JVP/දේශප්‍රේමීන්...(1වෙනි කොටස)

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    JVP/දේශප්‍රේමීන්...(1වෙනි කොටස)

    මා බදුරලිය රෝහලේ පළමු ලියාපදිංචි වෛද්‍යවරයා වූයෙමි. 1987දී මා එහි සේවයට පැමිණෙන විට එහි තිබුනේ කුඩා ඩිස්පැන්සරියක් පමණකි. කුඩා වාට්ටුවක් අලුතින් තනා තිබුනද...නිලනිවාසයක්, ඇම්බියුලන්ස්එකක් හෝ මෝචරියක් නොතිබුන බැවින්...වාට්ටුව නේවාසික රෝගීන් සඳහා විවෘත කිරීම මට කලින් සිටි වෛද්‍යවරු අකමැතිවූහ.

    anti-jr-graffiti-dec-88.jpg

    මම එහි පැමිණ සති දෙකකින් වාට්ටුව නේවාසික රෝගීන් සඳහා විවෘතකර... ඩිස්පැන්සරිය කුඩා රෝහලක් බවට පත් කලෙමි. රෝහලේ කාමරයක් මගේ නිළනිවාසය ලෙස පාවිච්චි කලෙමි. රෝගීන්ගේ වැසිකිලිය මගේද වැසිකිලිය විය (ඉස්සර ගේමක් නැතුව ඇණ තියාගෙන ඉන්න පුළුවන්) මගේ මෝටර්රථය අතින් කයිට් ඇම්බියුලන්ස් එක වූ අතර ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් ලෙස සරත් විමලසුරියම පත්කර ගත්තෙමි.

    අතිවිශාල ප්‍රදේශයක් මෙම රෝහල මගින් ආවරණය වන බැවින් රෝගීන් වැල නොකැඩී එන්නට පටන්ගත්හ. ඇඳන් විස්ස වහාම පිරී ගියේය. අතිරේක රෝගීන් කොරිඩෝවේ පැදුරු මතට අකමැත්තෙන් වුවද දැමීමට සිදුවිය. ඇටෙන්ඩන්ට්ලා මිස නර්ස්ලා නැත. ඉන්ජෙක්ෂන්, සේලයින් ? ඒව දෙන්නෙත් මං ම තමයි...ළදරු සායන,මාතෘ සායන පැවැත්වීම, පාසැල් සෞක්‍ය පරීක්ෂණ, බෙහෙත් ගබඩා පාළනය, ලිපිකරු කටයුතු කිරීම, ෆෑන්, ස්ටේරිලයිසර්, ටියුබ්ලයිට්, වතුරමෝටර් රෙපයාර් කිරීම...ඔක්කොටම එකයි...වන් මෑන් ආමි !. අසාධ්‍ය තත්වයේ රෝගීන් සතියකට දෙතුන්වරක් මා කලින් සේවයකල, ආසන්න දිස්ත්‍රික් රෝහලවූ පිඹුර රෝහලට මෝටර්රථයෙන් ප්‍රවාහණය කිරීම මාවිසින් නොමිලේ සිදුකරණ ලදී.

    ඒ දිනවල මෙවැනි රෝහල් වල සේවයකල දොස්තරලාට OT, ඔන්කෝල් දීමනා, ඩියුටිෆ්‍රී කාර්, ප්‍රවාහන දීමනා මොන මගුලක් වත් නැත. පැය 24ම තනියම වැඩකල යුතුය. ජ්‍යාත්‍යන්තර කම්කරු නීතිය අනුව OT ගෙවමින් හෝ මනුෂ්‍යකු පැය 24ම සේවයේ යෙදවීම බරපතල අපරාධයකි. සවුත්තු දෙපාර්තමේන්තුවට ඒගැන වගේ වගක්නැත. නිවාඩු ගැනීමට වෙනත් රෝහලකින් වෛද්‍යවරයෙක් කලින් දන්වා බොහෝ කණිපින්දම් කියා...ගෙන්වා ගතයුතුවිය.

    අම්මා මළත් හදිසි නිවාඩු නැත... දුරකථන පහසුකම් නැත...දුරකථන ඇමතුමක් උප තැපැල් කාර්යාලයෙන් හෝ පොලීසියෙන් ගැනීමට ගියවිට කම්බි කැඩී ඩයල්ටෝන් නැත. නියම සනීපදායක රැකියාවකි. නමුත් මේ ගමේ බහුතර වැසියෝ ඉතාම ගුණයහපත් පුද්ගලයන්වූ නිසා...මම මගේ සේවය උපරිමයෙන් කලෙමි. පළාතේ මන්ත්‍රී තුමාවූ මෙරිල් කාරියවසම් මහතා දවසක් දවසක් රෝහල බැලීමට පැමිණියේය. ඩොක්ට මට කියන්නෙත් නැතුව වාට්ටුව ඕපන් කරලනේ...මා ජීවත්වන වැසිකිලියක් නැති, තනිකාමරය දැක ඔහු අවංකවම කණගාටුවිය...මම මාස හතරක් ඇතුලත මං ඩොක්ටර්ට ක්වාටස් එකක් හදල දෙනවා...කියූ ආකාරයටම ඔහු පොරොන්දුව ඉටුකළේය. ඉතා හොඳ වර්ගයේ ඉඩකඩ ඇති නව නිල නිවසක් මට ලැබුණු අතර...එහි පදිංචි වන දිනයේ පාටියට ඔහුටද ආරාධනා කලෙමි.

    මේ සුන්දර ගමේ සාමකාමී පරිසරය නැති කරමින් JVP/දේශප්‍රේමී සර්පයාගේ භීෂණය ක්‍රමයෙන් හිස ඔසවන්නට විය...

    පළමු සිදුවීම වශයෙන්, ප්‍රදේශයේ වගා නිලධාරියා...රෝහල ඉදිරිපිට ඇතිබස් ස්ටෑන්ඩ් එකේදී...ඉරිදාපොළ දවසේ...ගල් කටස් තුවක්කුවකින්...මහදවල්...ප්‍රසිද්ධියේ වෙඩිතබා මරණ ලදී...මුළු ගමටම JVP/දේශප්‍රේමීන්ගේ...භීෂණයේ පණිවිඩය සාර්ථක ලෙස ලබා දෙන ලදී...එදිනම රෑ JVP ඇඳිරිනීතිය පනවන ලදී...රාත්‍රියේදී අටවන විට එක්වරම විදුලිය විසන්ධිවී JVP ඇඳිරිනීතිය අංග සම්පූර්ණ විය...පාරට...චේන්සෝ මගින් දැවැන්ත ගස්කපා දමා ගම බාහිර ලෝකයෙන් වෙන් කෙරුණි. ලංගම බස් ගිනිතබන බැවින් ගමනාගමණය අඩාලවිය. ප්‍රදේශයේ සියළුම වතු අධිකාරීන් සහ ගොවියන්සතු තුවක්කු...JVP/දේශප්‍රේමීන් විසින් කොල්ලකන ලදී. කලින් මීහරක් බලමින් සිටි...ගමේ අඩුකුලේ කොල්ලෝ...තුවක්කු වලින් සන්නද්ධව...පැහැරගත් මෝටර්සයිකල් වල නැගී මහදවල් වැඩ පෙන්නන්නට වූහ...

    දෙවැන්නා ලෙස බදුරලියේ සමූපකාර මැනේජර් මහතා සමූපකාරය ඇතුලේ රාජකාරි වෙලාවේදීම...ගල් කටස් තුවක්කුවකින් වෙඩිතබා මරණ ලදී. දිගින් දිගටම ගස්කපා දමමින් JVP ඇඳිරිනීතිය පැනවීම සිදුවුනු අතර...පොලීසිය සහ හමුදාව...ගමේ මිනිසුන්ගේ ඔළුවට T56 තබා පාර ක්ලියර් කිරීමද සිදුකරණ ලදී. පාසැලේ ඇලවූ JVP/දේශප්‍රේමීන්ගේ...සටන්පාඨ පෝස්ටර් ගලවා...බිත්තිවල ලියා තිබූ .සටන්පාඨ මැකීමේ වරදට...අසල ගමක කුඩා පාසැලක විදුහල්පති වරයකු ඝාතනය කරන ලදී...රාත්‍රී නිවසට පැමිණ පොල්ලකින් පහර දෙමින් අඩපණකර ...පණපිටින් සිටියදීම මිරිස් ගල මත තබා මන්නයකින් හිස කපා වෙන්කර...පාර අසල රිටක අමුණා ඝාතකයෝ පලා ගියහ.

    1989 පෙබරවාරි 3 වෙනිදා මාවිසින් පසුදින නිදහස් දිනය වෙනුවෙන් ජාතික කොඩිය රෝහලේ ඔසවනලදී... එදිනම රෑ සන්නද්ධව රෝහලට පැමිණි JVP/දේශප්‍රේමීන් විසින් ජාතික කොඩිය ගලවා...විශාල කළුකොඩියක් දමන ලදී. මා මෙය දුටුවේ වාටුවට යද්දීය. භීෂණය කොතරම්ද යත් කිසිදු සේවකයකු මේ ගැන මට වාර්තා කලේ නැත.

    මේ කළු කොඩිය ගැලවීම ඉල්ලං බෙල්ල කප්පවා ගැනීමකි. මම එය නොදුටුවාසේ වාට්ටු පරීක්ෂාව කරමින් සිටියෙමි...එක්වරම බදුරලිය රෝහලේ මිදුලේ පොලිස් ජීප් රථයක් නැවත්විය...එයින් බැසආ OIC (එස් අයි)...ඩොක්ටර්ට විරුද්ධව පැමිණිල්ලක් ආවා...ඉස්පිරිතාලේ කළුකොඩි දාල කියල...මට මේගැන ඉහලට වාර්තා කරන්න සිද්ධ වෙනව...ඉතිං කරන්න !...මං දැම්මෙ සිංහ කොඩිය...JVP එකෙන් තමයි ඒක ගලවගෙන කළුකොඩියක් දැම්මේ... ඩොක්ටර් කරුණාකරල මේක අයින් කරන්න මේක රජයේ ආයතනයක්...මං ඒක දන්නව...මම OIC තුමා මගේ ඔෆිස් කාමරයට කැඳවා ගත්තෙමි...මේක ගලවන්න මං...මගේ සේවකයො දෙන්නෙ නෑ...ඔයා PC කෙනෙක්ට කියල ගලවන්න...ඔයාගෙ පොලීසිය ඇතුලෙත් JVP කාරයෝ ඉන්න පුළුවන්...ඒනිසා මං මතුගම ASP හම්බ වෙලා පැමිණිල්ලක් අද දානවා... සිංහ කොඩිය ඉන්වෙන්ටරියේ තියෙන රජයේ දේපලක්... OIC තුමා කොහෙන්දෝ ගෙනා ඉණිමගක් තබා...PC කෙනෙක්ලවා කලුකොඩිය ගලවාගෙන...ජීප්එකේ සැරදමමින් යන්නට ගියේය....

    [FONT=&quot]මතු සම්බන්ධයි
    Copied...

    [/FONT]​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කලින් මීහරක් බලමින් සිටි...ගමේ අඩුකුලේ කොල්ලෝ...තුවක්කු වලින් සන්නද්ධව...පැහැරගත් මෝටර්සයිකල් වල නැගී මහදවල් වැඩ පෙන්නන්නට වූහ...

    මේකටනම් දොස්තර මහත්තයට සැහෙන රිදිලා පාටයි :P:P
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    apppa...me 89 scene ekak neda? den awuru keeyakda?27??? mama hithuwa api den inne 2016 kiyala.
    anyway bump
    අතීත කාමය කියන්නේ ඕකට මචන් :P:P
    මම ජේ වී පී කාරයෙක් නෙවෙයි, කවුරු මොන වැරැද්ද කලත් ඒ වැරදි තේරුම් අරගෙන වැරදි හදාගෙන වැරදි වලට සමාව අරගෙන අවුරුදු ගානක් සාමකාමිව ජිවත් වෙනවනම් එකයි එකම වැරැද්ද ලග ලග කරන එකට වඩා උන් හොදයි...
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕවා පරණ කතා කියල කවුරු හරි අතීත හෑල්ලූවට ලක් කරනවා නම් ඒ තරම් මෝඩකමක් තවත් නැත.... මන්ද යත් ඉතිහාසය නැවත නැවත සිදුවෙමින් පවතී.... වෙනසකට තිබෙන්නේ ඉතිහාසය වර්තමානය ලෙස පැමිණෙන්නේ වෙනත් මුහුණුවරක් ගනිමිනි.... ඔබ අතීතය ගැන දැනුවත් නම් වෙනස් මුහුණුවරකින් පැමිණිය හැකි අතීතය වහා හඳුනාගත හැකිය... එය කෝකටත් ඇගට ගුණය..... දිගටම ලියන්න......

    pathfinder_5.png

    • Like
    Reactions: Dennied

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Kawuruth atheethaya heellu karala nam ne, eeth ithin hema daama atheethaye jeewath wenawada nedda kiyana eka oya theeranaya karanna. JVP minee meruwa, UNP ekath minee meruwa ee wagema 71 Sirimawoth minee meruwa.

    oyata penawada ee wage thathwayak aapahu enawa kiyala? JVP eka 94 chande illala parliment ekata aawa.
    oyata penawada JVP eka aapahu 89 wage wenna yanawa kiyala.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Kawuruth atheethaya heellu karala nam ne, eeth ithin hema daama atheethaye jeewath wenawada nedda kiyana eka oya theeranaya karanna. JVP minee meruwa, UNP ekath minee meruwa ee wagema 71 Sirimawoth minee meruwa.

    oyata penawada ee wage thathwayak aapahu enawa kiyala? JVP eka 94 chande illala parliment ekata aawa.
    oyata penawada JVP eka aapahu 89 wage wenna yanawa kiyala.

