JVP නෑවද?

Thoththa_Baba

Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    ලංකාවේ විදුලි බිල අඩු කරන්න project, අපනයන කර්මාන්ත, කෘෂිකර්මය වගේ රටක් වශයෙන් අපි ණය බරින් මිදිලා විදේශ ආයෝජන වැඩි කරන්න අවශ්‍ය දේවල් තම අපි දැන් කරන්න ඕන..

    menna me kathava nam 200% aettha

    oya LRT project eka yana viyadama ekka baluvama kisima vedak nathi ekak..

    me velave karannama ona electrify adu karana project ekak.. mokada company tika akulan yanna hadanne cost vedi nisa

    api hemadama baluve apita ona de nevi anunge pita ope
     
    • Like
    Reactions: Stimulus mind

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මෙන්න විජේවීර කියන මිනීමරු පිස්සගේ අදහස් පිස්සගේ කටින්ම :lol: මේ වගේ ගං කබරෙයෙක් ලෝකේ කොහෙවත් හිටියේ නැහැ



    මේ ඉන්නේ හුත්තෝ ගන්කබරයා.. මිලියන ගානක් ණය වෙලා කරපු එයාර්පෝට් වල වී ගබඩා කළා.. දැන් රට හදන ටෝක්ස් දෙනවා.. ලොල් :rofl: :rofl:


    rwk6ng.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    වර්තමානයෙ වැරදි වෙනව කියන එකට විසඳුම අනාගත ව්‍යාපෘති කඩාකප්පල් කරන එකනම් නෙමෙයි.

    ඔය කාලේ ඉදලා ජවිපෙ ට තමයි ඡන්දය දෙන්නේ (අඩුම හානිය වෙන තෝරාගැනීම කියලා හිතන හින්දා)... ඒත් රටේ බලය ගන්න බැරි වෙන්න හේතුව තමයි බහුතරයකගේ විශ්වාසය දදිනාගන්න බැරි එක... ඒකට ඉතින් දැනට කරන විදිය සාර්තක වෙනකම් ඉන්නවාද නැත්නම් පක්ශයක් විදියට කරන්න පුලුවන් වෙනස්කම් කරල පාලන බලය ගන්නවාද කියල තීරණය කරන්න ඕන... සරලවම LRT එකට ජවිපෙ විරුද්ධ නැද්ද කියලා කියන්න ඕන නේද මේ වෙලාවේ(මම හිතෙනවා විරුද්ධ නෑ කියලා)... වසන්ත කිව්වෙ මට හිතන විදිහට මෝඩ කතාවක්... එකක් තාක්ශනිකව ඕක කරන්න ඕන දෙයක්... ඉතිං ඒක සුද්ද කරන්න හදනවා කියන්නේ හිතල බලලා වැඩ කරන මිනිසුන්ට උනත් ජවිපෙ ගැන සැකයක් ඇති වෙනවා...
    වසන්තගේ කතා සුද්ද කරන්න ඕනේ නැහැ ඔහු ගැබුරු අද්යනයකින් තොරවයි e දේ කිව්වේ

    ව්‍යාපෘතියක් විශේෂයෙන් මේ වෙලාවේ කරනකොට අඩුම පොලියට උනත් නයක් නිසා හොදට හොයලා බලලා කරන්න ඕන

    මහා බැංකුව කපු ඒක මේ කතාවට සමාන කිරීම රටේ දැන් වෙන අඩුපාඩු e කතාවෙන් වහන්න උත්සහ ගැනීමයි වැරදියි කිව්වේ
     
    • Like
    Reactions: ttj

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    රනිල් එක්ක නාමලුයි , බැසිලුයි , සනත් නිශාන්ත යි , ජෝන්ස්ටනුයි හිටියට කමක් නැද්ද ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,832
    113
    jvp ඒක සර්ව සම්පුර්ණ නැතුව ඇති නමුත් ඇයි අපි දන දැනත් පෙර වැරදි තියෙන උන්ටම දෙන්නේ

