KGF 2 AKA Overrated Mastapiss

(Spoilers are included) MOM බලල සිද්ද වෙච්ච බලාපොරොත්තු කඩවීමෙන් දුකට පත් වෙලා ඉන්නකොට සිනමාවේදියෝ ගෲප් එකේ සිනමාවේදියෝ දාල තිබ්බ රිවීව් දැකල තමයි මම මේක බලන්න ගත්තෙ,නැත්තම් මම ඔය ඉන්දියන්

ගොඩවල් ඩවුන්ලෝඩ් කරන්නවත් ඩේට නාස්ති කරන්නෙ නෑ

හොඳයි අපි කතාව පැත්තට යමු, පටන් ගන්නකොට මේකනම් අනිත් ඉන්දියන්

වලට වඩානම් හොඳ ඇති කියල පොඩි බලාපොරොත්තුවක් ඇති උනාට කතාවෙ වීරයා,ROCKY බායිගෙ ඇපිරන්ස් එකත් එකත් එක්කම සියලු බලාපොරොත්තු සුන් වෙලා ගියා

ආයෙ ඉතිං සාම්ප්‍රදායික දකුණු ඉන්දියාණු ෆිල්ම් එකක වගේම පටන් ගත්ත තැන ඉඳන්ම ප්‍රදාන චරිතෙ වෙන රොකී බයියව උඩ තියන එක තමයි කරන්නෙ.මේන් කැරැක්ටර් එක මුන් Overrated කරනව විතරක් නෙමෙයි Overpowered කරන එක තමයි අප්පිරියම වැඩේ

පලවෙනි ඇක්ශන් සීන් එකෙන්ම ටයිපිකල් ටැමිල්(ඔව් ඔව් බං මම දන්නව මේක ටැමිල් නෙමෙයි කන්නඩා

)ෆිල්ම් එකෙන්ම ෆිසික්ස් සහ ලොජික්ස් ෆිල්ම් එකෙන් ලෙෆ්ට් වෙනව. ගොඩක් දුරට මේක ඉන්න මැරයො කරන්නෙ තුවක්කුව ඉනේ ගහගෙන කැති පොලු වලින් ගහගන්න එක

ඒකටම හරියන්න අපේ රොකී බායිත් උන්ට දෙවෙනි නොවී කඩු කැති අරන් එන උන්ටත් ගහන්නෙ අතින් පයින්

මෙතනින් එහාට බැට්මෑන් overrated කියන උන්ටනම් රිදෙයි

ඇත්තම කිව්වොත් රොකී බායි කියන්නෙ පීක් හියුමන් කෙනෙක්ටත් එහා ගියපු මියුටන්ට් කෙනෙක් වගේ,මම එහෙම කියන්නෙ රොකීට තියන පුදුමාකරා healing factors හෙවත් සුව වීමේ හැකියාව නිසා,ඒ අතින්නම් මූ දෙවෙනි වෙන්නෙ ඩෙඩ්පූල්ට විතරයි

පපුවටම වෙඩි තියලත් ආපහු පන එනවනෙ ඉතිං ,ගැම්මක්ම තමයි

රොකීගෙ මුලු ලෝකෙම තමන්ගෙ මැරිච්ච අම්ම

හැබැයි ඌට තාත්තනම් බල්ලෙක් තරම්වත් වටින්නෙ නෑ. රොකී බයියා මේ හැමමගුලක්ම කරල අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත බිල්ලට දීල රත්තරං පතල් හාරන්නෙ තමන්ගෙ අම්ම මැරෙන්න කලින් කරපු ඉල්ලීම ඉටු කරන්න

හැබැයි උගේ අම්මගෙ ආසාව වෙනුවෙන් තව දහස්ගානක් අම්මලගෙ ලමයි නැති උනාට ගාණක් නෑ

අම්මගෙම පුතෙක් තමයි ඌනම්. කතාව ගැන කියද්දි අමතක කරන්නම බැරි චරිතයක් තමයි අදිරා(කදිරා නෙමෙයි හොඳේ) දැකපු පලවෙනි වතාවෙනම් හිතුවෙ මේ වයිකින්ස් සීරීස් එකේ රැග්නා ලොත්බ්‍රෝක් කියල,හැබැයි පස්සෙ තමයි දැනගත්තෙ මූ ඊටත් වඩා සුපිරි බල ගොඩක් තියන කලනොහැක්කක් නොමැති (හැබැයි රඟපාන්නනම් බෑ

) ඩයල් එකක් කියල,පෙනුම වගේම මූ හැදිල වැඩිල පුහුණු වෙලා තියෙන්නෙ වයිකිංල එක්කලු,හැබැයි ඌව පුරුදු කරන්න 1900 ගණන්වල වයිකිංල හිටියද කියලනම් මම හරියට දන්නෙ නෑ

