු තෝරා ගත් රටවල් කීපයකට එනවා සංවර්ධනය සැලසුම් හදාරන්නට. එවකට ආසියාවේ තෙවෙනි නිශ්පාදන ආර්ථිකය තිබුණු ලංකාවට; අර කියපු සෝමාලියාවටත් ඔහු අමතක නොකරම බලන්න එනවා. දැං මොකාද ලංකාවෙන් ඉගෙනගන්න එන්නේ? මන්දපෝෂණය ගැන නම් පුළුවන් වෙයි අද ආවොත් ඉගෙන ගන්න.
    එතකොට සිංගප්පූරුව හදන්න පෙර ලී ක්වාන් කියනවා මම මලක්කාවේත් ලංකාවක් හදලයි පස්ස බලන්නේ කියලා. ඒ අරයා කියපු සෝමාලියාව එදා බැබලුණු අයුරුය. (ලී ක්වාන් ගේ Third world to first world පොත බලන්න)
    කුඩා දරුවන් වූ අපි නිතරම අධ්‍යාපන චාරිකා ගියා පාසැල් වලින්. ඒ අපේ දේශීය කර්මාන්ත ශාලා නැරඹීමටයි. අද ලුණු ටිකත් ඉන්දියාවෙන්.
    එදා අද මෙන් රෑපවාහීනී, mobile phones,☎ laptops, flat screens යනාදී gadgets ලෝකෙම තිබුනෙ නෑ.
    දැං සෝමාලියාවේත් ඕවා තියනවා ඒක නම් ⁣ඔය වගේ දේවල් කියවන්න හේතූවූ කාරණය, ඔබ විචාර බුද්ධිය මීට වඩා යෙදවිය යුතුයි. එකල ජර්මනිය, ජපානය වැනි රටවල් වලත් ඔය ගැජට් නෑ කොටින්ම කියනවනම් අද ඒවා සෝමාලියාවේ තියනවා. ඒ කියන්නෙ ඒ රටවලුත් ඒකාලේ සෝමාලියාව වගේ කියන එකද? මෙවන් දේ කතා කරන්නෙ ඔහුට කවදා හරි කවුරු හරි වැරදි අවබෝධයක් දී ඇති නිසයි.
    මේ කිවූ කිසිම දෙයක් නාදුනන මා කීවාට පිළිනොගන්න. කරුණු ⁣තව දුරටත් සොයාබලා විශ්වාස කරන්න.
    එකල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමා ඉන්දියාවෙන් සහ මාලදිවයිනෙන් බෝට්ටුවල ⛵ නැගලා නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ පැමිණීම. අද 1977ට පස්සේ, අපි ⛵වල පාවෙලා ජීවිත පවා නැති කරගෙන වෙන රටවල් වලට පනින ලැජ්ජා නැති ජාතියක් වෙලා. කවදද වැරදිලා තියෙන්නේ? ඒ දිනය අපිටනම් පැහැදිලියි.

