Kawda Me Niliya

Lansalaral

Member
Jun 20, 2011
1,213
212
0
Kurunegala
කුඩු ගහන නිළියට දඩ - අවුරුද්දක සිර දඬුවමක් නියමකර වසර 20 කට අත්හිටුවයි


උඩුනුවර වෙලම්බොඩ පොලිසිය මගින් මත්කුඩු සමග අත්අඩංගුවට ගනු ලැබූ ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට සහය නිළියකට ගම්පොළ මහෙස්ත‍්‍රාත් ශ‍්‍රිනිත් විජේසේකර මහතා විසින් රුපියල් දස දහසක දඩයක් හා වසරක සිර දඬුවමක් නියම කොට එය වසර 20 කට අත් හිටුවීය.

මෙම සහය නිළිය සමග ටෙලිනාට්‍ය හා චිත‍්‍රපට පසු තල නිර්මාණකරුවකුද මත් කුඩු සමග අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුටද මහෙස්ත‍්‍රාත්වරයා විසින් රුපියල් දස දහසක දඩයක් නියම කොට ඇත.

උඩුනුවර ගම්හත බඹරදෙනිය ප‍්‍රදේශයේදී පොලිසිය මගින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් දෙදෙනා සමග තවත් කිහිප දෙනකු දර්ශන පසුතල (ලොකේෂන්) සොයා පැමිණි අවස්ථාවේ ඇති වූ සැකයක් මත සිදු කළ පරීක්‍ෂාවේදී දෙදෙනා ළ`ග හෙරොයින් තිබී මෙසේ හසු වී ඇත.

ඉතා ලාබාල වයසේ පසුවන මෙම සහය නිළිය ඇගේ පෙම්වතා නිසා හෙරොයින් භාවිතයට ඇබ්බැහි වූ බව පවසා ඇත. ඇය මාස 6 ක් පුරා මෙසේ හෙරොයින් භාවිතයට තදින් ඇබ්බැහි වී ඇති බවද සඳහන් කොට ඇත.

ලොකේෂන් බැලීමට යන දිනවල මෙම පසුතල නිර්මාණකරුවා කොළඹ සිට හෙරොයින් රැගෙන විත් තමාට ලබා දෙන බවද ඇය පොලිසියට පවසා තිබේ.

වෙලම්බොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ශාන්ත බණ්ඩාර, අපරාධ අංශ ස්ථානාධිපති උ. පො. ප. මංජුල සේනාරත්න, පො. සැරයන් (15256) හෙට්ටිආරච්චි, පොලිස් කොස්තාපල්වරුන් වන (61207) නුවන් (77957) බණ්ඩාර, (77953) ගයාන්, කා. පො. කො. (7288) රුවන්මාලි යන නිලධාරීහු මෙම පරීක්‍ෂ සිදු කළහ.

ගම්පොළ - සුරංග දිල්හාන්