https://www.facebook.com/cjdrox/posts/10153387034793190
අලියද, සීනුවද? (ජොබ්ලස් නිසා ලියැවෙන බ්ලොග් සටහනකි)
-----------------------------------------------------------------------
හොඳට බලන්න අප අවට ස්වාභාවික පරිසරය දිහා.. සමහර කුරුමිණියො ඉන්නවා උන් එහෙම පිටින්ම ගස්වල කොළ වගේ.. කොහොමද එතනට උන්ව තල්ලු කරනු ලැබුවේ? ජීවන සටන විසින්.. උචිතතමයාගේ නැගී සිටීම විසින්.. දුර්වලයා අනුකම්පා විරහිතව කා දමනු ලැබීමෙන්.. වෙන ක්‍රමයකින් නෙමෙයි.. අප අද ස්වාභාවික ලෝකයේ දකින ලස්සනම දේවල් ඒ තැනට පරිණාමය වනු පිණිස මිලියන, බිලියන නොව ට්‍රිලියන ගණන් ජීවීන් අනුකම්පා විරහිතව මරාදමනු ලැබ තිබෙනවා.. මේක තමයි ඇත්ත..
මතකද ඒ කාලේ ගියා "මායා බන්ධන - ස්පෙල් බයින්ඩර්ස්" කතා මාලාව.. මතකද ඒකෙ එක සීරීස් එකක තියෙනව අමරණීයයන්ගේ ලෝකයක්.. ඒ ලෝකේ බබාලා නෑ.. ඉන්නේ වැඩුණු මිනිස්සු.. බබාලා නැතිකමට හදන්නේ රොබෝලා.. ඒ ලෝකය කවදාවත් වෙනස් වෙන්නෙ නෑ... එකතැන හිටවපු ගල් පිළිම වගේ.. ඇයි, මිනිස්සු අතර ජීවන සටනක් නෑ.. අලුතෙන් හිතන්න දෙයක් නෑ.. මිනිස් මොළේට කරන්න වැඩක් නෑ.. තරගය වැඩි වුණු තරමට තමයි මානව පරිකල්පනය සහ ශක්‍යතාව පුළුල් වෙන්නෙ.. සුරැකීමේ සටන කෙතරම් දරුණු ද, ඒ තරමටම මානව ශක්‍යතාව එහි සීමාවන් තල්ලු කරමින් පුළුල් කරනු ලබනවා.. ඒක තමයි හොඳ.. නැත්නම් අපි සමාජයක් ලෙස එකතැන පල්වෙනවා..
නමුත් මේ විදියට සියල්ලන්ම පිස්සුවෙන්, උමතුවෙන් වගේ සර්වයිව් වෙන්න හැල්මේ දුවන ගමන තිරසාර (sustainable) නෑ.. මානව ශක්තිය කියන එක එකිනෙකාගේ බෙලි කපාගෙන, මිනි මරාගෙන හෝ එකිනෙකා පරයා "මං විතරක් ඉතුරු වීමේ" අමානුෂික සටනක් වෙනුවෙන් වියදම් කරන්න වටින්නෙ නෑ.. ජීවත් වෙන්න කනවා මිසක් කන්න ජීවත් වෙන්නෙ නෑ නේ.. කෑම කනවා කියන්නේ එක අතකට තුවාලයකට බෙහෙත් දැමීමක්.. පිටතට නොපෙනෙන තුවාලයකට බෙහෙත් දැමීමක්... "ආර්ථිකයේ අංගුලිමාලකරණය" කියල ඒ කාලේ ලියපු ලිපි පෙළ අදාළ වෙන්නෙ මෙන්න මෙතනට..
මේක කොහොමද දැන් මේ මොහොතේ ලංකාවේ දේශපාලනේට අදාළ වෙන්නෙ?
මම දකින විදියට ලෝකෙ ආර්ථික මොඩලයන් දෝලනය වෙන්නෙ නිශ්චිත, අවිනේශ ලක්ෂ්‍ය දෙකක් අතර.. එකක් තමයි සමාජයේ ඇති-නැති පරතරය උපරිම වන, පැහැදිලි ලෙසම පංතිවලට විභේදනය වූ අවස්ථාව.. මම මේක දකින්නෙ එන්ට්‍රොපිය අවම වන, එනම් ධූරාවලිකරණය උපරිම වන අවස්ථාව ලෙස.. මේ අවස්ථාවෙදී සමාජයේ සෑම මිනිසෙක්ම දන්නවා තමන් අයිති මොන තට්ටුවටද (ස්තරයට ද) කියලා.. ඒ වගේම ස්තර අතර සංක්‍රමණය රඳා පවතින්නෙ මුදල මත පමණයි.. උඩ පෙළැන්තියේ සල්ලි තියෙනකල් උඩ පෙළැන්තියේම තමයි.. පහළ පෙළැන්තියේ එකා අතේ සල්ලි නූපදින නිසා ඌ සදාකාලිකවම පහළ පෙළැන්තියේ තමයි..
දෙවන අචල ලක්ෂ්‍යය තමයි මේ කියපු එකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අන්තය.. එනම් ධූරාවලිකරණය ශුන්‍ය වන, උඩ-පහළ පෙළැන්ති කියා දෙයක් නැති, එබැවින්ම පංති අතර සංක්‍රමණය කියා දෙයක් ද නැති, එන්ට්‍රොපිය උපරිම වන අවස්ථාව..
පළමු එකේදි හැම එකාම යැපෙන්නෙ තමන්ගෙ ශක්තියෙන්.. කවුරුවත් නිකං කිසිදෙයක් නොදෙන, පූර්ණ ලෙස වෙළඳපළකරණය වූ සමාජයක්.. හුස්ම ටික පවා මිලදී ගත යුතු සමාජයක්.. මම මේකට කියන්නෙ "තාත්තගෙ ආණ්ඩුව".. දෙවන එක ඇවිල්ල "අම්මගෙ ආණ්ඩුව".. සියල්ල රජය විසින් නියාමනය කරන, හැම එකාටම අම්ම ළඟට ඇවිල්ල කවල යන සිස්ටම් එකක්..
මෑතක් වෙනකල්, ඒ කියන්නේ 2000 වෙනකල් කවදාවත් එකිනෙක නොකැපෙන මේ ලක්ෂ්‍ය දෙක, එනම්, අර හැල්මේ දුවන "ලිබරල් ධනවාදී" ලක්ෂ්යයත්, එකතැන පල්වෙන "සමාජවාදී" ලක්ෂ්යයත් නිරූපණය වුණේ පිළිවෙලින් එජාපය සහ ජවිපෙ කියන පක්ෂ දෙක විසින්.. (ශ්රීලනිපය මෙතනට අයිති නෑ, ඒක අර දෙකටම නැති නළ දරුවෙක්..)
ප්‍රශ්නේ වෙන්නෙ අම්මගෙ බෙල්ල කපලා හරි ඇඟිලි 1000 සම්පූර්ණ කරගන්න හදන අංගුලිමාල ආර්ථිකයකින් වත්, අතපය හතර කපලා දාල යනකල් හරි බලාගෙන ඉන්න ක්ෂාන්තිවාදී ජාතකයේ වගේ ආර්ථිකයකින්වත් අපට ගොඩයන්න බෑ.. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ දෙකේ මුහුමකට අපට යන්න වෙනවා..
(නොට් ටු බී කන්ටිනියුඩ්)