    වෙනසක් කරන්න ඕනේ වෙනස් වෙනවද බලන්න

    එහෙම නැතුව හෝද හෝද මඩේ දමලා වැඩක් තියෙනවද

    උන් හොද නැති උනොත් වෙන පෙර වැරදි නැති එකෙක් බලන එකයි හොදම විදිය


    jvp ඒක බිමේ පක්ෂයක් ඒක අවබෝද වෙන කෙනෙක්ට අවබෝද වේවි

    ZOUBnc6DYALMH9kPOe9H8f6WP6T56mrALHyhISy5xsJnhj9Lr47pq5hdHuwqpqlQLT6vc6nflwbvEQ=s980-nd-v1


    චායාරූපය බලන් ගමන් ඔහුගෙ කතාව කියවන්න අත්තනෝමතික ඒකාධිපති පාලනයක් සදහා ශ්‍රි ලංකාව නැමැති රට සම්පූර්ණයෙන්ම වෙනස් කල ජේ ආර් ජයවර්ධන පාලනය විසින් මෙරට දේශපාලනය උඩු යටිකුරු කල 1983/07/31 දින අසත්‍ය චෝදනා නගමින් කල තහනමින් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදරයා විසින් 1983 වසරේ ඔක්තෝබර් 08 දින ජනාධිපතිවරයාට යැවූ ලිපිය කෙටියෙන් මෙසේ ඉදිරිපත් කරමි. රෝහණ විජේවීර ශ්‍රී ලංකාව 1983/10/08 ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ගරු ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරය කොලඹ 01 හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිතුමා විසින් ලංකාවේ ප්‍රමුඛතම වාමාංශික පක්ෂය තහනම් කිරීම 02 ) ජවිපෙ සාමාජිකයන් සහ සහය දෙන්නන් අත්තඩංගුවට ගැනීම 03) ජවිපෙ සභාපති රෝහණ විජේවීර ,දේශපාලන මණ්ඩල සභික උපතිස්ස ගමනායක සහ ක්‍රියාකාරීකයෙකුවූ සෝමවංශ අමරසිංහ අත්තඩංගුවට ගැනීමට නියෝග කිරීම 04) ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන්ට ජවිපෙ සභාපතිවරයා ම රා දැමීමට නියෝග කිරීම. 05) ජවිපෙට එරෙහිව අසත්‍ය චෝදනා සහ අවලාද ඉදිරිපත් කිරීම. ගරු ජනාධිපතිතුමනි. ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකි. එය විද්‍යාත්මක සමාජවාදය පදනම් කරගත් විප්ලවීය දේශපාලන පක්ෂයකි. මෙරටේ බහුතර ජනතාවගේ ප්‍රාර්ථනාවන්ට එරෙහිව ගමන් කිරීමට ජවිපෙ බලාපොරොත්තු නොවෙයි. බහුතර ජනතාව ජවිපෙ සමාජවාදී වැඩපිලිවෙල අනුමත කරනතුරු එය විපක්ෂයේ දේශපාලනය කරනු ඇත. එය රහසිගතව කටයුතු කරන සංවිධානයක් නොවේ. ජවිපෙ හිංසාකාරී හෝ කලහකාරී පක්ෂයක්ද නොවේ. පසුගිය හයවසර මුළුල්ලේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යටතේ පැවති මැතිවරණවලට බොහෝ විට අප සහභාගි