"COPE" එකක් කියල එකක් තියෙනව කියලා දන්නෙත්,
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල කටයුතු එය හරහා අධීක්ෂණය කරීමට යටත් බව දන්නෙත්,
රටේ ජනතාව ඒ ගැන අවධානය යොමුකලෙත්, මේ අයුරින් හෝ ගමේ ගොඩේ කඩපිලේ පවා ඒ පිළිබඳව සාමාන්‍ය ජනතාව කතාකිරීමට පෙළඹුණෙත්
හදුන්නෙත්ති සභාපති කමට පත්වුණාමයි බං.
ඔය එක එකාලා කුහක කමට මොක කිව්වත්,
ඔය හැම එකාලම දන්නව ජවිපෙට දුන්නොත් කර ගහල බරදාලා,
අවංකව ඒ දේ කරන බව.
ඔය පපුකුහර කුණු කර කර පුරවගෙන ඉන්න පසුගාමී දේශපාලන චින්තනයන්ගෙන් මඳකට බැහැර වෙලා මොහොතක් හිතපල්ලා,
එකම එක අවස්ථාවක් ජවිපෙටත් මේ රට භාරදීලා බලපල්ලා.
වසර පහෙන් ප්‍රාතීහාර්‍යය පාන්නනම් බැරිවෙයි,
ඒත් මේ රටේ දූෂණයට, නාස්තියට වැට බැඳල,
යම් නිශ්චිත සුභ දිශාවකට මේ රට තල්ලු කරාවි.
ඒ ගැනනම් විශ්වාසයෙන් කියන්න පුළුවන්.
හිතල බලපල්ලා,
අපි දන්න කාලෙ ඉදලම දූෂණයයි, නාස්තියයි ගැන කොයිතරම්මනම් කතා කරලා ඇතිද, ඒ පිළිබඳ අහල ඇතිද...
ඉතිම් එහෙම රටක් කොහොම ගොඩයන්නද බං....