නතුරු දායකයි..! දූෂිත රණතුංගලාගේ ගේමක් නිසා රට පුරා කෘතිම පෙට්‍රල් හිඟයක්..! කුමන්ත්‍රණයේ සුළ මුල මෙන්න..!!
(ලංකා ඊ නිව්ස් -2017.නොවැ.03, පෙ.ව.8.30) ප්‍රතික්ෂේප කරන ලද බාල පෙට්‍රල් තොගයක් කෙසේ හෝ රට තුල විකුණාගැනීම සඳහා දූෂිත රණතුංග සොයුරන්ගේ මෙහෙයැවීමෙන් කෘතිම පෙට්‍රල් හිඟයක් මවා ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය
ඉන්දියානු තෙල් සමාගම විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 40,000 ක පෙට්‍රල් තොගයක් සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් සමාගමේ කොලොන්නාව නිමාවේ රසායනාගාර පරීක්ෂණ වලින් සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සපුගස්කන්ද පිරිපහදුවේ රසායනාගාර පරීක්ෂණ වලින් නියමිත ප්‍රමිතියෙන් තොර බාල මට්ටමේ තොගයක් බව අණාවරනය වී තිබේ. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර 17 වෙනිදා මෙම තොගය ලංකාවට ගොඩ බෑමට නියමිතව තිබුනද එය ප්‍රතික්ෂේප විය.
දූෂිත අර්ජුන රණතුංග සොයුරන් විසින් මෙකී බාල පෙට්‍රල් තොගය කෙසේ හෝ කොලොන්නාව සහ මුතුරාජවෙල ටැංකි ගබඩා වලට ගොඩ බෑමට උසස් නිලධාරීන් කණ්ඩායමක් ද සමග නොපසුබට උත්සාහයක යෙදේ.
ඒ සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව පෙට්‍රල් තොග හිඟවීමේ වගකීමෙන් ගැලවෙමින් ඉන්දියානු තෙල් සමාගමෙන් ගෙන්වන ලද බාල පෙට්‍රල් තොගය රට තුලට ගැනීම සඳහා බරපතල කුමන්ත්‍රණයක යෙදෙමින් සිටී. ප්‍රතික්ෂේප කළද අවස්ථාවක් ලැබෙන තෙක් ඔක්තෝම්බර් 17 වෙනිදා සිට තවමත් කොළඹට ආසන්න මුහුදේ නැංගූරම් ලා තිබෙන Torm Astrid නම් නෞකාවේ තිබෙන මෙම බාල පෙට්‍රල් තොගය කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා වලට ගොඩ බෑම සාධාරණීකරණය කිරීමට රණතුංගලා සහ දූෂිතයන් පිරිස කූඨ කුමන්ත්‍රණයක් කළහ.
නොවැම්බර් 02 එනම් ඊයේ දින ලංකාවට පැමිණීමට නියමිතව තිබූ තෙල් සංස්ථාවෙන් ගෙන්වීමට කටයුතු කළ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් Neverska Lady නැවට නියමිත දිනයේ දී තෙල් පැටවීම සිතා මතා ප්‍රමාද කරන ලදී. එබැවින් එම නැව මැද පෙර දිග සිට කොළඹට පැමිණෙන දිනය නොවැම්බර් 10 දක්වා ප්‍රමාද වීම වැළැක්විය නොහැකිය.
මේ තත්ත්වය තුල තෙල් සංස්ථාව සතු පෙට්‍රල් තොග වලින් රටේ අවශ්‍යතාවයන් සඳහා පෙට්‍රල් ලබා දිය හැක්කේ තව දින 4 කට පමණි. එනම් නොවැම්බර් 07 වෙනි දින සිට ලංකාවේ පෙට්‍රල් හිඟයක් සිදුවීම වැළැක්විය නොහැකිය. මේ ආරංචි පැතිර යෑමත් සමග පෙට්‍රල් සංචිත වැඩි කර ගැනීමට යෑම නිසා අද සිටම රට තුල පෙට්‍රල් හිඟයක් ඇති වී තිබේ. කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ හිඟයට මුවා වී බාල පෙට්‍රල් තොගය රට තුල ගබඩා වලට පුරවා ගැනීමයි.
වරායෙන් ගසා කෑ දූෂිත රණතුංග අයියා මලෝ ඩබල ඊටත් වඩා ගසා කෑමේ අවස්ථා ඇති තෙල් අමාත්‍යාංශයට පත් කෙළේ යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ය.
(සේයාරූ -අද රාත්‍රී කොළඹ ඉන්ධන පෝලිම් දක්නට ලැබුණු අයුරු. සේයා ස්තූතිය- තුන්මුල්ලට)
---------------------------

it is isn't it.?