විය. 1981දී පැවති සංවර්ධන සභා ඡන්දයේදී දිස්ත්‍රික්කය හයකට තරග කොට ආසන 15ක් දිනා ගත්තේය. ඒ සමගම එහි මධ්‍යම කාරක සභාව විසින් ප්‍රජාතාන්ත්‍රීය ලෙසට මැතිවරණවලට ඉදිරිපත්වන බව ප්‍රකාශ කොට ඇත. ජවිපෙ කිසිම ආකාරයකින් ජූලි කලබලවලට සම්බන්ධ නැත. ජවිපෙ කිසිම දිනක වෙනම රාජ්‍යයක් ඉල්ලා නැත. නමුත් හදිසි නීති රෙගුලාසි යටතේ ආණ්ඩුව ජවිපෙ නායකයන් සිරගත කිරීමටත් දඩයම් කිරීමටත් තැත් කරයි. ජවිපෙ සභාපතිවන මා හොර රහසේ ඝා ත නය කිරීමට නියෝග කොට ඇත. අහිංසක මිනිසුන් සිරභාරයට ගෙන ඔවුන්ගේ ජීවිත අවුල් බවට පත් කර ඇත. අපරාධ කලවුන් ආණ්ඩුවෙන් තහනම් කර නැත. ඔවුන් සාකච්ඡා සදහා වටමේසවලට කැදවයි. රජයේ නිලධාරීහු ඔවුන් හමුවී සාකච්ඡා කිරීමට ගුවනින් යයි. රටක් ආණ්ඩු කරන්නේ මෙලෙසදැයි දැනගැනීමට කැමැත්තෙමි. ජවිපෙ සාමාජිකයන් සහ එහි නායකයින් සිරගත කිරීමට නියම කිරීම රටේ සාධාරණත්වයට විරුද්ද දේය.. ඒ සමගම ජවිපෙට එල්ල කර ඇති පහත සදහන් චෝදනා මම ප්‍රතික්ෂේප කරමි. 01) ජූලි මාසයේ හටගත් කලබලවලට ජවිපෙ සම්බන්ද බව 02) ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ආයුධ සන්නද්ධ වන බව 03) ජවිපෙ ආණ්ඩුව පෙරලීමට තැත් කරන බව 04) ජවිපෙ රට බෙදීමට උත්සාහා ගන්නා බව. 05) 1982 ජනාධිපතිවරණයෙන් පසු ජවිපෙ තම ප්‍රතිපත්ති වෙනස් කලා යැයි කීම. මේ සියල්ල නිෂ්ඵල අවලාදයන්‍ ය. මුහුකුරා ගිය පලපුරුදු දේශපාලකයින් නිලධාරීන් විසින් මුලාවට හා මෝඩයින් බවට පත් කිරීමට ඉඩ නොදිය යුතු අතර එසේ කලහොත් ඉන් ජාතියටම අත්විය හැකි අනිසි ප්‍රථිපල උග්‍ර විය හැක. මේ මගින් ඉදිරියට සිදුවන හානිය අතිවිශාලය. මේ හානිය වලක්වා ගැනීමට නම් ජවිපෙ තහනම ඉවත් කරන්න. මා සහ ජවිපෙ නායකයින් සිරගත කිරීමට හෝ ම රා දැමීමට දී ඇති නියෝග ඉවත් කරන්න. ජාතික සමගියට සහ එකමුතුකමට ඇති එකම මග මෙයයි. සංවර්ධනයට සහ ප්‍රගතියට ඇති එකම මග මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදයට සහ සාධාරණත්වයට ඇති එකම මග එයයි. ස්තුතියි මීට රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණ. ( ලාංකීය සමාජය තුල පැලකර ඇති බොරු මතවාද කීපයක් බැහැර කිරීම සදහා මෙම ලිපිය කෙටියෙන් පල කල අතර...