ජෙප්පන්ට බිය වීම හා මැර දේශපාළණය.. - Election Violence & JVP Phobia
මහින්ද රාජපක්ෂ පාළනය යටතේ මෙතුවක් කාළයක් පැමිණි "මැතිවරණ රැල්ල" (ඒක මැතිවරණයකට පසු, තවත් මැතිවරණයක්) යටතේ පැවති සෑම මැතිවරණයක්ම, සාමන්‍යකරණය යටතේ ගත් කළ, සාධාරන මැතිවරණයක් ලෙස හැඳින්වීමේ ගැටළුවක් නොවූයේ, ඒවා මැතිවරණ ප්‍රචන්ඩත්වය අවම මට්ටමක පැවති මැතිවරණයන් වීම නිසාමය. "මොනවා කළත්, අන්තීමේදී මිනිස්සු ගිහිල්ලා කතිරේ ගහන්නේ මහින්දටමයි.." යන සංකල්පය, සමාජයට එකතු වන්නේද එම කාරණය හෙතුවෙන්මය. 2010 ජනාධිපතිවරණයේදි මහින්ද මහතාගේ ජයග්‍රහණය "කොම්පුටර් ජිල්මාට්" වලට බැර වන්නේත්, ආන්ඩුවේ මැති ඇමතිවරුන් පවා විදේශ ගත වීමට සියල්ල පිලියෙල කොට පැවැත්වු එම තීරණාත්මක මැතිවරණය පවා, මැතිවරණ ප්‍රචන්ද ක්‍රියා අවම මට්ටමක හෝ කිසි සේත්ම එවන් තත්වයක් නොපැවතීම යන කරුණු කාරනා අනුව බව ඕනෑම කෙනකු හට වැටහී යනවා ඇත.
ජිනීවා මානවා හිමිකම් චෝදනා යටතේ වූව, "මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා" යන කළු පැල්ලම ඉස්මතු නොවන්නේ, සැබවින්ම එවැනි තත්වයක් ඉස්මතු කර පෙන්වීමට අවශ්‍ය සාධක, අවස්ථාවන් හෝ සංසිද්ධීන් නොමැති කමම මිස, වෙන කිසිම හේතුවක් නිසා නොවේ. වත්මන් ආන්ඩුව කළ යුතු වන්නේ, එම යහපත් තත්වය තව දුරටත් වර්ධනය කර ගැනීම හා චෝදනා එල්ලවන කරුණු වලින් මිදී සිට, එවන් තත්වයන් මගහැර කටයුතු කිරීම වුවද, අද සිඳුවන්නේ, තමන් හොඳ නමක් ලබා සිටි, "සැමදා සාධාරණ මැතිවරණ" යන කීර්ති නාමයෙන් නැති කර ගන්නා කනගාටුදායක තත්වයකට ගමන් කිරීමයි. ආන්ඩුවේ පිරිස් මෙය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස සිතන්නේ නම්, කළකිරි සිටිනා ආන්ඩුව කෙරෙහි තවත් ජනතා අප්‍රසාදය කිරීමක් සිඳුවීමක් නොවනා බව ඔවුනට නොතේරීම, ආන්ඩුවේ කරුමයක් මිස ජනතාවගේ කරුමයක් නම් නොවේ.
මෙම ප්‍රචන්ඩ ක්‍රියා වල වග කීම පොලීසිය කෙරෙහි බැර කිරීම, මට්ට ගොන් බූරූ දේශපාළඥයකු කරනවා හැර, සිහි බුද්ධියෙන් කටයුතු කරනා කිසිම දේශපාළඥයකුට කළ හැකි ප්‍රකාෂ නොවේ. එමෙන්ම, මෙම ප්‍රචන්ඩ ක්‍රියා ප්‍රාදේශීය දේශපාළඥයින්ට හා පොදු පෙරමුණු පාක්ෂිකයින් වෙත බැර කිරීමද, ඊටත් එහා ගිය අඥානකමක් මිස වෙන කිසිවක් නොවේ. මේහි වගකීම හිටපු මහ ඇමතිද, ආරක්ෂක ලේඛම්වරයාද, අවසන ජනාධිපති තුමාද අනිවාර්යයෙන් භාර ගත යුතුමය. මන්ද ඔවුන් වගකීව යුතු පුද්ගලයන් පමණක්ම නොව. ප්‍රචන්ඩත්වය පතුරුවාලන පක්ෂයේ සමාජිකයින්ද වන හේතුවෙනි. මෙහිදි කථානයාකතුමාගේ භූමිකාව සිහි කරණුයේ පැරණි ජනකතාවල එන මොනවාදෝ කෑ රිලවාගේ චරිතයටම පමණක්මය. මන්ද ඔහු සමාජය ඉදිරියේ රඟනුයේ සාධු චරිතයක්ම වන නිසාය.