කිව්වත් වගේම මූට තියනව සුපිරි බල ගොඩක්, පලවෙනි එක තමයි සුපිරි ශක්තිය ,මූට තිය ශක්තිය කොච්චරද කිව්වොත් මුට පුලුවන් මිනිස්සු පුරවපු ජීප් හය හතක් යනකම්ම පාලමක් අල්ලගෙන ඉන්න

ඒ විතරක් නෙමෙයි මූ ගින්දරට පිච්චෙන්නෙත් නෑ

දැන්නම් ඉතිං සුපර් මෑන් op කියපු උන්ටත් රිදෙයි

අපේ රොකී බයියට වගේම මූටත් තියනව healing factors ,වෙඩි උණ්ඩ පවා මූව දැක්කම හැරිල ගිහිං වටේ උන්ට වදිනව (ss පහල ඇත).කොටින්ම මූට RPG එකකින් තිබ්බත් මැරෙන්නෙ නෑ

හැබැයි කොච්චර දරුණු උණත් මූ හිත හොඳ එකා ,(එක්කො මූ අපේ රොකී බයියට සමරිසි ආදරයක්වත් තියෙද දන්නෙ නෑ

) මූ ප්‍රදාන හතුර උණත් රොකියව මරන්නනම් අදහසක් නෑ.ඔලුවට වෙඩි තියන්න චාන්ස් එක තිබිලත් රොකීගෙ ඇඟ වටෙන් ගිහින් රොකීගෙ ගෑනිට වෙඩි තියපු එකෙන්ම ඒක පැහැදිලියි,අනික මූ කඩුවෙ කැපෙන පැත්තට වඩා පාවිච්චි කරන්නෙ කඩුවෙ මිට

කොහොම උණත් මුගේ කඩුවනම් බොහොම බාල එකක්,මොකද රොකියා ඒක කඩන්නෙ මිටියකින් ගහල

ආපහු කතාව පැත්තට හැරුනොත්,රොකී බයියටත් විජේ කුමාර්(කොටිය)ට වගේ ගුරුත්වාකර්සනේ පාලනය කරන්න පුලුවන්.මුගේ ඉදිරියේ ගම්‍යතා සංස්තිති නියමය පවා සෙලවෙන මනස බවට පත් වෙනව.

අනික මම මේකෙ ආසම කෑල්ලක් තමයි රත්වෙච්ච තුවක්කු බටේකින් සිගරට් එකක් පත්තු කරන සීන් එක

මීට අමතරව කුඹුරු මැද වැඩ ඔක්කොම අතෑරල සින්දු කියනව වගේ අතාත්වික සිද්දි ගොඩක් තිබ්බ(කමක් නෑ ඉන්දියාවෙනේ) මේකෙ ඉන්න මැරයො උණත් තුවක්කුවෙන් වෙඩි තියනවට වඩා බඳෙන් ගහල මරන්න තමයි වැඩි ඇල්මක් දක්වන්නෙ

මීට අමතරව කතාව්ව් ප්ලොට් එක ගත්තොත් තනිකරම ප්ලොට් හෝල් පිරුණු පෙනේරයක් වගේ.කතාවෙ තිබ්බ එකම හොඳ දේ මියුසික් කිව්වොත් නිවැරැදි

BGM නම් සුපිරි ඇත්තටම.තවත් හොඳ දේකට තිබ්බනම් මේකෙ තිබ්බ ඇතැම් සුපිරි දෙබස්(වදන්නම් වදන් ඉතිං ,මට ඒව ඇහෙද්දි මතක් උනේ අපේ ජාලෙ අයියලගෙ වදන් තමයි ක්ක්ක්ක්) මේ කතාවෙන් අපට දෙන පණිවිඩේ තමයි නරම අම්මකෙනෙක්ගෙ ආත්මාර්තාමී වචන නිසා ලස්සනට ජීවත් වෙන්න පුලුවන් තමන්ගෙ දරුව උණත් අකාලයේ බල්#ක් වගේ මැරෙන්න පුලුවන් කියන එක

ඒක නිසා මම හැම අම්ම කෙනෙක්ටම මේක ආදර්ශමත් කතාවක් වෙයි කියල හිතනව. අවසාන වශයෙන් මේක කොච්චර cringe overrated garawac උණත් ලඟදි ආපු majikal mastapis එකට වඩානම් හොඳයි


ඒකනිසා මම මේකට 6.00001/10 ක් දෙනව

හෑල්ල කියවපු ඔබ ෂැමට ඉෂ්තුතියි

ඔබගේ හය හතර නොදත් ඉන්දියන් චිත්‍රපට රසික මිතුරාවත් මෙන්ශන් කරන්න අමතක නොකරන්න


.