ජවිපෙ විසින් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව වෙනත් මාවතක් තෝරාගත්තේ කාගේ වැරැද්ද නිසාදැයි ඔබ තේරුම් ගන්න. රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් මිනිස් අයිතිවාසිකම් නැතිකල පාලකයන් මැති උතුමන් වී සාධාරණ මිනිසුන් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගැසීම නවතා දැමිය යුතුය. ) ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් පාගා දමන මස් වැද්දන් පාලකයන් වූ විට සාධාරණ මිනිසුන්ට අවසාන විසදුම වෙතට යොමුවීමට බලකෙරෙනු ඇත. ( ඡායාරූපය ලංකාවේ දැවැන්තම සංවිධාන ශක්තිය සහිත වූ වාමාංශික ව්‍යාපාරය නිර්මාණය කල රෝහණ විජේවීර සහෝදරයා අසනීප වී රෝහල් ගත කල අවස්ථාවක ගත් එකකි.....නමුත් එය කොට බිත්ති සහ කොලපාට තීන්ත තිබූ ආණ්ඩුවේ ඉස්පිරිතාලයක් මිස මවුන්ට් එලිසෙබෙත් නොවේ....මවුන්ට් එලිසෙබෙත් නොයන පන්තියක ඉපිද දේශපාලනය කිරීම රෝහණ විජේවීර කල ලොකුම වරද ලෙස ලංකාවේ රාජ්‍යය නායකයන් දැක්කේය...) Writer - pansilu D Public - ඝාතකයා
    ඔබතුමාට මං කියන දේ වැටහිලා නැතුව වගේ. "දැන් රට කරවන ජඩ කල්ලියටම ආයෙ බලේ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ වගේ" කතාවක් නෙවේ මං කියන්නෙ. පිකටින්, උද්ඝෝෂණ කරනවට වඩා වෙනස් විදිහක දැක්මකින් දූෂණේට, වංචාවට එරෙහිව හඩ නගන්න රටේ වෙනසක් ඇති කරන්න ඕන කියන මතේ මිනිස්සුන්ගෙ ඔළුවලට කාවද්දන පුළුවන් සාර්ථක වැඩපිළිවෙළක් ජවිපෙට තියෙනවා කියලා මට නම් තාම පේන්නෙ නෑ. එහෙම වෙලානම් දැන් රටේ මුල් පුටුවල ඉන්න කල්ලිය මෙච්චර විනාශයක් රටට කරලත් ඒ කිසිදෙයක් නොවුණු ගාණට, ඒ දේවල් කරපු උන් ගැන් වගේ වගක් නැතුව රටේ ඉන්න බහුතරයක් වුණ මිනිස්සු සුපුරුදු ජීවන රටාවට පුරුදු වුණේ විකල්ප දේශපාලන බලවේගවලට ඒ අදහස මිනිස්සුන්ගෙ හිතේ ඇතිකරන්න අසමත් වුණු නිසා නෙවේ ද? තමන් දරණ දේශපාලන මතවාදයක වුණත් තියෙන අඩුපාඩු දකින්න ඕන කියලා මං කියන්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,005
    73,976
    113
    q5DOMP2LA5x_ZvmWleZrT_SajnOgOWIdXIiO_iIzMx2AUCifXOxihMbnGzNI0uWgU0v8CN2cssL_xA=s640-c-fcrop64=1,00000000ffffffff-nd-v1