    තව මෙවන් දේ පොත් ගණනක් ලියතැහැකි. අද අපේ මිනිස්සු දැනුවත් වෙලා නැති තැන් අපි කතා කරන්න ඕනේ. නැත්තං ඒ ලමයි කොහෙන් දැනගන්නද? අද හෙට ඉතිහාසය ගැන උනන්දුව නැති කරපු දාට මේ දේවල් දන්න කෙනෙක් නැති වෙලා යයි. එදාට හැමෝම කියයි ලංකාව ඉස්සර සෝමාලියාව වගේ. කියලා. මැරෙන්න කලින් මේ ටික හරි ඉන්න එකාලට කියලා දීම වගකීමක් ලෙස දකින නිසා ලියා තබමි.
    ලිඳ තුල ඉන්න මැඩියා තවත් එවැනිම වූ මැඩියන්ගේ ජක ජකය විතරක් අසා ඒ අනුව මුලු ලෝකය දන්නෙකු ලෙස කතාකරයි. නමුත් අඩුගානේ වතුර බොන්න එන මීහරකෙක්ගෙන් හරි යමක් අහන්න මොකද ඌ ගෙම්බට වඩා දුරක් ගොස් ඇත. අහම්බෙන් හරි මිනිසෙකු දුටුකල කතා කරන්න ජක ජක බාසාවෙන් නෙමේ මනුස්ස බසින්.
    අදහස් හොයන්න, අසන්න, කියවන්න, හිතන්න පුරුදුවෙමු එතකොට ඔය එක එකා අපේ මිනිස්සුන්ව අන්දගෙන යන එක අඩුවේවි.
    මෙසේ ලියා තැබීම සද්කාර්යක් මෙන්ම මෙය උපුටාගෙ ප්‍රචලිත කිරීමෙන් ජනතාවට යම් ආලෝකයක් 🔦 ලබා දී පිනක් කරගමු.
    by Parakrama Sirimanne
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    80 දශකය, බොහොමයක් ආසියාතික රටවල් තම සංවර්ධනය උදෙසා සැළසුම් ක්‍රියාත්මක කර සංවර්ධන දශකයක් බවට පත් කරද්දී, ලංකාවේ කුජීත දේශපාලුවන් තමන්ගේ වාසියට ජාතී වාදී විශබීජ වපුරමින්, රටේ කර්මාන්ත වලපල්ලට යවමින් යුද්ධයක් කරා රට මෙහෙයවමින් කාලකන්නි සතුටක් ලැබුවා
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    80 දශකය, බොහොමයක් ආසියාතික රටවල් තම සංවර්ධනය උදෙසා සැළසුම් ක්‍රියාත්මක කර සංවර්ධන දශකයක් බවට පත් කරද්දී, ලංකාවේ කුජීත දේශපාලුවන් තමන්ගේ වාසියට ජාතී වාදී විශබීජ වපුරමින්, රටේ කර්මාන්ත වලපල්ලට යවමින් යුද්ධයක් කරා රට මෙහෙයවමින් කාලකන්නි සතුටක් ලැබුවා

    :yes::yes::yes:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    JR තමා පලවෙනි වරට අධිකරණයට අත තිබ්බේ. මාස 3ක් පාර්ලිමේන්තු නොආව මන්තිරියෙක් අයින් කලාම එයාවම ආපහු එව්වා. අගවිනිසුරු නෙවිල් සමරකෝන් තීන්දුවක් දුන්නා ඒක පිලිගන්න බෑ කියලා. එදාම රෑ මැරයෝ යවලා අගවිනිසුරුට හූ කියලා ගල් ගැහුවා. පහුවදා පත්තරේකින් අහන කොට කිව්වා මේක ධර්මිෂ්ඨ සමාජයක් නිසා ඕනේ කෙනෙකුට පුලුවන් තීන්දුවක් විවෙචනය කරන්න කියලා. මේ තමයි රටේ ලොකුම පසුගමන..
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    J.R ඇතුලු UNP නඩය 1977 න් පසු ලංකාවට කල මහත් හානිය අද ජීවත්වන දරැවන් ද දැනගත යුතුය...ජාතිවාදය ඇවිස්සීම, මහා පරිමාණ චංද දූෂණ, කම්කරැ උද්ඝෝශණ කුරිරැ අන්දමින් මර්ධණය කිරීම, ත්‍රාසය, භීතිය පිරැනු සමාජයක් සහ පාතාළ ලෝකය නීතිගත කිරීම, අධිකරණයේ ස්වාධීණත්වය මුලුමනින් ම කෙලෙසීම, අපරාධ යුක්ති කොමිසම මගින් වැරදිකරැ කරනු ලැබ සිරගතකොට සිටි විජේවීර නමැති අපරාධකරැ නිදහස්කොට 1988/1988 සිදුවූ මහා ව්‍යසනයට පාර කැපීම ආදී දහසකුත් එකක් විපත් ලංකාවට පමුණුවන ලද්දේ JR නමැති අවලං දේශපාලුවා විසිනි.....මේ පිළිබඳව නොදන්නවුන් මෙන් අද සිටින නාකි UNP නායකයින් JR යුගය සමෘර්ධිමත් යුගයක් යැයි පාරම් බාති...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එක දෙයක් හැර අනිත් ඔක්කොම නිවැරදියි.
    Upali Fiat හදන එක කඩා කප්පල් කලේ සිරිමාවෝගෙ කාලෙ
     

