Katunayaka uda hamudawa yatathata

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    Katunayaka yuda hamudawa yatathata

    පොලිසිය ඉවත් කරයි
    කටුනායක ආරක්‌ෂාව යුද හමුදාවට පැවරේ



    ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමින් පසු කටුනායක පොලිසිය එම ස්‌ථානයෙන් ඉවත් කර කටුනායක ප්‍රදේශයේ සියලු ආරක්‌ෂක කටයුතු ඊයේ (01 වැනිදා) සිට යුද හමුදාව වෙත භාර දී ඇත.

    ඒ අනුව යුද හමුදා කණ්‌ඩායමක්‌ කටුනායක පොලිසියේ සිට සිය රාජකාරී කටයුතු ක්‍රියාත්මක කරනු ඇති බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවැසීය.

    කටුනායක පොලිසිය මේ වන විට සීදුව පොලිසිය වෙත අනුයුක්‌ත කර ඇති අතර එහි ස්‌ථානාධිපතිවරයා ඇතුළු සියලු නිලධාරීන් එහි සිට රාජකාරී කරනු ඇත.

    කටුනායක පොලිසිය සියලුම අවි ආයුධ මීගමුව මූලස්‌ථාන පොලිසිය වෙත භාරදී ඇති අතර සියලු ලිපි ලේඛන ඇතුළු අනෙකුත් දේපොළ පොලිස්‌ ස්‌ථානයේම ආරක්‌ෂිතව ගබඩා කර ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පැවැසීය.

    ඒ අනුව කටුනායක ප්‍රදේශයේ ආරක්‌ෂක කටයුතු භාරගෙන ඇති යුද හමුදාව කටුනායක ආයෝජන කලාපය අවට ප්‍රදේශයේ ආරක්‌ෂාව තර කර ඇති බව ද ආරංචි මාර්ග කීය.


    Code:
    http://www.divaina.com/2011/06/02/news06.html
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කොහොමත් ඔතන පොලීසියක් තියන්න ලැබෙන්නෑ. ඒ උනාට පොලිස් පරයන්ට හොඳ පාඩමක් උගන්නන්න ඕන.