    අනුර කුමාර දිසානායක ඕස්ට්‍රේලියාවෙදි ඇම්බියුලන්ස් ගැන කියපු කථවකුයි, වසන්ත සමරසිංහ ලයිට් රේල්වේ ගැන කියපු කථාවකුයි අල්ලන් ඒවා රටේ ප්‍රධානම ප්‍රශ්න වගෙ මතු කරගෙන මේ දිනවල දිගින් දිගටම හෑලි ලියන පෝස්ට් ශෙයා කරන මහත්තුරුන්ගෙ එකවුන්ට් සහ පේජ් වලට ගිහින් පහුගිය කාලය පුරාවටන ඒගොල්ලො පල කරපු පොස්ට් මොනවද කියලා මම අද දිනයේ අධ්‍යනයක් කරලා බැලුව හැබයි කොච්චර පහලට ගියත් මාලිමාවයි අනුරවයි අල්ලන් පහරදීපු පෝස්ට් ඇරෙන්නෙ මේ වත්මන් ජනතා ද්‍රෝහි පාලනය වචනයකින්වත් විවේචනය කරපු එකම පෝස්ට් එකක්වත් ඒගොල්ලො අතින් ෂෙයා වෙලාම නෑ හරිම පුදුමයි.. ජනතාව කන සීනී ඇටයේ ඉඳන් පෝර ටිකෙන් ගෑස් සිලින්ඩරෙන් තෙල් ටිකෙන් බේත් ටිකෙන් පවා කොටි ප්‍රකෝටි ගනන් හොර කපුව කුසිම දෙයක් ඒ අනුරගෙ ඇම්බියුලන්ස් එක ගැනයි වසන්ත ගෙ ලයිට් රේල්වෙ එක ගැනයි වගේ ඒ එක්කෙනටවත් දැනිල නෑ.. බාල බෙහෙත් වලින් රටෙ අහිංසක රෝගි මැරෙනවා රටේ ලම පරපුර පෝෂ්‍යදායී ආහාර නැතුව මන්ද පොෂණයට ගොඳුරු වෙනවා රටපුරාම රෝහල් ගනනාවකම වෛද්‍ය පරීක්ෂා කරන අත්‍යවශ්‍ය යන්ත්‍ර ගනනාවක් අක්‍රිය වෙලා ඒත් ඒ අය ඒ එකජ් හැනවත් වචනයක්වත් කියලා නෑ. දූෂිත පාලකයගෙ පව් වහන්න රටේ වැඩකරන ජනතවගේ සේවක අර්ථ සාධක අරමුදල අමු අමුවේ කොල්ල කන්න යද්දි රටෙ අත්‍යවශ්‍යම වෘත්තීයවේදීන් රට අත් ඇරලා යද්දි විදේශ විනිනය රටට උපයපු ඇඟලුම් කම්හල් වැහෙද්දි ආන්ඩු පක්ෂයේ දේශපාලන මැරයන්ගෙ හෙංචයියන් විසින් විදෙස් ඇඟලුම් කම්හල් හිමියකුගෙ බෙලි කපල රටින් එලවද්දිවත් ඒ එක්කෙනෙක්වත්ත් වචනයත්ත් ලියලා නෑ ෆර්ල් එක්ස්ප්‍රස් නවුකාවෙන් රටට ලැබෙන්න තියෙන ඩොලර් බිලියක 6 ක වන්දිය නතර කරන්න ආණ්ඩුවෙ ප්‍රබලයෙක් ඩොලර් මිලියන 250 ක අල්ලස්ක් ගත්තා කියලා රටේ අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කරද්ද්දීවත් ඒ අය ඒක ගැනවත්.කවදාවත් වචකයක්වත් එ අය ලියලා නෑ රටෙ ව්‍යවස්ථනූකූල ලෙස පැවත්විය යුතු පලාත් පාලන මැතිවරනය නොපවත්වා අන්තම අශිශ්ට ආකාරයෙන් කල් දාමද්දී රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක වචනය්ක් ඔය ජවිපෙ අය කියපුව අල්ලන් දවස පුරාම ස්වාමියා මැරුනු වැන්දඹු ලඳක් වගේව් විලාප දෙන කිසින කෙනෙක් එක වචනයජ්වත් ලියලා නෑ. අනුරගෙ ඇම්බියුලන්ස් කථාවයි වසන්තගෙ ලයිට් රේලේවේ කථාවයි මාරාන්තික වරදක් බවට හටවන් ෆේස්බුක් එක පුරම ලතෝනි දෙන දංකුඩ බණ්ඩලාගෙ ඇත්තම අරමුන ය් පන්ඩිත නඩයම ඇවිල්ලා මේ රටෙ බහුතරයක් ජනතාව ඉතිහාසයේ ප්‍ර්ථම වතාවට ප්‍රධාන දූෂිත කඳවුරු හෙකම එකවර පරාජෞඅට පත් කරලා රටට නව දේශපාලන වෙනසක් ගෙන්න රොද බැඳගනිද්දී එ වෙනස වලක්වලා තවදුරටත් රනිල් වික්‍රමසිංලගෙ රාජපක්ෂලගෙ ප්‍රේමදාසලගෙ දූෂිත දෙශපාලනයට ඔජ්සිජන් ටිකක් දීල රටේ බහුතරයක් ජනතාව මේ අපායෙන් ගොඩ එන්න හදන ප්‍රබල උත්සහාය අඩපන කරලා රටේ ජනතාව තවදුරටත් මේ දූෂිත දේශපාලනටයෙ ගොඳුරු බවට පත් කරලා මෙ අපාය තුලම රඳවල තියන්න උපරිමයෙන්ම පෙනී ඉන්න පිල්ලි ටිකක් පමනක් බව ඉතාම පැහැදිලවම පෙනී යනු ඇත. Writer -Indunil ✍️ Publish - ඝාතකයා

