Keto Discussion

@media

Well-known member
  • May 21, 2011
    1,233
    383
    83
    ලංකාවෙ ගොඩක් ජනප්‍රිය නැති උනත් ලෝකෙ වැඩිම ජනප්‍රියතාවයක් තියන ව්‍යායාම නොකර බර අඩු කරගන්න ක්‍රමයක් තමයි Keto Diet කියන්නෙ. ලංකාවෙ Keto කරන අය මේ ත්‍රෙඩ් එකේ එකතු වෙමු කියල ආරාධනා කරනවා..
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම keto ඩයට් පටන් ගත්ත, ගොඩක්ම බර අඩු කරනවට වඩා හෙල්ති ඩයට් එකක් ඕන නිසා. මම හිතන්නේ මේක ලංකාවේ කරනකොට ටිකක් වියදම වැඩි වෙයි, අනිත් ප්‍රශ්නේ තමයි අපේ අම්මල පට්ට රහට උයනකොට මොන keto ද.
    ගොඩක් රටවල තියෙනවා ඩයට් ප්ලෑන් එක කිව්වම උදේට , දවල්ට සහ රෑට උන් කෑම ඩිලිවර් කරන services. එක ලංකාවෙත් තියෙනවනම් සෙට් වෙයන් පට්ට ලේසි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මොකද්ද මේ කෙටෝ (KETO)ඩයට් කියන්නේ?


    අපේ ශරීරයට උවමනා වෙන ශක්තිය නිපදවන්න අවශ්‍ය ප්‍රමාණයට ග්ලූකෝස් ඇඟ ඇතුළේ නැති උණාම, තැන්පත් මේදය දහනය කරලා ශක්තිය ලබාගන්න ශරීරය පෙළඹෙනවා. කෙටෝ ඩයට් ප්ලෑන් එකේදී අවධානය යොමු කරන්නෙ ශරීරයට ලබාගන්න සීනි සහ පිෂ්ඨය අඩංගු ආහාර පාලනය කරල ,ඒ මඟින් ඉන්සියුලින් මට්ටම පාලනය කරන එකම තමයි. මේ ඩයට් ක්‍රමය හුඟක් වෙලාවට බර අඩුකර ගන්නම විතරක් නෙමෙයි දියවැඩියා රෝගීන්ගෙ ශරීරයේ ඉන්සියුලින් මට්ටම පාලනය කරන ක්‍රමයක් විදිහටත් අනුගමනය කරනවා. මේ ක්‍රමයේදී අනුමත කරන්නේ දිනකට

    • මේදය 75%
    • ප්‍රෝටීන 20%
    • කාබෝහයිඩ්‍රේට් 5%
    වගේ ප්‍රමාණ වලින් පෝෂණ කොටස් ඉතාම සුළු ප්‍රමාණයකුත් ලබාගන්න කියලයි.
    අපි දැන් බලමු කෙටෝ ඩයට් එකට අනුව අපිට හදා ගන්න පුලුවන් ආහාරයක්.එකම දේ ඔයා ගන්න ආහාරයේ කැලරි.ප්‍රමාණය මැනලා බලලා ආහාරයට ගන්න එකයි.
    චීස් ඔම්ලට් සමග සැලඩ්
    කැලරි ප්‍රමාණයත් මේ සමඟ සඳහන් කරලා තියනවා.

    • බිත්තර 2 – කැලරි 143
    • චීස් 30g – කැලරි 121
    • බටර් 15g – කැලරි 108
    • ඔලිව් ඔයිල් තේ හැඳි 1- කැලරි 239
    • බ්ලැක් ඔලිව් 10 – කැලරි 44
    • විනාකිරි තේ හැඳි 1/2-කැලරි 3
    • ළූනු ගෙඩි භාගයක් – කැලරි 21
    • කියුකම්බර් ගෙඩි බාගයක් – කැලරි 15
    • කොළ බෙල් පෙපර් භාගයක් – කැලරි 16
    • රතු බෙල් පෙපර් භාගයක් – කැලරි 16
    • කහ බෙල් පෙපර් භාගයක් – කැලරි 16
    • කොල ඇපල් ගෙඩියක් – කැලරි 95
    • සම්පූර්ණ කැලරි – 835
    මේ දක්වපු ආහාරය වගේම කෙටෝ ක්‍රමයට ඔයාටත් ආහාර හදා ගන්න පුලුවන්.
    දැන් මම ඔයාට කියන්න යන්නෙ මෙහෙම ඔයාට ආහාරයට ගන්න පුලුවන් කෙටෝ ආහාර වර්ග කීපයක්
    1.චීස්
    2.ඔලිව් තෙල්
    3.සැමන් මාළු
    4.කොළ එළවළු
    5.අලිගැට පේර
    6.බිත්තර
    7.බෙල්ලන්
    8.කජු
    9.තක්කාලි
    10.හතු
    11.බ්‍රොකලී
    12. ගෝවා
    ඔයාට කන්න සුදුසු නැති කෙටෝ ආහාර වලට අයත් නොවෙන ආහාර වර්ග කීපයක් ගැනත් මම කියන්නම්

    • පාන්
    • පැස්ටා
    • කිරි
    • සීනි
    • සෝඩා වර්ග
    • බත්
    මේ විධියට කෑම පාලනය කරලා බලන්න. කැලරි වැයවීම ගැන සහ.ලබා ගැනීම ගැන නිතරම සැලකිලිමත් වෙන්න.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Mama bara adu karagaththe 16/8 karala. Keto karanna amarui ban. Carbs intake eka 30ta aduwen thiyaganna one neththam keto out yanawa. Law carbs high fat moderate protein karanna kema walata salli yanwa. 74 wage indala 63.45kg ta awa. Target eka 60Kg, hebei godak dawasata cheat una nisa bara aduwennema naa den
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    Mama bara adu karagaththe 16/8 karala. Keto karanna amarui ban. Carbs intake eka 30ta aduwen thiyaganna one neththam keto out yanawa. Law carbs high fat moderate protein karanna kema walata salli yanwa. 74 wage indala 63.45kg ta awa. Target eka 60Kg, hebei godak dawasata cheat una nisa bara aduwennema naa den

    cheat una nisa nemei dan ube intake eka wadi karapan.ube aga dan adjust wela thiyenne ganna intake ekata.eka nisa apahu calory intake eka wadi karala adu karapn
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,654
    19,507
    113
    16/8 මමත් කරල තියනව keto නම් කරල නෑ එක ටිකක් අමාරු නිසා. 16:8 න් සෑහෙන ලොකු result එකක් ගන්න පුලුවන්. හුගක් අයට රෑට කන්න ඕනි අනිවාරෙන්ම පටන්ගත්ත මුල් කාලෙදි මටත් ඔලුව එහෙම කැක්කුම ආව රෑට ඇහැරල වැඩ කරනකොට. ඒට් කට්ට කාගෙන කරල බැලුවම ලොකු result එකක් තියනව. දැන්නම් මේක නැවතිලා තියෙන්නෙ. ඒත් මේ thread එක දැක්කම මට ආස හිතුන ආයිත් පටන්ගන්න. දැන්නම් අඩු කරගන්න ඒ හැටි බරක් නෑ. ඒත් යටගිය පැක් එක ආයිත් මතු කරල ගන්න පුලුවන් මේ system එකෙන්. ඔයාලට zero කියන ඇප් එකෙන් ලේසියෙන්ම මේක track කරන්න පුලුවන් ඒක දාගන්න
     
    • Like
    Reactions: BarakOsama