Jurassic Park බලන්න උබල පෝලිම් වල හිටියද?

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,124
    5,774
    113
    අහල තියනව juraasic park බලන්න ලංකාවෙත් පෝලිම් තිබුන කියල සෑහෙන්න.. එහෙම පෝලිම් වල ඉදල බලපු උන් ඉන්නවද?
    මේක දැක්කම මතක් උනේ ඒක...

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,547
    75,387
    113
    අහල තියනව juraasic park බලන්න ලංකාවෙත් පෝලිම් තිබුන කියල සෑහෙන්න.. එහෙම පෝලිම් වල ඉදල බලපු උන් ඉන්නවද?
    මේක දැක්කම මතක් උනේ ඒක...


    ඔව් මායි තාත්තයි අපේ සහෝදරයි පැය 2 3ක් විතර හිටන් හිටියා මම හිතන්නෙ 1993/94 වගේ. අම්ම ආවේ නෑ, ඒත් බලන ගමන් කන්න අපිට ගෙදරම මුරුක්කු හදලා දුන්නා. ඕක තමා මගේ ජීවිතේ ෆිල්ම් හෝල් එකක බලපු එකම ෆිල්ම් එක ආයි අවුරුදු28/30 වෙනකන්. ආයි එහෙම ගිහින් බැලුවේ ඔෆිස් එකට ගියාට පස්සෙ. :yes: :yes:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,128
    27,794
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව්. හෝල් එක ෆුල්. සීට් නෑ. මායි අම්මයි ඉස්සරහම පේලියේ හිටියේ. අප්පච්චි පිටිම පස්සේ හිටගෙන බලලා තියෙන්නේ.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    මේක හින්ද මට වෙච්ච දේනම් අමතක කරන්න බෑ. පෝලිමේ පැය දෙකක් ඉඳලා මගේ වාර එනකොටම ඔක්කොම ටිකට් ඉවරයි කියලා කිව්වා. ගෙදර ආවේ කඳුළු පෙරාගෙන. 😞😁
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,124
    5,774
    113
    හෙන කට්ටක් කාලනෙ කට්ටිය මේක බලන්න ඒකාලෙ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,412
    113
    බලන්න නෙමයි බන් ටිකට් ගන්නත් පෝලිමේ හිටියා ලිබටි එකේ.
    අන්තිමට තාත්ත ඔෆිස් එකේ කොලබම පදිංචි යාලුවෙකුට කියල වෙනම ටිකට් අරගෙන තිබ්බේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    මම ඕක බැලුවේ 2005 වගේ බාප්පලාගේ ගෙදරට VCD ප්ලේයර් එකක් ගෙනාවම.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,661
    8,880
    113
    kandy
    බැලුවා . සීගිරි කටුගස්තොට හෝල් එකෙන් 1993 -1994 වගේ
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අපි බැලුවේ වත්තල නිල්මිණි එකේ , හිටගෙන බලන්න උනේ. ticket ඉවර වෙලා ඇතුලට යන්න බැරි උනා. පස්සේ තාත්ත නීල් රුපසිංහගේ අදුනුම් කමට ODC දොරෙන් ඇතුලට යන්න හදල දුන්න. හිටගෙන බැලුවේ හිටගෙන.
     
    • Like
    Reactions: SDCR

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    අහල තියනව juraasic park බලන්න ලංකාවෙත් පෝලිම් තිබුන කියල සෑහෙන්න.. එහෙම පෝලිම් වල ඉදල බලපු උන් ඉන්නවද?
    මේක දැක්කම මතක් උනේ ඒක...


    මට මතක හැටියට ඕක ලංකාවේ පෙන්නුවේ 93 නෙමේ 94. ඒ වෙනුවෙන්ම Liberty renovateකළා . Dolby , surround sound system ආවේ ඒ කාලේ. උදේ පාන්දර පෝලිමට ගියේ :P
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    මට මතක හැටියට ඕක ලංකාවේ පෙන්නුවේ 93 නෙමේ 94. ඒ වෙනුවෙන්ම Liberty renovateකළා . Dolby , surround sound system ආවේ ඒ කාලේ. උදේ පාන්දර පෝලිමට ගියේ :P
    93 ban. hall eka nam aluthenma hadauwa okatama.. un hodata hamba kara eeta passe. eeta psee digatama supiri fima awa
    indipendat day / matirix / men in black / blade wage ewa.
     

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    අහල තියනව juraasic park බලන්න ලංකාවෙත් පෝලිම් තිබුන කියල සෑහෙන්න.. එහෙම පෝලිම් වල ඉදල බලපු උන් ඉන්නවද?
    මේක දැක්කම මතක් උනේ ඒක...


    ඔව් බැලුවා ලිබර්ටි එකේ. 2.30 ෂෝ එක. ඒ දවස් වල ඔතන ටෙම්පල් ට්‍රීස් පැත්තට යන පාර වහල, එහාට තමයි පෝලිම තිබ්බේ.
    6 පාරක් විතර බැලුව ෆිල්ම් හෝල් එකේම.