    Natte indan goo naagena haali liyanna ona ne ban. meken umbalata hitanna tiyenne pathi dekai.

    1. Lapayai Wassai labbak danne nathi pacha widina un dennekda?
    2. Nathan un awilla attention divert karala Ranilta uge gema wahagannahelp ekak denawada.
    Kauruth munta gon katha kiyanna bala kaley nane. Itin oya uda deken ekak tama hethuwa.

    Eth umbalage ego ekey hatiyata aniwa dannawa okatath yanne koheda malle pol jathiye katha tikak umbla kiyai kiyala :yes: :yes: :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,200
    36,228
    113
    කෑගල්ල
    ඉතින් බන් ජේවිපි උන්ගේ චන්ද ටික කොහොමත් උන්ට තියනවා. ඊට අමතරව ගෝටට පුක දීලා අනාත උන බයි ජේප්පෝ ටික පාවිච්චි කරන්නම වෙනවා උන්ට ගොඩ යන්න. මුන් දැන්මේ ආමන්ත්‍රනය කරන්නේ උන් ටිකට. පේනවනේ උන්ගේ IQ එක :lol: :lol: ඔය බයි ජෙප්පොන් චුන් කරන්න ගිහිල්ලා ජෙප්පොන්ට උන් හිටි තැනුත් නැති වෙනවා ඔන්න බලපන්. මේක මම උන් කෙලවගන්න පටන්ගන්න වෙලේ ඉදලම කියන්නේ. චන්දේකින් පැරදුනාට පස්සේ කියවලා වැඩක් නැ. කරන්න ඔනේ දෙවල් හරියට නොකර. අන්තිමට රට වෙන දේකුත් නැ. උන් කරගන්නෙත් නැ. අයෙත් හොරුම එනවා.
     
    • Like
    Reactions: Stimulus mind

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔබතුමාට මං කියන දේ වැටහිලා නැතුව වගේ. "දැන් රට කරවන ජඩ කල්ලියටම ආයෙ බලේ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ වගේ" කතාවක් නෙවේ මං කියන්නෙ. පිකටින්, උද්ඝෝෂණ කරනවට වඩා වෙනස් විදිහක දැක්මකින් දූෂණේට, වංචාවට එරෙහිව හඩ නගන්න රටේ වෙනසක් ඇති කරන්න ඕන කියන මතේ මිනිස්සුන්ගෙ ඔළුවලට කාවද්දන පුළුවන් සාර්ථක වැඩපිළිවෙළක් ජවිපෙට තියෙනවා කියලා මට නම් තාම පේන්නෙ නෑ. එහෙම වෙලානම් දැන් රටේ මුල් පුටුවල ඉන්න කල්ලිය මෙච්චර විනාශයක් රටට කරලත් ඒ කිසිදෙයක් නොවුණු ගාණට, ඒ දේවල් කරපු උන් ගැන් වගේ වගක් නැතුව රටේ ඉන්න බහුතරයක් වුණ මිනිස්සු සුපුරුදු ජීවන රටාවට පුරුදු වුණේ විකල්ප දේශපාලන බලවේගවලට ඒ අදහස මිනිස්සුන්ගෙ හිතේ ඇතිකරන්න අසමත් වුණු නිසා නෙවේ ද? තමන් දරණ දේශපාලන මතවාදයක වුණත් තියෙන අඩුපාඩු දකින්න ඕන කියලා මං කියන්නෙ.
    1960 හා 70 දශකවල ළමා විය ගෙවා දැමූ අපට කටුක, දුෂ්කර දිවියක් ගෙවීම ප්‍රාතිහාර්‍යක් නොවේ. සලාක පොතට හාල්, සිනී, පමනක් නොව උම්බලකඩ පවා ලැබුනු යුගයක් අපි ආඩපාලි නොකියා ගෙවා දැම්මෙමු. අවුරුද්දකටම ලැබුනේ එකම එක සරමකි. එකම කලිසම් – කමීස ජෝඩුවකි. දැන් යුගය යලිත් එමින් තිබෙන බව දැනෙන්නේ දර නැති බිම් කොටසක කෑම උයා ගැනීම බලවත් ප්‍රශ්ණයක් වෙමින් තිබෙන නිසාය. දැන් ඉතින් ඉතිරි ජීවිත කාලය ළමාවිය මෙන් ගෙවීමට නියම වෙමින් තිබේ. එහෙත් මේ කිසිවක් සම්බන්ධයෙන් පසු තැවීමක් නැත්තේ ජීවීතේ කිසිම දවසක මේ රටේ පවතින පවුල් දේශපාලන පක්ෂයකට එටෙහ්ක් මෙතෙක් ඡන්ද නොදීමේ ‘කන්‍යාභාය’ අප සතු නිසාය.

    අපට, රටේ පැවති හා පවතින් සේනානායක, කොතලාවල, බණ්ඩාරණායක බල කළු හවුලට [දැන් එයට රාජපක්ෂ පවුලද එකතු වී ඇත.] දිවි හිමියෙන් විරුදධව සිටි එකම දේශපාලන සත්වයා විජේවීරය. ඔහුට මේ කුණුවූ මජර ක්‍රමය වෙනස් කිරීමට බලවත් වුවමනාවක් තිබුනේ ය. ඒ වෙනුවෙන් කැප වුනේ ය. අවාසනාවක මේ රටේ මැද පංතිය ඔහු සහ ඔහුගේ දේශපාලනය බාරගත්තේ නැත. අඩුම තරමින් ඉංදියානු හමුදා ලක්ෂ දෙකක් මේ රටේ වාඩිලාගෙන සිටිද්දීවත් ඔහු කියන දේට කන්දුන්නේ නැත. එය විස්තර කිරීමට වඩාත් ගැලපෙන්නේ විජේවීරගේ ම ‘අපායේ ඉන්ටවල්’ කතාවය. ඔහු මේ කතාව රසකර කියා උපහාසයෙන් සිනා සුනේ ය. කතාව කෙටියෙන් මෙසේ ය.

    “ ලංකාවෙන් අපායට ගිය මිනිසෙකුට තමා යායුතු තැන තෝරා ගැනීමට යමරජුගෙන් අවසර ලැබුනේ ය. මේ අනුව ඔහු අපාය ඇතුලේ සංචාරයක ගියේ ය. එක තැනක කටු ඉඹුලේ නැඟීමකි. තවත් තැනක ලෝ දිය වැක්කිරීමකි. තවත් තැනක උල සිටුවමකි. තවත් තැනක කරවටක් අසුචි වලක බැස සිටි මිනිස්සු එක් අතකින් සිගැරට්ටුවක් බොමින් අනෙක් අතේ අරක්කු බෝතලයක් තබාගෙන යාන්තමින් අසුචියෙන් ගැලවී සිගරට් දුම ද අරක්කු උගුර ද මාරුවෙන් මාරුවට කටට ගනිමින් සිටියහ. අපේ අපා ගත ලාංකිකයා තෝරා ගත්තේ අසුචිවලක බෙල්ල ගාවට බැස සිටින්න්ට සිදු වූවත් මේ ‘ආතල්’ ඇති තැනය. ඔහු අසූචි නරාවල තොරාගෙන යම රජුගෙන් අවසර ගෙන එතනැට බැස්ස විගස යම පල්ලෙක් නියෝගයක් දුන්නේ ය. “ දැන් මේ අපායේ ඉන්ටවල්ය අවසානායි. සියලුදෙනා සුපුරුදු ලෙස ඔළුවෙන් සිට ගනු.”

    විජේවීර මේ කතාව කීවේ ඡන්ද කාලයට සැප ගන්නා සර්වජන ඡන්දයා උපහාසයට ලක් කරන්නට ය. ඔහුගේ කතාවට ඌන පූරනයක් වෙන තවත් කතාවක් සමසමාජ නායකයෙකු වූ කාලෝ ෆෝන්සේකා කියන්නට පුරුදු වී සිටියේ ය. එයින් සර්වජන ඡන්දයා කවරෙක්දැයි මැනවින් තහවුරු කරයි. කතෝලිකයෙක් වූ කාලෝ බෞද්ධ කතාවලින් දේශපාලනය කීමට ගජ හපනෙක් ව සිටියේ ය.

    “වහල ගිනි ගන්නා ගෙයක් තුල සිටි මිනිසුන් සමූහයකට ගෙයින් එලියට පනින්නැයි එතැනට පැමිණි දැනුමැ’තියෙක් කිවේ ය. එවිට ගෙයි තුල සිටියෝ ඔහුගෙන් මෙසේ විමසූහ. ‘එලිය කොහොමද ? වහිනවද? පායනව ද? සුලඟ හමනව ද ? කුනාටුවක් ගංවතුරක් ඒවි ද?” ඔවුහු ගිනිගන්නා නිවසටම වැදී මිය ගියා මිස එයින් එළියට නොබැස්සාහ.” මේ කතාවෙන් ද ලංකාවේ සර්වජන ඡන්දයා කවර්ක් දැයි අපුරුවට තේරුම් කරයි.
     
    • Like
    Reactions: Stimulus mind