JUST IN : විධායක ජනපති ධුරය අහෝසි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    JUST IN : විධායක ජනපති ධුරය අහෝසි

    JUST IN : විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට
    අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසගේ විරෝධය..
    #lka #News1st


    COLOMBO (News 1st) : විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් අද පැවති විශේෂ කැබිනට් රැස්වීමට ඉදිරිපත් වී තිබේ.

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් මෙහිදී ඊට විරෝධය දක්වා ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.

    කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් නියෝජ්‍ය නායකවරයා පැවසුවේ, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නින්දිත ක්‍රියාවක් බවයි.

    එය ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක් බවත් මෙවැනි යෝජනාවක් පිිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නම්, එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් සිදු කිරීමට අවස්ථාව තිබූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ ය.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජනාධිපතිකමේ වෙනස් කරන්ඩ දගලන්නෙ, පොන්නයයි සිරයි අනුරයයි, උන්ට ජිවිතේට දිනා ගන්න එක හිතාගන්ඩවත් බැනෙ ඒකයි ඔය කෙලල දාන්ඩ හදන්නෙ රටටම..
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    very good. ngo karayanta thamai one executive presidency abolish karanna... Without executive presidency the country will be unstable.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක බොරු වැඩක් මේ වෙලාවෙදි නෙවෙයි ඕක කරන්න තිබ්බෙ, අවුරුදු 4.5ක් පොල් ගගා ඉඳල දැන් මුක පූට්ටුවෙලා දඟලනවා... බල තන්හාව, ජනාධිපති වෙන්න බැරි අය ඒ තනතුරටත් අකැමැතියි... මේ වෙලාවෙ ඉත්තෙක්ගෙන් ගොඩයන්න හිතාගෙන ඉන්න ජනබලය නැති අයට කරන්න පුළුවන් එකම දේ මෙච්චරයි....
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඔය සජිත් දගලන්නෙත් ජනාධිපති වෙන්නම නෙමේ පැරදුනොත් අඩුම තරමේ පක්ෂ නායකත්වයයි විපක්ෂ නායකත්වයයි හම්බෙනවා. සජිත්ට ජනාධිපතිවරණය ඕනේ ඒකයි

    කෝක වෙතත් මේ වෙලාවේ සිරිසේනයි,රනිලුඉ, JVP එකයි අනාත වෙලා ඉන්නේ ඕක අහෝසි කරන එක තමයි අන්තිම තුරුම්පුව, ඕක වැරදුනොත් ඔක්කොම ඉවරයි
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    විදායකය අහෝසි කිරීම කියන්නෙ රටට කෙලවෙලාම යනව කියන එක තමයි.

    විදායකය අහෝසි කරනවා යනු එය සතු සකලවිධ බලය ව්‍යවස්ථාදායකට එනම් පාර්ලිමේන්තුවට ලබා දෙනවා යන්නය. සරලව කිවහොත් එමගින් මෙම බලය අගමැති වරයා ඇතුළු ආන්ඩුව ක්‍රියාත්මක කරනු ලැබේ. අප දන්නා පරිදි විදායකය සෘජුවම පත් කරන්නේ රටේ ජනතාවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුත් එසේමය නමුත් ආන්ඩු පිහිටුවන්නේ මෙම මුදලට විකිනෙන ජඩමන්ත්‍රීවරුන් ගේ කැමැත්ත මත පමණි. පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ගරුක හොඳ පුද්ගලයන්ගෙන් පිරී ඇත්නම් විදායකය අහෝසි කිරිම එතරම්ප්‍රශ්නයක් වන්නේ නැත. නමුත් මෙය අහෝසි කිරීම එක හරකෙකු සතු බලය ශක්තිය තවත් හරකුන් 225කට ලබා දීම හා සමානය. එය තවත් කබලෙන් ලිපට වැටීමකි.

    විදායකය අහෝසි කිරීම ගැන කතා කිරීමදී මැතිවරණ ක්‍රමය කිසිසේත්ම අමතක කල නොහැකිය. ඒ මන්ද යත් සමානුපාතික ජන්ද ක්‍රමය අනුව කිසියම් පක්ශයකට සරල බහුතරයක් ලබා ගැනීම ඉතා අසීරු කරුණකි. සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පැවති මැතිවරණ ඉතිහාසයේ එක් පක්ශයක් සරල බහුතරයක් එනම් පාර්ලිමේන්තු ආසන 113ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඒ අතිශය දූශිතව පැවති 1989 මහාමැතිවරනය සහ යුද ජයග්‍රහණයේ උනුසුම සමග පැවති 2010 මහාමැතිවරනයේ දී පමණි. අන් සියලු අවස්ථා වලදී ආන්ඩු පිහිටුවීමට සුලු පක්ශ වල සහාය ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. එවැනි රජයන්ට මේ සුලු පක්ශය වල ඉල්ලීම් ඉටුකිරීමට සිදුවී ඇත. එවිට වන්නේ තමන්ට ජන්දය දුන් බහුතර ජනතාවගේ ඉල්ලිම් වලට පිටු පාමින් ආන්ඩුවක් පවත්වා ගැනීම සදහා මේ සුලු පක්ශය වලට ඉල්ලීම් ඉටු කිරීමට සිදු වීමයි. එය හරියට වල්ගය විසින් බල්ලා නැටවීමක් බදුය. පාර්ලිමේන්තුවේ බලය වැඩි වනවා යනු මෙම සුලු පක්ශ වල බලය තව තවත් වැඩි වනවා යන්නය. එනිසා මැතිවරණ ක්‍රමයේ සන්ශෝදනයකින් තොරව විදායකය අහෝසි කිරීම ඉතාමත් භයානකය.

    අනෙක් කාරණය වන්නේ රටේ ඒකීය භාවයයි හා බවුමික අකණ්ඩතාවයයි. 13වන සන්ශෝදනය මගින් පලාත් සබාවලට දී ඇති බලතල වල බල කේන්ද්‍රය වන්නේ විදායකයයි එය අහෝසි කරනවා යනු රටේ ඒකීය බාවයට සහ බවුමික අකණ්ඩතාවයට බරපතළ තර්ජනයකි.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මේ පකයල මොන මගුලක් කරනවද දන්නෑ.
    මුන්ටික ගෝඨට දිනන්න දෙන්නෙ නෑ. ඒක ශුවර්.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    During special meeting, Cabinet decides not to discuss abolishing Executive Presidency now, since an election has been called - Min. Mano Ganesan- adaderana.lk
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ මේ පෙරුමාල්... මෙහෙ වරෙන් බන්...

    උඹේ දාර්ශනික අදහස මොකක්ද මේ ගැන
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    ඔය මොනව කරත් උබලට කෙලවෙන එක නතර වෙන්නේ නැ . ආසයි අපේ උන් 2023-24 නාහෙන් අඩාගෙන පුක ඉරාගෙන ඉන්නව බලන්න . මම නම් ඇගිලි ගනිනවා එදා වෙනකම්
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔය මොනව කරත් උබලට කෙලවෙන එක නතර වෙන්නේ නැ . ආසයි අපේ උන් 2023-24 නාහෙන් අඩාගෙන පුක ඉරාගෙන ඉන්නව බලන්න . මම නම් ඇගිලි ගනිනවා එදා වෙනකම්

    ඔව් උබල වගේ පොන්නයෝ තමා මිනිස්සුන්ට කෙල වෙනකම් බලන් ඉන්නේ :yes: