JVP Ponnayo

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදහා වූ මධ්‍ය පරිදියේ කමිටු වාර්තාවෙන් ශ‍්‍රී ලංකාව තුල බලය බෙදා හැරීමට යෝජනා කර තිබියදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක ඊට අත්සන් තබා ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වසන්ත බණ්ඩාර මහතා පවසයි.

    88-89 කාලයේදී සාමාජිකයන් 60000ක් දිවි පුදා මෙම බෙදුම්වාදී ව්‍යාපාරයට විරුද්ද වූ දේශපාලන ව්‍යාපාරය ඇදවැටී ඇත්ත තත්වය ගැන ඉතා කණගාටු වන බවද කොළඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු කියා සිටියේය.

    අද පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ප‍්‍රධානියා වී සිටින්නේ ජවිපෙ නායක අනුර දිසානායකගේ පුද්ගලික ලේකම්වරයා බවත් ඔහු එහිදී පැවසීය.

    වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරයන් සමීපව ඇසුර කල පුද්ගලයෙක් මෙන්ම ඔහු සමග ජවිපෙ දීර්ඝ කාලීන දේශපාලනයේද නිරත විය.


     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඡවිපෙ විතරයි දේශපාලනයේ තියෙන ඇත්ත තත්වය මිනිස්සුන්ට කියන්නේ ඔය අතසන් කරලා තියෙන්නේ මොකද්ද නම් මම දන්නේ නෑ .හැබැයි තාම කමිටු වාර්තාව දාලා නෑ නේ පාර්ලිමේන්තුවට එක දැම්මාම අපි බලමු මේකට කවුද අත උස්සන්නේ විරුද්ධ කවුද මොනවද තියෙන කරුණු කියලා.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඡවිපෙ විතරයි දේශපාලනයේ තියෙන ඇත්ත තත්වය මිනිස්සුන්ට කියන්නේ ඔය අතසන් කරලා තියෙන්නේ මොකද්ද නම් මම දන්නේ නෑ .හැබැයි තාම කමිටු වාර්තාව දාලා නෑ නේ පාර්ලිමේන්තුවට එක දැම්මාම අපි බලමු මේකට කවුද අත උස්සන්නේ විරුද්ධ කවුද මොනවද තියෙන කරුණු කියලා.

    balapan;

    බෙදුම්වාදී මළබෙර හඩ ඇසේ.. ස්වාධීන බලතල පළාත්සභාවට.. ව්‍යවස්ථා කමිටු යෝජනා මෙන්න


    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් පිහිටවනු ලැබූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් අනු කමිටු 6 වාර්තා ඊයේ (19) අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

    අදාළ අනුකමිටු වාර්තා මගින් මධ්‍යම රජය සතු ඉඩම්, පොලිස්, පරිපාලන සහ මූල්‍ය බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබා දීමටත්, පළාත් සභා සදහා විධායකයට මැදිහත් වීමේ හැකියාව දුර්වල කිරීම සදහා එමගින්නි ර්දේශ ඉදිරිපත් කර ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පතී වික්‍රමරත්නගේ මෙහෙයවීම යටතේ, ඩී.සිද්ධාර්ථන් සභාපතින්වය දරණ “මධ්‍යම – පර්යන්ත සබදතා පිළිබද අනුකාරක සභාව“ විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත. මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය පාලන ඒකක අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව සතු වගකීමකි.

    පළාත්බද රජයේ ඉඩම් පරිපාලනය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන තීරණ ගැනීමේ බලතල පළාත් සභාවට පැවරීමට නිර්දේශ කර ඇති අතර අන්තර් පළාත් සංවර්ධන ව්‍යාපෘති සදහා තම පළාතේ ඉඩම් නිදහස් කරනවාද යන්න තීරණය කිරීමේ බලතලද පළාත්සභාවට පැවරේ.

    අනු කමිටු වාර්තාව – පිටුව 32

    lnd01-colombotoday.com_.jpg


    මෙරට බහුජාතික බහුවාර්ගිකත්ව රටක් යන්න පදනම් කරගෙන නිර්දේශාවලිය සකස් කර ඇති අතර රටටම අදාලවන පරිදි “ජාතික ප්‍රතිපත්ති“ සකස් කරනවා වෙනුවට ඇතැම් විෂයන් සම්බන්ධයෙන් බහුවාර්ගිකත්වය පදනම් කරගෙන “පළාත් ප්‍රතිපත්ති“ සැකසීමට පළාත්සභාවලට පූර්ණ බලය පැවරීමට නිර්දේශ කර ඇත.

    නව ව්‍යවස්ථාව අනුව විධායක ජනපතිවරයා වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරන පළාත් ආණ්ඩුකාර තනතුරේ බලතල අහෝසි කිරීමටත්, එය නමාමාත්‍රික තනතුරක් බවත් පත් කිරීමටත් නිර්දේශ කෙරේ. ඒ හරහා පළාත් සභා පරිපාලනය සම්බන්ධයෙන් විධායකයට මැදිහත්වීමට ඇති ඉඩකඩ මුළුමනින්ම අහුරා ඇත. තවද ආණ්ඩුකාරවරයා පත්කිරීම පළාත් මහඇමතිවරයාගේ අනුමැතිය පරිදි සිදුකිරීමට නිර්දේශ කර ඇත.

    “නීතිය හා සාමය“ පළාත්සභා විෂයක් විය යුතුයැයි පවසන කමිටු වාර්තාව පළාත්බද පොලිස් කොමිසමක් ස්ථාපිත කිරීමට නිර්දේශ කර ඇති අතර ඒ හරහා පූර්ණ වශයෙන් පොලිස් බලතල පළාත්සභවලට පැවරීමට යෝජනා කරයි.

    අනු කමිටු වාර්තාව – පිටුව 14

    an-01-colombotoday.com_.jpg



    an-02-colombotoday.com_.jpg



    an-03-colombotoday.com_.jpg


    දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරිදි විධායක සහ ව්‍යවස්ථාදායක බලතල මධ්‍යම රජය සහ පළාත්සභා සමග බෙදාහදා ගැනීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් “පළාත්සභා සමගාමී බලතල ලයිස්තුව“ මුළුමනින්ම අහෝසි කිරීමට නිර්දේශ කර ඇත. ඒ හරහා පළාත් පරිපාලනය සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට මැදිහත්වීමේ හැකියාව මුළුමනින්ම අහෝසි වන අතර ඉන්පසු පළාත්සභා මධ්‍යම රජයෙන් වෙන්වූ වෙනම ස්වාධීන බලතල සහිත පාලන ඒකක ලෙස ක්‍රියාත්මක වීම ආරම්භ වනු ඇත.

    පළාත්සභා සහ මධ්‍යම ආණ්ඩුව අතර බලය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් මතුවන ගැටුම් නිරාකරණය සදහා “ව්‍යවස්ථා අධිකරණයක්“ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇති අතර, එහි සංයුතිය ජනවාර්ගික පදනම මත සකස් විය යුත බවටද නිර්දේශ කෙරේ.

    sml01-colombotoday.com_.jpg


    මීට අමතරව මුල්‍ය පරිපාලනය, රාජ්‍ය පරිපාලන සේවය හා ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ පූර්ණ බලතල පළාත්සභා සදහා පැවරීමට නිර්දේශ කරමින් ඒකීය රාජ්‍ය පදනම දෙදරවන ආකාරයේ භයානක නිර්දේශ ගණනාවක් නව ව්‍යවස්ථාව සදහා යෝජනා වී ඇති අතර යම් හෙයකින් මෙම යෝජනා යතාර්ථයක් වුවහොත්, එය ඒකීය ශ්‍රීලංකාව බෙදුම්වාදය දීශාවට තල්ලුවීමේ ආරම්භය වීම නොවැළැක්විය හැකිවනු ඇත.

    ව්‍යවස්ථා අනුකමිටුවේ සම්පූර්ණ වර්තාව මෙතැනින්
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දැන් දෙපැත්තෙම උන් දත කන්නේ මොනවහරි කරලා ජේ වී පී එකට අරින්ඩ.

    paksha valata bedenne nathuwa jathiyak vidiyata hitala balapan ubelage jvp un mekata sign karala tiyenne :angry::angry: