විදායකය අහෝසි කරනවා යනු එය සතු සකලවිධ බලය ව්‍යවස්ථාදායකට එනම් පාර්ලිමේන්තුවට ලබා දෙනවා යන්නය. සරලව කිවහොත් එමගින් මෙම බලය අගමැති වරයා ඇතුළු ආන්ඩුව ක්‍රියාත්මක කරනු ලැබේ. අප දන්නා පරිදි විදායකය සෘජුවම පත් කරන්නේ රටේ ජනතාවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුත් එසේමය නමුත් ආන්ඩු පිහිටුවන්නේ මෙම මුදලට විකිනෙන ජඩමන්ත්‍රීවරුන් ගේ කැමැත්ත මත පමණි. පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ගරුක හොඳ පුද්ගලයන්ගෙන් පිරී ඇත්නම් විදායකය අහෝසි කිරිම එතරම්ප්‍රශ්නයක් වන්නේ නැත. නමුත් මෙය අහෝසි කිරීම එක හරකෙකු සතු බලය ශක්තිය තවත් හරකුන් 225කට ලබා දීම හා සමානය. එය තවත් කබලෙන් ලිපට වැටීමකි.
විදායකය අහෝසි කිරීම ගැන කතා කිරීමදී මැතිවරණ ක්‍රමය කිසිසේත්ම අමතක කල නොහැකිය. ඒ මන්ද යත් සමානුපාතික ජන්ද ක්‍රමය අනුව කිසියම් පක්ශයකට සරල බහුතරයක් ලබා ගැනීම ඉතා අසීරු කරුණකි. සමානුපාතික ජන්ද ක්‍රමය යටතේ පැවති මැතිවරණ ඉතිහාසයේ එක් පක්ශයක් සරල බහුතරයක් එනම් පාර්ලිමේන්තු ආසන 113ක් හෝ ඊට වැඩියෙන් ලබා ගෙන ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. ඒ අතිශය දූශිතව පැවති 1989 මහාමැතිවරනය සහ යුද ජයග්‍රහණයේ උනුසුම සමග පැවති 2010 මහාමැතිවරනයේ දී පමණි. අන් සියලු අවස්ථා වලදී ආන්ඩු පිහිටුවීමට සුලු පක්ශ වල සහාය ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. එවැනි රජයන්ට මේ සුලු පක්ශය වල ඉල්ලීම් ඉටුකිරීමට සිදුවී ඇත. එවිට වන්නේ තමන්ට ජන්දය දුන් බහුතර ජනතාවගේ ඉල්ලිම් වලට පිටු පාමින් ආන්ඩුවක් පවත්වා ගැනීම සදහා මේ සුලු පක්ශය වලට ඉල්ලීම් ඉටු කිරීමට සිදු වීමයි. එය හරියට වල්ගය විසින් බල්ලා නැටවීමක් බදුය. පාර්ලිමේන්තුවේ බලය වැඩි වනවා යනු මෙම සුලු පක්ශ වල බලය තව තවත් වැඩි වනවා යන්නය. එනිසා මැතිවරණ ක්‍රමයේ සන්ශෝදනයකින් තොරව විදායකය අහෝසි කිරීම ඉතාමත් භයානකය.
අනෙක් කාරණය වන්නේ රටේ ඒකීය භාවයයි හා බවුමික අකණ්ඩතාවයයි. 13වන සන්ශෝදනය මගින් පලාත් සබාවලට දී ඇති බලතල වල බල කේන්ද්‍රය වන්නේ විදායකයයි එය අහෝසි කරනවා යනු රටේ ඒකීය බාවයට සහ බවුමික අකණ්ඩතාවයට බරපතළ තර්ජනයකි.