    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ammo ekata nam age mill kelin unath ekka ban ehew jathiyakda ban me eka ekagen higa kanne .
    Thanks rep
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,073
    34,615
    113
    1977 න් පස්සේ තමයි රටට හෙන ගැහුනේ. රටේ තිබුණු නිශ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන් බිඳ වැට්ටුවා. පිට රටින් ආපු කුණු ගොඩවල් නිසා ජාතික ධනය ගෙඩි පිටින් පිටරට වලට ඇදීගියා.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    deshpalakayantama banala wadak ne ban. unta aawadana minissu innakota. mekata api hamoma waga kiyanna one. swadeenawa hithanna puluwan mahajanathawak hadala hitiyoth me ratath goda daganna puluwan
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    1) Sirimawo waga sangramaya genalla pitaraten kema gena eka neweththuwa. Lankawe ewunta kannath nethi wuna. Minissu badaginne mala. Pan gediya horakam karala police yen elluwa.

    2) Pan gediya ganna udeta gihin polin wala inna ona

    3) Hal tikak gedara geniyanna ba. Hal Polu demma. Bomba check karanawa wage policiya hal geniyanawada kiyala check karanawa.

    4) Tuesday & Friday bath kanna thahanan.

    5) Thamunta kemathi edumak ganna ba kadekata gihin. Samupakaren dena redi kella thamai hemotama.

    6) Kiri-Piti na podi ewunta. Podi ewun manda poshanen mala

    7) E dawas wala Car ekak thibune game hamu mahaththayata witharai

    8) Anduwe jobs witharai thibune. Kollekta, Kellekta kasada badinna ba job 1 nethi nisa. JR la thamai Free Trade Zones genalla minissu godakata rassa dunne.

    JR ta minissu chande dunne oya system eka wenas karanna. JR eka kala.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    South Korea,Japan,Singapore,Malaysia,Brazil oya wage ratawal diunu wune minissunta kanna nodi hira karala thiyagena idalada kiyala hoyala balapan.

     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Seeni nethuwa tea bonnan
    Miris nethuwa hodi kannan
    Amma apita kiyanawa nan
    Piduru wunath api kannan


    E kale Sirimawoge golayo ke gahanne ohomai -

    Oken hitha ganna puluwan neda e kale rate heti?



     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Seeni nethuwa tea bonnan
    Miris nethuwa hodi kannan
    Amma apita kiyanawa nan
    Piduru wunath api kannan


    E kale Sirimawoge golayo ke gahanne ohomai -

    Oken hitha ganna puluwan neda e kale rate heti?




    Exactly correct.. You forgot to mention what the so called Janatha Committee idiots did along with so many other things that even led to the decline of the well functioning rubber & tea estates.
    Anyway the original article is only partially true. Many untruths in it. Many of the younger generations never know that their mothers had to visit the police station while they were in the womb to get a tin of milk..
    From rice coupons to sugar and even a trouser length drawn by a raffle in the cooperative. Such were the days!!!
    I should add the worst thing that stupid Sirima government did... The abolition of the PSC. The country is in a mess just because of this dumb decision taken of course to their benefit.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Exactly correct.. You forgot to mention what the so called Janatha Committee idiots did along with so many other things that even led to the decline of the well functioning rubber & tea estates.
    Anyway the original article is only partially true. Many untruths in it. Many of the younger generations never know that their mothers had to visit the police station while they were in the womb to get a tin of milk..
    From rice coupons to sugar and even a trouser length drawn by a raffle in the cooperative. Such were the days!!!
    I should add the worst thing that stupid Sirima government did... The abolition of the PSC. The country is in a mess just because of this dumb decision taken of course to their benefit.

    Owa Sinhalen kiwwoth thamai munta therenne.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    mekanam aththa...

    me rate godak prasna athi une me kale, ewa okkoma wisadaganna thibba ewa...


    TFS