මාව ගාලු මුවදොරෙන් පැන්නුවේ ජවිපෙ… මෝටිවේෂන් අප්පච්චි අරගලයේ රහස් රැසක් හෙලි කරයි…
May 13, 2022 at 3:00 pm | lanka C newsගාළු මුවදොර විරෝධතා භූමියෙන් තමන්ව ඉවත් කරනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් බව සමාජ ජාල ක්‍රියාකාරිකයෙකු වන මෝටිවේෂන් අප්පච්චි සඳහන් කරයි.
තමන් සම්බන්ධයෙන් දැනටමත් ඔවුන් අසත්‍ය පතුරුවමින් සිටින බවද හෙතෙම කියා සිටියි.
එම විරෝධතාවයේ නායකත්වය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් උත්සාහ කළ විට තමන් ඊට තදින් විරුද්ධ වූ නිසා තමන්ට එරෙහි ව මෙම අසත්‍ය සමාජ මාධ්‍ය පුරා පතුරවමින් එම භූමියෙන් තමන් ඉවත් කළ බවත් ඔහු පවසයි.
මෙම විරෝධතාවයට සම්බන්ධ වූ තමන් කිසිවෙකුගේ මුදල් ගසාකෑම නොකළ බවත් තමන්ට ලැබුණු සියලු ආධාර වලින් තරුණයන්ට ආහාරපාන ලබා දුන් බවත් තවත් යම් මුදලක් ඉතිරිව තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියි.
තමා සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මගින් ඔහු මෙම අදහස් පළ කර ඇත