ආන්ඩුව බිය වී තිබෙනුයේ, වෙන කිසිවක් නිසා නොව, ජෙප්පන්ගේ කටවල් වලින් පිටිවන ගිනි පුපුරු වලටමය. අද ආන්ඩුවේ සිටිනා කට හැකර දේශපාළකයන්ට පිළිතුරු දිය හැකි එකම පිරිස, ජෙප්පන් පමණක්මය. සාර්ථක දේශපාළකයකුට තිබිය යුතුම ගුණංගයක් වන මුඛරි කම පිරුණු පිරිසක් ආන්ඩුවෙන් පසුව සිටිනුයේ ජෙප්පන්ට පමණි. ආන්ඩුවේ උන්ගේ මුඛරිකම නන්දෙඩවීමක් වුවද, ජෙප්පන්ගේ මුඛරි කම යොදාගනුයේ නියම ස්ථානයට ඇණය ගැසීමටය. පාර්ලිමේන්තුව තුල වුවද, අද ආන්ඩුවට දරුණුම ප්‍රහාර එල්ල කරන්නේ අනුර කුමාර දිසානායකයන්ය. එහෙත් ඒවා බීරී අලීන්ට වයනා වීනා වාදන පමණක්ම බවට පත්ව ඇත්තේ පාර්ලිමේන්තුවට කිසිම බලයක් නොමැති වීම හා එයින් කිසිඳු හානියක් කළ නොහැකි නිසාවෙන්මය.
එහෙත් ඌව ඡන්දයේදි, සමන්ත විද්‍යාරත්නයන්ගේ හඬ විශාල බලපෑමක් එල්ල කළ හැකි ප්‍රපංචයක් බව ආන්ඩුව මනාව තේරුම් ගෙන ඇත. ඔහු එල්ල කරනා චෝදනාවන් එකක්වත් අසත්‍ය චෝදනා බවට තර්ක නගන කිසිවකු නැත. ආන්ඩු පක්ෂයට මෙන්ම එජාපයටද ඔවුන් එල්ල කරනු ලබනා චෝදනා සියල්ලම සුපිරිසිඳු සත්‍යයන්ම පමණය. ප්‍රාදේශිය පාළකයන් කෙරෙහි ඔවුන් එල්ල කරනු ලබන චෝදනා තුල වෙල්ලස්සේ සිටින්නේ සූර වීර ජනතාවක් නොව, වෙල් අස්සේ සැඟවුනු, මරි මෝඩ ජනතාවක්ය යන සැඟවුනු කතාන්දරයද ඇතුලත්ව ඇත. ඔවුන් වීර ජනතාවක් නොව, සුළු සුළු දේශපාළණ අල්ලස් වලට බිලිවන මට්ට ගොන් ජනතාවක්ය යන පනිවිඩයද ඒ තුල මනාව ඇතුලත් කොට ඇත. ඒ බව උලුප්පා පෙන්වීම සඳහා ඔවුන් විසින් ආරම්බ කරන ලද "ඌව වෙල්ලස්ස ජනතාව හිඟන ජනතාවක්ය.." යන තර්කය, අද ඌව මැතිවරණ වේදිකාවේ, ප්‍රධානම මාතෘකාව බවට පත්වීමට තරම් ඉදිරියට පැමිණ ඇත.
එමෙන්ම, දකුණු හා බස්නාහිර මැතිවරණයන්හීදී ජෙප්පන්ගේ නැගිටීමද, ආන්ඩුව බියට පත් කරන කාරණාවක් බවට පත්ව ඇත. මේ ගිලිහි යන්නේ "වාමාශික දර්ශනයක් සහිත පංච මහා බලවේගයේ" මනාප මිස, ලිබරල්වාධි එජාපයේ මනාප නොවේ. ජෙප්පන්ගේ මනාපයන් රැඳි තිබුනු නිර්ධන හා කම්කරු පන්තිය වෙනුවට, අද මධ්‍යම පාන්තික යොවුන් ජනතාවගේ හා ආන්ඩුව කෙරෙහි කළ කිරීමෙන් පසුව තරුණ ජනගහනයේ මෙන්ම වයසින් පරිනත වූ ජනතාවගේද ආදරය දිනා ගැනීමට ඔවුන් සමත්ව ඇත. එයට විශාළ පිටුවහලක් සයිබර් අවකාෂයද සපයයි. අනෙක් පක්ෂයන්ට වඩා ඔවුන් අන්තර්ජාලය තුල ඉදිරියට පැමිණ සිටී.
කලින් සඳහන් කලාවූ මුඛරි කමද මෙහි ඉදිරියට පැමිණ ඇත. සමන්ත විද්‍යාරත්නයන්ට බියවී ඔහුගේ අභියෝගයන් මගහැර යන්නේ, ඔහු සතු දේශපාළණ දැණීම මෙන්ම ලගන්නා සුළු කථා විලාශය හා මුඛරි බව නිසාමය. කෙසේ හෝ, ඔවුන් මෙම ප්‍රචන්ඩත්වයට ප්‍රතිප්‍රචන්ඩත්වයෙන් පිළිතුරු නොදී සිටීම අප අගය කළ යුතුමය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචන්ඩත්වය වෙත යොමුකොට නැවතත් ඔවුන් නිහඬ කිරීමේ අවශ්‍යතාවයක් පාළක පක්ෂයට මෙන්ම, අනෙකුත් පක්ෂවලටද ඇති බවක් මේ සිඳුවන දේවල් අනුව පැහැදිලිව පෙනෙනා කරුණකි. ඔවුන් දෙසරයක්ම වැටුන වලේ, තව දුරටත් නොවැටෙනු ඇත. එමෙන්ම මෙම ප්‍රචන්ඩ ක්‍රියා වහාම නතර කර දැමීම ආන්ඩුවේ ගෞරවයට හේතු වනවා මිස, ජයග්‍රහණයන්ට නම් කිසි සේත් ඉවහල් වන්නේ නැති බවත් පවසා සිටිය යුතුමය.
එළකිරි කට්ටියගේ දැනගැනීම සඳහා මාතලන්ගෙන් උස්සා දමන ලදී .