    මම කියපු දේ උඹ තේරුම් අරගෙන නෑ මචං.... මම මෙතනදී ජේවිපිය මිනීමරුවන්, කාළකණ්ණීන් කියන්න උත්සහා කරල නෑ.... එදා ජේවිපිය වටා තරුණයන් ඒකරාශි වුණේ යම් සමාජ අසාධාරණයක් සිද්ද වුණු නිසයි.... එදා සිදුවෙච්චි ඒ අසාධාරණයට ඒ තාක්කල් රට පාලනය කරපු එවුන් වග කියන්න ඕන... ඒ වගේම ජේවිපිය ඒ සමාජ අසාධාරණත්වය පරයා නැගී හිටින්න ගත්ත කි‍්‍රයාමාර්ගවල ද ඕන තරම් දුර්වලතා තියෙනවා.... ඒ කාලේ සකී‍්‍රය සන්නද්ධ ජේවිපි සාමාජිකයින් පවා අද පොත් ගණන් ලියලා ඒ අඩුපාඩුව පෙන්වලා දෙනවා.... ඒ කියන්නේ හෙටත් යම් කොටසකට ඒ වගේම සමාජ අසාධාරණයක් හේතුවෙන් නැගී සිටින්න සිද්දවෙයි.... ඒක කවද මොන විදියටද කියන්න අපි දන්නේ නෑ.... හැබැයි අපි අතීතය හොඳින් අවබෝධ කරගෙන තියෙනවා නම් අරගල කරන්නේ කොහොමද, අරගල නොවන තැනට වැඩ කරන්නේ කොහොමද කියන අයිඩියා එක එනවා.... ඒ නිසයි මම කිව්වේ අපි අතීතයේ එල්ලී සිටිය යුතු නෑ... හැබැයි අතීතය ගැන කතා කළ යුතුයි... ඒකේ අස්සක් මුල්ලක් නෑරම සොයන්න බලන්න ඕන... ඒකයි මම මේ නූලට රෙප් දීල අදහසක් පළ කලේ....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    මා බදුරලිය රෝහලේ පළමු ලියාපදිංචි වෛද්‍යවරයා වූයෙමි. 1987දී මා එහි සේවයට පැමිණෙන විට එහි තිබුනේ කුඩා ඩිස්පැන්සරියක් පමණකි. කුඩා වාට්ටුවක් අලුතින් තනා තිබුනද...නිලනිවාසයක්, ඇම්බියුලන්ස්එකක් හෝ මෝචරියක් නොතිබුන බැවින්...වාට්ටුව නේවාසික රෝගීන් සඳහා විවෘත කිරීම මට කලින් සිටි වෛද්‍යවරු අකමැතිවූහ.

    anti-jr-graffiti-dec-88.jpg

    [/COLOR][/SIZE][/FONT]

    [FONT=&quot]මතු සම්බන්ධයි
    Copied...

    [/FONT]​

    ඉතුරු ටික දාන්නේ මමද? රේප් දුන්න , දැන් දාපන්....මගුල :angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Patriotic boys

    JVP 80 ganan wala karapu dewal anumatha karanna baha :no:
    eth e kale 13 awith UNP anduwa pissu keliddi munta bahinne...
    JVP ekata ona une yuddaya 80 ganan wala idan..

    balaya bedanna wiruddai, balaya bedala samaya wenuwen satan karapu Vijaya Kumarathunga wage minissu maruwe ekai :(

    sama sakachcha walata wirudda nisa tamai 2005 mahindawa genawe, 2006 budget pass kara kara yuddayata suppoirt kale

    JVP kiyanne ratata ona pakshayak... ungen ambanata weradi wela tiyanawa
    eth rata hari thanakata genna puluwan pakshayak
    2004 SLFP + JVP anduwak ayeth hadunoth hodai
    onawata wada SLFP ekatawath kohetatwath power eka tiyenna hoda na
     
    Last edited:

    Gayan lakmal senaka

    Junior member
  • Aug 16, 2016
    101
    17
    18
    awrudu 25ka atheetha katha denata wedak ne, api okkoma ita psee ipaduna ayane, eaka hinda atheetha jvp katha unp katha slfp katha apita wedak ne, one warthamanye me paksha weda karana heti witharai,
     
    • Like
    Reactions: Jack_Sparrow

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lol.. mama 2nd eka udin pallen kiyewwa, eeke thiyanawa RPG kathawak. Pudume kiyanne, lankawe issellama RPG use karanna patan gaththe LTTE ewun. Un gawa thibila palaweni RPG eka hoya gaththe Navy eke hitapu mage bappa kenek. Hebey mata mathaka hetiyata eeka une 89n passe,
    Balanakota JVP ewuntath ee dawas wala RPG thibila neda?
     
    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43

    :)